Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ඔබ අතරින් කවරෙකු ජුමුආ සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්නානය කළ යුතුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ එතුමාව මදීනාවෙහි එක් වීදියක දී මුණ ගැසුණහ. එවිට ඔහු ජනාබත් තත්ත්වයේ පසු වූ බැවින් ඔහු එතුමාණන්ගෙන් සෙමින් ඈත් වී ගොස්, ස්නානය කර ගත්තේය. එවිට එතුමාණෝ ඔහුව සොයන්නට වූහ. ඔහු එතුමාණන් වෙත පැමිණි කල්හි, එතුමාණෝ: “ඕ අබූ හුරෙයිරා!” ඔබ කොහේ සිටියේ දැ?”යි විමසූහ. "ඕ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ මා මුණ ගැසුණේ මම ජනාබත් තත්ත්වයේ සිටිය දීය. එහෙයින්, මා ස්නානය කරන තෙක් ඔබ සමග අසුන් ගන්නට මම අකමැති වූයෙමි.’ යැයි කීහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: “සුබ්හානල්ලාහ් ! (අල්ලාහ් අති පිවිතුරුය.) සැබැවින්ම මුඃමින්වරයෙකු අපිරිසිදු නො වන්නේය” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු ජනාබත් හෙවත් (මහා කිල්ලෙන්) අනිවාර්යය වන ස්නානය, ජුමුආ දිනයේ ස්නානය කොට පසුව ආරම්භක වේලාවේ උදෑසනම (ජුමුආ කටයුතු සඳහා) පිය නැගුවේ ද ඔහු ඔටුවකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු දෙවැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු ගවයෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු තුන්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බැටළුවෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු සිව්වැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු කුකුලෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු පස්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බිත්තරයක් පිළිගැන්වූවාක් මෙන් වන්නේය. ඉමාම් (මින්බරය වෙත) පිටත්ව ගිය විට එම දෙසුම සවන් දෙන්නට මලක්වරුන් ද සහභාගී වෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සෑම මුස්ලිම්වරයකු කෙරෙහිම පැවරෙන වගකීම වනුයේ සෑම දින හතක් තුළම එක් දිනයක ස්නානය කිරීමය. එහි දී ඔහුගේ හිස හා ඔහුගේ ශරීරය ඔහු සෝදා හරියි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත (ජනාබත්) ස්නානය සඳහා මම ජලය ගෙනැවිත් එතුමාව වස්ත්‍රයකින් ආවරණය කළෙමි. එතුමාණෝ තම අත් දෙකට ජලය වක්කර ගෙන ඒ දෙක සෝදා ගත්හ. පසුව එතුමාණන් තම දකුණතින් තම වම් අතට ජලය වක්කර පසුව තම ලිගේන්‌‌ද්‍රිය සෝදා ගත්හ. පසුව තම අත පොළවෙ අතුල්ලා එය පිරිමැද එය සෝදා හැරයහ. පසුව කට කළත්වා පිරිසිදු කොට නාසයට ජලය යවා පිරිසිදු කොට තම මුහුණ හා තම අත් දෙක ද සෝදා ගත්හ. පසුව තම හිස මතට ජලය වක්කර තම ශරීරය පුරා ගලා යාමට සැලැස්වූහ. පසුව එතුමාණන්ගේ පාද දෙක සේදූහ. අනතුරුව මම ඇඳුමක් එතුමාණන්ට දුන්නෙමි. නමුත් එතුමාණන් එය ගත්තේ නැත. එතුමාණෝ තම අතින්ම ජලය පිස දැමූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජනාබත් තත්ත්වයෙන් (මිදීම සඳහා) ස්නානය කරන විට, එතුමාගේ අත් දෙක සෝදා, පසුව සලාතය සඳහා වුළූ ගන්නාක් මෙන් වුළූ ගෙන පසුව එතුමාණෝ ස්නානය කළහ. පසුව එතුමාණෝ තම සමට සේන්දු වුණු බවට සිතන තරමට අත් දෙකින් තම රෝම අතර හොදින් ඇතුල්ලූහ. එසේ තුන් වරක් ජලය ගලා යන්නට සැලැස්වූහ. පසුව තම සෙසු ශරීර කොටස් ද සෝදා ගත්හ. මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග එකම භාජනයකින් ස්නානය කර ඇත්තෙමි. අපි සෑම කෙනෙකුම ඉන් ජලය ඇද ගත්තෙමු.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.