Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 116 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (57)
“සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු නියම අයුරින් පවරා විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
“නුඹලාගේ පරමාධපතියාණන් වන අල්ලාහ් පිළිබඳ හැඟීමෙන් කටයුතු කරනු. නුඹලාට නියම වූ පංචකාල සලාත් ඉටු කරනු. නුඹලාට නියම වූ මාසයේ උපවාසයේ නිරත වනු. නුඹලාගේ සම්පත් සඳහා සකාත් ඉටු කරනු. නුඹලාගේ කටයුතු භාර උදවියට අවනත වනු. නුඹලාගේ පරමාධිපතිගේ ස්වර්ගයට නුඹලා පිවිසෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"දත් මැදීම කට පිරිසිදු කරන්නකි. පරමාධිපතිගේ තෘප්තිය ගෙන දෙන්නකි."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අන් නසාඊ සහ අහ්මද් යන ඉමාම්වරුන් වාර්තා කර ඇත.
"... තවද සාපරාධී ලෙසින් එහි කෙලසීමට කවරෙකු සිතන්නේ ද එවැනි ඔහුට වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි සලස්වමු." (අල්-හජ්: 25) යන සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එතුමා මෙසේ පැවසූහ: "සැබැවින්ම මිනිසෙකු එහි සාපරාධී කටයුත්තක් කරන්නට සිතුවේ ද ඔහු අද්න් හි එය සිතුව ද අල්ලාහ් ඔහුට වේදනීය දඬුවමක් විඳින්නට සළස්වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අහ්මද් හා හාකිම් විසින් වාර්තා කොට ඇත.
"කවර හෝ කාන්තාවක් ඇයගේ භාරකරුවාගේ අනුමැතියෙන් තොරව විවාහ වූවා ද ඇයගේ විවාහය වලංගු නැත යැයි තුන්වරක් පවසා, ඇය සමග පහස විද ඇති බැවින් ඇයට පිරිනමන ලද විවාහ ත්‍යාගය ඇය සතු වේ. භාරකරුවන් ගැටලු ඇති කර ගත්තේ නම් භාරකරුවකු නොමැති වන අයට භාරකරු වනුයේ පාලකයා ය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබෙන් හැර වෙනත් කිසිවකුගෙන් මා අසා නැති ඉස්ලාමයේ ප්‍රකාශයක් මා හට පවසන්නැයි මම පවසා සිටියෙමි. එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය මුස්ලිම් සහ අහ්මද් වාර්තා කර ඇත.
"ඔබේ මුදලින්, ඔබේ ජීවිතයෙන් හා ඔබේ දිවෙන් මිථ්‍යාදෘෂ්ටික බහුදේව වාදීන්ට එරෙහිව අරගල කරනු."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, නසාඊ හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"හජ් හා උම්රා ඉටු කරන්න. සැබැවින්ම උදුන, යකඩ රන් හා රිදී වල ඇති කිලිටි ඉවත් කරන්නාක් මෙන් ඒ දෙක දිළිඳුකම හා පාපය ඉවත් කරනු ඇත. පිළිගනු ලබන හජ් වන්දනාවට ස්වර්ගය මිස වෙනත් කුසලක් නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදී, අන් නසාඊ සහ අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.