Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අල්-බිර්" හෙවත් යහපත යනු අලංකාර ගුණ ධර්ම වේ. "අල්-ඉස්ම්" හෙවත් පාපය යනු ඔබේ සිත තුළ දෝලනය වන, ඒ දෙස මිනිසුන් බැලීම ඔබ පිළිකුල් කරන දෑය."
පූර්ව සාධක සහිත හදීසයකි. පළමු හදීසය මුස්ලිම් විසින් වාර්තා කර ඇති අතර, දෙවන හදීසය අහ්මද් සහ දාරිමී විසින් වාර්තා කර ඇත.
අම්මාර් ඉබ්නු යාසිර් තුමා මස්ජිදයට පිවිස සලාතය ඉටු කරනු මම දුටුවෙමි. එවිට හෙතෙම සලාතය සැහැල්ලුවෙන් ඉටු කළහ. හෙතෙම තවදුරටත් මෙසේ පැවසීය: එතුමා පිටත්ව ගිය කල්හි එතුමා ඉදිරියේ නැගිට සිට 'අහෝ අබූ යක්ළාන්, ඔබ සලාතය සැහැල්ලුවෙන් ඉටු කළෙහිය.' යැයි කීවෙමි. එතුමා: "එහි සීමාවන් අතරින් කිසිවක් හෝ මම අඩු කරනු ඔබ දුටුවෙහි ද? යැයි ඇසීය. මම "නැත" යැයි පැවසුවෙමි. ඔහු: 'සැබැවින්ම මම ෂෙයිතාන්ව මඟහරවා ගන්නට එය ඉක්මණින් කළෙමි' යැයි පවසා, "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා සිටිනු මම අසා ඇත්තෙමි. "සැබැවින්ම ගැත්තා සලාතය ඉටු කරයි. නමුත් ඔහුට ඒ සඳහා කුසල් සටහන් කරනු ලබනුයේ දහයෙන් එකක්, නවයෙන් එකක්, අටෙන් එකක්, හතෙන් එකක්, හයෙන් එකක්, පහෙන් එකක්, හතරෙන් එකක්, තුනෙන් එකක් හා අඩක් වශයෙනි." යැයි කීහ.
හසන් ගණයට අයත් හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
"ඍජු මාර්ගයක් උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය. එම මාර්ගය දෙපස බිත්ති දෙකකි. ඒ දෙක අතර විවෘත වූ දොරවල්ය. එම දොරවල් මත එල්ලෙමින් පවතින තිරය. එම මාර්ගයේ දොරටුව මත සිටින ඇරයුම් කරන්නෙක්: "අහෝ මිනිසුනි! ඔබ සැවොම මාර්ගයට පිවිසෙන්න. අක්‍රමවත් ලෙස ගමන් නොකරන්න." යැයි පවසයි. තවත් ඇරයුම් කරන්නෙක් මාර්ගයට උඩින් සිට, යමෙක් දොරටුවලින් එකක් විවෘත කරන්නට සිතු විට, "ඔබ මෙය විවෘත නොකරන්න. එසේ ඔබ එය විවෘත කළේ නම්, එහි ඔබ පිවිසෙනු ඇත." යැයි පවසයි. එම මාර්ගය ඉස්ලාමයයි. බිත්ති දෙක අල්ලාහ්ගේ සීමාවන් වෙති. විවෘත කරනු ලැබූ දොරටු අල්ලාහ් තහනම් කළ දෑය. මාර්ගයට මුඳුනින් සිට අමතන්නා අල්ලාහ්ගේ ග්‍රන්ථයයි. පාලමට ඉහළින් සිට අමතන්නා සෑම මුස්ලිම්වරයකුගේම හදවත තුළ ඇති අල්ලාහ්ගේ උපදෙස්කරුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ: يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ "යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික” (අහෝ හදවත් වෙනස් කරන්නානනි! මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවරව තබනු මැනව.) යනුවෙන් අධික ලෙස ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. එවිට මම:"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ඔබ හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කර ඇත්තෙමු. එසේ තිබිය දී ඔබ අප ගැන බියවන්නෙහි ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ: "ඔව්, සැබැවින්ම හදවත ඇත්තේ අල්ලාහ්ගේ ඇඟිලි අතරින් ඇඟිලි දෙකක් අතර ය. ඔහු අභිමත කරන පරිදි එය පෙරළනු ඇත." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.