Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 49 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම්වලට ඉහළින් මාගේ ප්‍රජාව අතරින් මිනිසෙකු වෙන් කර හඳුනා ගනු ඇත. ඔහු වෙත ලේඛන අනූ නවයක් දිග හැර තබනු ලැබේ. සෑම ලේඛනයක්ම ඇසට පෙනෙන දුරින් තිබේ. පසුව ඔහු: "ඔබ මේ කිසිවක් ප්‍රතික්ෂේප කරනවාද? මෙය සටහන් කළ අය ඔබට අසාධාරණයක් කර තිබේ ද?" යැයි විමසයි. එවිට ඔහු: "නැත, මාගේ පරමාධිපතියාණනි," යැයි පිළිතුරු දෙයි. ඔහු: "ඔබට නිදහසට කරුණක් තිබේ ද?" යැයි පවසයි. ඔහු: 'නැත, මාගේ පරමාධිපතියාණනි,!' යැයි පිළිතුරු දෙයි. එවිට ඔහු: "එසේ නම්, ඔබ වෙනුවෙන් අප සතුව යහපතක් ඇත. එබැවින් අද ඔබට අසාධාරණයක් සිදු නොවනු ඇත." යැයි පවසයි. ඉන්පසු බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ. එහි අෂ්හදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම සැබැවින්ම මුහම්මද් තුමාණෝ ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බව මම සාක්ෂි දරමි.) යැයි සඳහන්ව ඇත. ඔහු: "ඔබේ තරාදිය රැගෙන එන්න" යැයි පවසයි. ඔහු: "අහෝ මාගේ පරමාධිපතියාණනි, මේ ලේඛන සමග ඇති මේ බලපත්රය කුමක්ද? යැයි විමසයි. ඔහු: ඔබට අසාධාරණයක් සිදු නොවේ" යැයි පවසයි. "ලේඛන එක් තට්ටුවක තබනු ලැබේ. බලපත්රය (අනෙක්) තට්ටුවේ තබනු ලැබේ. ලේඛන සැහැල්ලු වේ. බලපත්රය බර වේ. අල්ලාහ්ගේ නාමය සමග කිසිවක් බරින් වැඩි වන්නේ නැත." යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
"මාගේ සමූහයාගේ අවසන් කාලයේ නුඹලා හෝ නුඹලාගේ මුතුන්මිත්තන් හෝ සවන් නොදුන් දෑ නුඹලාට පවසා සිටින පිරිසක් මතු බිහිවනු ඇත. එබැවින් නුඹලා වැළකී සිටිනු. ඔවුන් ද වැළකී සිටිය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කිසිදු නබිවරයකු තම සමූහයාට දජ්ජාල් ගැන නො පැවසූ කරුණක් මා ඔබට පවසා සිටිය යුතු නොවේ ද? සැබැවින්ම ඔහු එක් ඇහැක් අන්ධ අයෙකි. ස්වර්ගයට හා අපා ගින්නට සමාන දෑ ඔහු රැගෙන එයි. නමුත් සැබැවින්ම එය ස්වර්ගය යැයි ඔහු පවසන දෑ නිරය වේ. නූහ් තුමා තම ප්‍රජාවට ඔහු ගැන අවවාද කර සිටියාක් මෙන් මම ද ඔබට අවවාද කරමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මරිය තුමියගේ පුත් (ජේසුස්) නුදුරේදීම ඔබ අතර සාධාරණ පාලකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසය කඩා, ඌරන් මරා, ජිසියා (මුස්ලිම් නොවන අයගෙන් ලබාගත් බද්ද) අහෝසි කරනු ඇත. එවිට මුදල් බහුල වන අතර කිසිවකු පුණ්‍යාධාර භාර නො ගනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ගැත්තෙකුගෙන් තම ආයු කාලය ගැන, එය කවර කරුණක ඔහු ගත කළේ යැයි ද, ඔහුගේ දැනුම ගැන, එය කවර විෂයක ක්‍රියා කෙරෙව්වේ යැයි ද, ඔහුගේ ධනය ගැන, එය කොතැනක සිට ඉපැයුවේ ද, කවර විෂයක වියදම් කළේ යැයි ද ඔහුගේ ශරීරය ගැන, එය කවර විෂයක වැය කළේ යැයි ද විමසනු ලබන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ දෙපා ඉවත්ව නොයන්නේමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
“මුස්ලිම්වරයා මිනීවල තුළ ප්‍රශ්න කරනු ලබන විට ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් සාක්ෂි දරයි." එහි උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය මෙසේය: “විශ්වාස කළවුන් ස්ථාවර ප්‍රකාශය තුළින් මෙලොව ජීවිතයේ මෙන්ම මතුලොවෙහි ද අල්ලාහ් තිරසාර කරනු ඇත.” (ඉබ්‍රාහීම්: 27)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අල්ලාහ් පෘථිවිය අල්ලා ගනියි. ඔහුගේ දකුණු අතින් අහස් තුනී කර දමයි. පසුව ඔහු "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි විමසයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කාලය පටු වන තෙක් අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ. එවිට වසර මාසය මෙන් වනු ඇත. මාසය සතිය මෙන් වනු ඇත. සතිය දිනය මෙන් වනු ඇත. දිනය හෝරාව මෙන් වනු ඇත. හෝරාව ඉඳි කොළයක් පිළිස්සී යන්නාක් මෙන් වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.