Skip to content
සූරා ලැයිස්තුව /

القَدر

القَدر is chapter 97 of the Quran and has 5 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

5 වැකි සූරා අංකය 97
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةِ ٱلۡقَدۡرِ

නියත වශයෙන් ම අපි එය බලගතු රාත්‍රියෙහි පහළ කළෙමු.

وَمَآ أَدۡرَىٰكَ مَا لَيۡلَةُ ٱلۡقَدۡرِ

තවද බලගතු රාත්‍රිය කුමක් ද? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

لَيۡلَةُ ٱلۡقَدۡرِ خَيۡرٞ مِّنۡ أَلۡفِ شَهۡرٖ

බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.

تَنَزَّلُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذۡنِ رَبِّهِم مِّن كُلِّ أَمۡرٖ

මලක්වරු හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වෙති.

سَلَٰمٌ هِيَ حَتَّىٰ مَطۡلَعِ ٱلۡفَجۡرِ

ශාන්තියයි! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.