Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 52 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"මාගේ තටාකය මසක ගමන් කරන දුරකි. එහි ජලය කිරි පැහැයට වඩා සුදුවන් වේ. එහි සුගන්ධය කස්තූරියට වඩා සුවඳැති වේ. එහි ගුරුලේත්තු අහසේ තරු මෙන් පවතී. කවරෙකු ඉන් පානය කළේ ද ඉන් පසු ඔහුට කිසිදා පිපාසය ඇති වන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මෙම කරුණ රාත්‍රිය හා දහවළ ළඟා වන සෑම තැනකටම පැතිරී යනු ඇත. මැටි ගඩොලින් තැනූ කිසිදු නිවසක් හෝ ‌ඔටු හමින් තැනූ කිසිදු නිවසක් හෝ අල්ලාහ් එහි මෙම දහම ප්‍රවේශ කරනු මිස නැත. එය බලවත් ගෞරවයකින් හෝ අපහාසාත්මක නින්දාවකින් හෝ සිදු වනු ඇත. ගෞරවයයි, එමගින් අල්ලාහ් ඉස්ලාමය උසස් කරයි. අවමානයයි, එමගින් අල්ලාහ් දේව ප්‍රතික්ෂේපය නින්දාවට පත් කරයි. තමීම් අද්-දාරී තුමා මෙසේ පවසා සිටියේය. මම ඒ ගැන මාගේ නිවැසියන් අතරින් දැන ගත්තෙමි. ඔවුන් අතර කිසිවකු හෝ ඉස්ලාමය වැළඳ ගත්තේ ද ඔහුට යහපත, ගෞරවය හා ශ්‍රේෂ්ඨත්වය නියම විය. එමෙන්ම ඔවුන් අතර කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුට නින්දාව, අපහාසය හා ජිස්යා බද්ධ නියම විය."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
"ජනාසාව (මළ දේහය) තබනු ලැබ පිරිමින් ඔවුන්ගේ කර මත එය උසුලාගෙන යන විට එය යහපත් නම් එය මෙසේ පවසනු ඇත. "මාව ඉක්මන් කරන්න" එය යහපත් නොවී නම්, එය මෙසේ පවසනු ඇත. "අහෝ විනාශය! ඔවුන් මෙය ගෙන යන්නේ කොයිබට ද?" මිනිසා හැර සෙසු සියලු දෑ එහි හඬට සවන් දෙනු ඇත. මිනිසා එයට සවන් දුන්නේ නම්, ඔහු කම්පනයට පත්වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත; සැබැවින්ම මුහම්මද් තුමා ඔහුගේ ගැත්තකු හා දූතයකි; ඊසා නොහොත් ජේසු තුමා අල්ලාහ්ගේ ගැත්තෙකි. ඔහුගේ දූතයෙකි. එතුමා මර්යම් වෙත හෙළූ ඔහුගේ වදනය. ඔහුගෙන් වූ ප්‍රාණයය; ස්වර්ගය සැබෑවකි; නිරය සැබෑවකි යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්‍රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.