Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 16 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"කාන්තාවක් තම පාලකයා බවට පත් කරගන්නා ජනතාවක් කිසිදා සාර්ථක නොවනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉබ්නු අල්-ලුත්බියා නම් මිනිසෙකු සුලෙයිම් ගෝත්‍රයේ සකාත් එකතු කරන්නෙකු ලෙස සේවයේ යෙදවීය. ඔහු ගණන් හිලව් කිරීමට ආපසු පැමිණි කල්හි, මෙසේ පැවසීය: "මෙය ඔබලා සතුය. මෙය මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී." එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: “ඔබ සත්‍යවාදී නම්, ඔබේ තෑග්ග ඔබ වෙත පැමිණෙන තෙක් ඔබ ඔබේ පියාගේ සහ මවගේ නිවසේ රැඳී නො සිටියේ මන්ද?” පසුව එතුමාණෝ අප වෙත දේශනාවක් කළහ. අල්ලාහ්ට ප්‍රශංසා කිරීමෙන් හා පැසසුම් කිරීමෙන් පසු, මෙසේ පැවසූහ: "අල්ලාහ් මට පවරා ඇති අධිකාරියේ කොටසක් ලෙස, සේවය කිරීම සඳහා මම ඔබ අතරින් මිනිසෙකු යොදවා ගත්තෙමි. ඔහු පැමිණ මෙසේ කියයි: 'මෙය ඔබලා සතුයි. මෙය මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී. ඔහුට තෑගි ලැබේදැයි බැලීමට ඔහු තම පියාගේ හෝ මවගේ නිවසේ රැඳී නොසිටියේ ඇයි? අල්ලාහ් මත දිවුරමින්! ඔබගෙන් කෙනෙකු අයුතු ලෙස යමක් ගන්නේ නම්, ඔහු නියත වශයෙන්ම විනිශ්චය දිනයේදී එය දරාගෙන සර්වබලධාරී අල්ලාහ් හමුවනු ඇත. එසේ ඔබ අතරින් කෙනෙකු අල්ලාහ් හමුවන්නේ, කෑ ගසන ඔටුවෙකු හෝ කෑ ගසන එළදෙනක් හෝ කෑ ගසන බැටළුවෙකු රැගෙන බව මම නිසැකවම දනිමි. ඉන්පසු, එතුමාණන්ගේ කිහිලිවල සුදු පැහැය අපට පෙනෙන තෙක් දෑත් ඔසවා “අහෝ දෙවිඳුනි! මම (ඔබේ පණිවිඩය) ප්‍රකාශ කර තිබේ ද? මාගේ දෑසේ බැල්ම හා මාගේ දෙකන්හි ශ්‍රවණය සහතිකය." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් ඇය සමග සිටිය දී එතැනින් හව්ලා බින්ත් තුවෙයිත් ඉබ්නු හබීබ් ඉබ්නු අසද් ඉබ්නු අබ්දිල් උස්සා තුමිය ගමන් ගත්තාය. එවිට මම: 'මේ තුවෙයිත්ගේ දියණිය හව්ලා. රාත්‍රියේ ඇය නින්දට නොයන බව ඔවුන් පවසති.' යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "රාත්‍රියේ ඇය නින්දට නොයන්නේ ද! ඔබ ඔබට හැකි ක්‍රියාවන් පිළිපදින්න. ඔබ බලාපොරොත්තු සුන් කර ගන්නා තෙක් අල්ලාහ් බලාපොරොත්තු සුන් කර ගන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ගැත්තා රෝගාතුර වූ විටෙක හෝ ගමනක නිරත වූ විටෙක, ඔහු නිරෝගීව හා පදිංචිව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියාවන්ට සමාන දෙයක් ඔහුට නියම කරනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබනු ඇත. ජනතාවට නායකත්වය දරණ නායකයා මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. මිනිසා තම නිවැසියන් මත මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ නිවස හා ඔහුගේ දරුවා මත මෙහයවන්නියකි. ඇයගේ මෙහෙයවීම ගැන ඇය ප්‍රශ්න කරනු ලබනු ඇත. සේවකයා තම ස්වාමියාගේ දේපළ මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. ඒ අනුව නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙක් බවත් නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබන බවත් දැනගත යුතුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම, ධෛර්‍යමත් හා වෙහෙසකාරී අවස්ථාවන්හි, අප මත යම් බලපෑමක් ඇති වුව ද සවන් දීමටත් අවනත වීමටත් අපි අල්ලාහ්ගේ දූතයාණන් හට ප්‍රතිඥා දුන්නෙමු. අදාළ කටයුත්ත විෂය භාර උදවියගෙන් ඉවත් නොකරන බවටත් අප කොතැනක සිටියත් සත්‍යය ප්‍රකාශ කරන බවටත් අල්ලාහ් විෂයයෙහි දොස් නගන කිසිවකුගේ දොසකට බිය නොවන බවටත් (අපි එතුමාණන්ට ප්‍රතිඥා දුන්නෙමු.)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මිනිසාගෙන් වූ සෑම පුරුකකටම හිරු උදාවන සෑම දිනකම ඒ සඳහා දිය යුතු දානයක් ඇත දෙදෙනෙකු අතර සමතය කිරීම දානයකි. මිනිසකුට තම වාහනයේ ඔහුව නංවාගෙන හෝ ඒ මත ඔහුගේ බඩුබාහිරාදිය පටවා ගෙන හෝ ඔහුට ප්‍රවාහන පහසුකම් සැලසීම ද දානයකි. ප්‍රිය වචනය ද දානයකි. සලාතය වෙත ගමන් කරන සෑම පියවරක්ම දානයකි. මාර්ගයේ ඇති හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවර හෝ ගැත්තෙකුට අල්ලාහ් යටත් වැසියන් පාලනය කිරීමට සළස්වා, ඔහු මිය යන දින ඔහුගේ යටත් වැසියන් රවටා සිටි තත්ත්වක මිය යන්නේ නම්, අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කරනු මිස වෙනත් කිසිවක් නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.