عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Fon Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Türkmen - Turkmen Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්‍රතිඵල පෙරන්න
කාඩ්පත් 838
التصنيف الشرعي
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්‍රන්ථය
ඉතිරි මූලාශ්‍ර පෙන්වන්න
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (234)
"අල්ලාහ්ගේ ගැත්තනියන් අල්ලාහ්ගේ මස්ජිදවලට යාමෙන් වැළැක්වීමට උත්සාහ නොකරන්න. සුවඳ විලවුන් ආලේප කිරීමෙන් තොරව (මස්ජිදයට) යා හැකිය."
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
التصنيف الشرعياللباس والزينة، فقه المرأة المسلمة، أحكام المساجد
“ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ නින්දෙන් අවදි වූ විට, ඔහු නාසය තුන් වරක් පිරිසිදු කර ගනිත්වා. හේතුව සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ නාස්පුඩුවෙහි රාත්‍රිය ගත කරනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
التصنيف الشرعيصفة الوضوء
"සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සෑම රාත්‍රියකම තම නිදියහනට පැමිණි විට තම දෙඅත් එකතු කර ගනියි. පසුව එහි පිඹ ඒ දෙකෙහි "කුල් හුවල්ලාහු අහද්", "කුල් අඌදු බිරබ්බිල් ෆලක්" හා "කුල් අඌදු බිරබ්බින් නාස්" යන දෑ පාරායනය කරයි. පසුව ඒ දෙකින් තම ශරීරය හැකිතාක් පිරිමදියි. එතුමාණන්ගේ හිස මුහුණ සහ ශරීරයේ ඉදිරි කොටස්වලින් එය ආරම්භ කරයි. එය තුවරක් සිදු කරයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
التصنيف الشرعيالرقية الشرعية وأحكامها، آداب النوم والاستيقاظ، فضائل السور والآياتموضوعات الحديثأذكار النوم، فضائل السور والآيات
"මස්ජිද්වල මිනිසුන් එකිනෙකා අලංකාරය ප්‍රදර්ශනය කර ගන්නා තෙක් අවසන් හෝරාව පැමිණෙන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, නසාඊ හා ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
التصنيف الشرعيأحكام المساجد
"අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙනත් දිනවල උනන්දුවෙන් කටයුතු නො කළ ආකාරයට අවසන් දින දහයේ උනන්දුවෙන් යුතුව කටයුතු කරන්නට වූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
التصنيف الشرعيالعشر الأواخر من رمضان
"විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඒවා මොනවාද?" යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: "අල්ලාහ්ට ආදේශ තැබීම, මන්ත්‍ර ගුරුකම්වල නිරත වීම, යුක්තියෙන් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීම, පොළිය අනුභව කිරීම, අනාථයින්ගේ වස්තුව අනුභව කිරීම, යුදමය දිනයක යුද පිටියෙන් පලා යෑම, නිර්මල දේව විශ්වාසී නිහතමානී කාන්තාවන්ට අවලාද නැගීම ය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
التصنيف الشرعيالربا، الأخلاق الذميمة، ذم المعاصي، الشركموضوعات الحديثالربا، قتل النفس، الزنا، قذف المحصنات، أكل مال اليتيم، قذف المحصنات، السحرمحاور التعريف بالإسلامبطلان الشرك وصوره
කවරෙකුට සලාතයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කළ යුතුය. එයට එය හැර වෙනත් ප්‍රතිකර්මයක් නැත. "මා සිහිපත් කරනු පිණිස සලාතය ඉටු කරනු" (තාහා: 14)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
التصنيف الشرعيوجوب الصلاة وفضلها وحكم تاركها، أخطاء المصلين، صلاة أهل الأعذارموضوعات الحديثتأخير الصلاة عن وقتها، مكانة الصلاة وفضلها، صلاة أهل الأعذار
"උක්ල් හෝ උරයිනා (ගෝත්‍රයේ) මිනිසුන් පිරිසක් පැමිණියෝය. මදීනාවේ කාලගුණය ඔවුනට ගැළපුනේ නැත. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔටු කිරි දොවන්නෙකු කැඳවා උන්ගේ මූත්‍රා හා උන්ගේ කිරි පානය කරන්නට දෙන මෙන් නියෝග කළහ. පසුව ඔවුහු එහි ගියහ. ඔවුහු නිරෝගීභාවය ලැබූ කල්හි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ එඬේරාව මරා දමා සියලුම ඔටුවන් දක්කාගෙන ගියහ. දහවල් ආරම්භයේ මෙම පුවත පැමිණි විට, ඔවුන් පසුපසින් ලුහුබැද යන්නට පිරිසක් යැවූ අතර මධ්‍යහ්න වන කල්හි, ඔවුන්ව රැගෙන එන ලදී. පසුව ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද කපා දැමීමට එතුමාණෝ නියෝග කළහ. ඔවුන්ගේ ඇස්වලට හංවඩු ගසා හිරු අව්වට දමන ලදී. ඔවුන් ජලය ඉල්ලා සිටිය ද ඔවුනට එය සපයනු ලැබුවේ නැත. අබූ කිලාබා තුමා මෙසේ පැවසීය: මොවුන් සොරකම් කර ඇත. ඝාතනය කර ඇත. මොවුන් දේවත්වය විශ්වාස කළ පසු එය ප්‍රතික්ෂේප කර ඇත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් කර ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
التصنيف الشرعيالطب النبوي، حد قطاع الطريق، حد الردة