Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 24 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමාණෝ: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා යහපත් ගතිගුණ වේ” යැයි පැවසූහ. තවදුරටත්, මිනිසුන් අධික ලෙස නිරයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි එතුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ: “කට හා ලිංගේන්ද්‍රි ය” යැයි පැවසූහ.
හසන් සහීහ් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
“කිසිවිටෙක මා දැක නැති නිරාවාසීන් අතරින් කණ්ඩායම් දෙකක් වෙති. හරක් වලිග මෙන් කස අතැතිව සිටින පිරිස්, ඔවුන් ඒවායින් ජනයාට පහර දෙති. අනෙක වස්ත්‍රයෙන් ආවරණය කළ ද නිරුවත්, නොමඟ වෙත කැඳවන, නොමග වෙත නැඹුරුව සිටින කාන්තාවෝය. ඔවුන්ගේ හිස් 'බුක්ත්' වර් ගයේ ඔටු මොල්ලි මෙන් පවතී. ඔවුන් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එහි සුවඳ ලබන්නේ ද නැත. සැබැවින්ම එහි සුවඳ මේ මේ තරම් දුරින් ලබනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මා වෙත ස්වර්ගය හා නිරය පෙන්වන ලදී. යහපත හෝ අයහපත ඇති දිනයක් සේ මම එය නොදුටුවෙමි. මා දන්නා දෑ ඔබ සැම දන්නේ නම්, අඩුවෙන් සිනහ සී වැඩියෙන් හඬා වැළපෙනු ඇත." (වාර්තාකරු) මෙසේ පැවසීය. "මීට වඩා දරුණු දිනයක් අල්ලාහ්ගේ දූතයාණන්ගේ මිතුරන් හට පැමිණ තිබුණේ නැත." තව දුරටත් මෙසේ පැවසීය. "ඔවුහු ඔවුන්ගේ හිස් ආවරණය කර ගත්හ. ඔවුන් කෙඳිරි ගාන්නට පටන් ගත්හ." තවදුරටත් මෙසේ පවසන ලදී. එවිට උමර් තුමා නැගිට මෙසේ පැවසූහ: "අපි අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයා ලෙසත් පිළිගෙන ඇත්තෙමු." එම මිනිසා නැගිට "මගේ පියා කවුදැ?"යි විමසා සිටියේය. "ඔබේ පියා මේ තැනැත්තා ය යැයි පැවසීය." පසුව "අහෝ විශ්වාස කළවුනි! ඔබට හෙළි වූ විට ඔබට නපුරක් වන කරුණු පිළිබඳ ඔබ විමසා නොසිටිනු" යන (සූරා අල්-මාඉදා: 101) පාඨය පහළ විය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "කිසිදු ඇසක් නොදුටු, කිසිදු කනක් සවන් නොදුන්, කිසිදු මිනිස් හදවතක් කල්පනය නොකළ දෑ මම මාගේ දැහැමි ගැත්තන් වෙනුවෙන් සූදානම් කර ඇත්තෙමි." අබූ හුරෙයිරා තුමා මෙසේ පවසයි: ඔබ කැමති නම් (අස්-සජදා: 17 වැනි පාඨය) කියවන්න. එනම්: "ඔවුන් වෙනුවෙන් සඟවා තබනු ලැබූ ඇස් පිනවන දෑ කිසිදු ආත්මයක් නොදනී."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග සිටියෙමු. එවිට යමක් වැටෙන හඬක් ඇසිණ. එවිට එතුමාණෝ: ‘ඒ කුමක්දැයි නුඹලා දන්නෙහු ද?” යැයි විමසූහ. අපි: “මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්’ වේ යැයි පැවසුවෙමු. එතුමාණෝ: “මෙය වසර හැත්තෑවකට පෙර අපා ගින්නට විසිකරන ලද ගලකි. දැන් එය අපා ගින්නට එහි පතුළ තෙක් වැටෙමින් පවතී. නුඹලා සවන් දුන්නේ එය වැටෙන හඬට ය.” යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම, ස්වර්ගයේ ගසක් ඇත, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් වසර සියයක් ගමන් කළ ද ඔහු එය තරණය නොකරනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත; සැබැවින්ම මුහම්මද් තුමා ඔහුගේ ගැත්තකු හා දූතයකි; ඊසා නොහොත් ජේසු තුමා අල්ලාහ්ගේ ගැත්තෙකි. ඔහුගේ දූතයෙකි. එතුමා මර්යම් වෙත හෙළූ ඔහුගේ වදනය. ඔහුගෙන් වූ ප්‍රාණයය; ස්වර්ගය සැබෑවකි; නිරය සැබෑවකි යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්‍රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පුද්ගලයකු ගෙන එනු ලැබ, නිරා ගින්නට හෙළනු ලැබේ. ඔහුගේ බඩවැල් වැගිරෙයි. තෙල් හිඳින සෙක්කුව වටා බූරුවෙක් යන්නාක් මෙන් ඒවා සමග ඔහු එය වටා ගමන් කරයි. පසුව ඔහු වෙත නිරාවාසීහු එක්රැස් වී මෙසේ විමසති. ‘අහෝ පුද්ගලය! ඔබට කුමක් සිදුවීද? ඔබ යහපත විධානය කරමින් හා අයහපත වළක්වමින් සිටියා නොවේද?' එවිට ඔහු, "එසේය, මම යහපත නියෝග කරමින් සිටියෙමි. නමුත් මම එය ක්‍රියාවට ගෙන ආවේ නැත. එමෙන්ම මම අයහපත වළක්වමින් සිටියෙමි. නමුත් මම එය සිදු කළෙමි." යැයි කියයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.