عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (12)
අනිවාර්යය සෑම සලාතයක මෙන්ම රමළාන් හා අනෙකුත් මාසවල ඉටු කරනු ලබන සෙසු සලාත්වල ද එතුමා තක්බීර් පවසන්නෙකු විය. ඒ අනුව එතුමා නැගී සිටින විට තක්බීර් පවසයි, පසුව රුකූ කරන විට ද තක්බීර් පවසයි. පසුව සමිඅල්ලාහු ලිමන් හමිදා යනුවෙන් පවසයි. සුජූද් කිරීමට පෙර රබ්බනා වලකල් හම්දු යැයි පවසයි. පසුව සුජූද් කිරීම සඳහා නැවෙන විට අල්ලාහු අක්බර් යැයි පවසයි. සුජූද්හි සිට තම හිස ඔසවන විට ද තක්බීර් පවසයි. පසුව නැවතත් සුජූද් කරන විට තක්බීර් පවසයි. සුජූද්හි සිට තම හිස ඔසවන විට ද තක්බීර් පවසයි. දෙවන රකආතයේ ඉඳුමෙන් නැගිටින විට ද තක්බීර් පවසයි. එලෙස සලාතය අවසන් වන තුරුම සෑම රකආතයකම සිදු කරයි. පසුව හැරී මෙසේ පවසයි: මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින්ම මෙලොවින් සමුගන්නා තෙක් තම සලාතයේ ක්රමය මෙලෙසම වී නම්, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතයට සමාන වීමෙන් නුඹලාට වඩා සමීපයෙන් සිටිමි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ෂෙයිතාන් මගේ යාච්ඤාවෙන් සහ මගේ පාරායනය කිරීමෙන් මාව වැළැක්වීය, එය මා ව්යාකූල කිරීමට හේතු විය.' යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්): "එය ' හිඃන්දබ්' නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබට ඔහුව දැනෙන්නේ නම්, ඔහුගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට තුන් වරක් කෙළ ගසන්න." යැයි පැවසූහ. ඔහු: 'මම එය සිදු කළෙමි. අල්ලාහ් ඔහුව මගෙන් පහ කළේය.' යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"නුඹලා සලාතය ඉටු කරන විට, නුඹලාගේ පේළී කෙළින් සකසා ගන්න. පසුව ඔබ අතරින් කිසිවෙකු හෝ එය මෙහයවීම සඳහා පත් කර ගන්න. ඔහු අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට, නුඹලා ද තක්බීර් පවසන්න. ඔහු "ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්ළාල්ලීන්" (අල්-ෆාතිහා: 7) පැවසූ විට, නුඹලා 'ආමීන්' යැයි පවසන්න. අල්ලාහ් නුඹලාට පිළිතුරු දෙනු ඇත. ඔහු තක්බීර් පවසා රුකූඋ කළ විට නුඹලා ද තක්බීර් පවසා රුකූඋ කරන්න. සැබැවින්ම ඉමාම් නුඹලාට පෙර රුකූඋ කරයි. නුඹලාට පෙර ඉහළට පැමිණෙයි." තවදුරටත් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "එය ඒ අයුරින් විය යුත්තකි.' යැයි පැවසූහ. ඔහු 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට නුඹලා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු' යැයි පවසන්න. නුඹලා වෙනුවෙන් අල්ලාහ් සවන් දෙනු ඇත. සැබැවින්ම තමන්ට ප්රශංසා කරන්නාට අල්ලාහ් සවන් දෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මුවින් දන්වා ඇත. ඔහු තක්බීර් පවසා සුජූද් කළ විට නුඹලා ද තක්බීර් පවසා සුජූද් කරන්න. සැබැවින්ම ඉමාම් නුඹලාට පෙර සුජූද් කරයි. නුඹලාට පෙර ඉන් ඉහළට පැමිණෙයි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් එය එමගින්ම විය යුතුය. ඉඳුමෙහි සිටින විට නුඹලා අතරින් කිසිවකු පවසන පළමු ප්රකාශ විය යුත්තේ "අත්-තහිය්යාතුත් තය්යිබාතුස් සලවාතු ලිල්ලාහි, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යන්නයි.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සලාතය ආරම්භ කරන විට ද රුකූඋ සඳහා අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට ද තම දෑත් තම උරහිස ට සමාන්තර ව ඔසවන්නෙකු වූහ. රුකූඋවෙහි සිට තම හිස ඔස වන විට ද එලෙසම එතුමා තම දෑත් ඔසවා සමිඅල්ලාහු ලිමන් හමිදා රබ්බනා වලකල් හම්දු යැයි පැවසූහ." එතුමා සුජූද්හි එලෙස සිදු නො කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රුකූඋහි සිට එතුමාණන්ගේ පිට ඔසවා ගත් විට "සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පවසා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු මිල්අස් සමාවාති වමිල්අල් අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල් කුර් ආනයේ සූරාවක් මට උගන්වනවාක් මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට තෂහ්හුද් ඉගැන් වූහ. - එවිට මාගේ අත එතුමාණන්ගේ අත් දෙක අතර විය.- එනම්: "අත්තහයියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යන්නෙනි. තවත් ප්රකාශයක: "සැබැවින්ම අල්ලාහ් ශාන්තිය වේ යැයි පවසා නුඹලා අතරින් කිසිවකු හෝ සලාතයේදී වාඩි වූ විටෙක, ඔහු මෙසේ පැවසිය යුතුයි: "අත්තහයියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්" -ඔහු එය පැවසූ විටෙක, අහස්හි හා මහපොළොවේ සිටින සෑම දැහැමි ගැත්තෙකුහටම එය හිමි වනු ඇත.- අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" පසුව ඔහු කැමති දේ ඉල්ලීම සඳහා ඔහුට නිදහස ලබයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මස්ජිදයට පිවිසුණහ. එවිට මිනිසෙක් පැමිණ සලාත් ඉටු කර, පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා ආචාර කළේය. එවිට ඒ සඳහා පිළිතුරු දී එතුමාණෝ, "ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත" යැයි පවසා සිටියහ. පසුව ඔහු ආපසු හැරී ගොස් පෙර සලාත් ඉටු කළ සේම සලාත් ඉටු කර පැමිණ, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා ආචාර කළේය. එවිට එතුමාණෝ, "ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත" යැයි තුන්වරක්ම පවසා සිටියහ. එවිට මිනිසා මෙසේ කීවේය. "ඔබව සත්යය සමඟ එවූ තැනැත්තා මත දිවුරා පවසමි! මට ඊට වඩා මනා ලෙස ඉටු කළ නොහැක. (මා නොදනිමි) ඒ නිසා මට උගන්වන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ සලාත් සඳහා නැගී සිටින විට අල්ලාහු අක්බර් යැයි පවසා තක්බීර් පවසන්න. ඉන්පසු ඔබ සමග ඇති පහසු අල්-කුර්ආන් පාඨ කිහිපයක් පාරායනය කරන්න. පසුව රුකූ ඉරියව්වෙහි තැන්පත් වන තුරු රුකූඋ කරන්න. පසුව ඔබ කෙළින් සිටගෙන සිටිනා තුරු නැගී සිටින්න. පසුව සුජූද්හි ඔබ තැන්පත් වන තුරු සුජූද් කරන්න. ඉන්පසු (හිස) ඉහළට ඔසවා ඔබ ඉඳුමෙහි තැන්පත්වන තුරු වාඩිවෙන්න. මෙය ඔබේ සලාතය පුරාම සිදු කරන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ෆජ්ර් සලතයේ රකආත් දෙකෙහි "කුල් යා අය්යුහල් කාෆිරූන්..." සහ "කුල් හුවල්ලාහු අහද්..." යන සූරා දෙක පාරායනය කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.