Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 12 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“කවරෙකු තම සහෝදරයාගේ මාන්‍ය කෙළසීමෙන් වළක්වන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් (නිරා) ගින්න ඔහුගේ මුහුණින් වළක්වනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නන් නුඹලාට කරුණා කරනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"දැඩි සේ දොස් නගන, දැඩි සේ ශාප කරන, අශීලාචාර ලෙස කටයුතු කරන, පහත් ලෙස කටයුතු කරන තැනැත්තා දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු නොවේ."
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
සැබැවින්ම නුඹලා අතරින් මට වඩාත් ප්‍රියමනාප, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා අතරින් සභිකයින් ලෙස මට වඩාත් සමීප අය වන්නේ නුඹලා අතරින් වඩාත් සාරධර්ම ඇත්තවුන්ය. එමෙන්ම සැබැවින්ම මට වඩාත් කෝපය ගෙන දෙන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සභිකයින් වශයෙන් මට වඩාත් දුරස් අය වන්නේ අස්සර්සාරූන් (අධික ලෙස කතා කරන්නන්) හා අල් මුතෂද්දිකූන් (දීර්ග ලෙස කතා කරන්නන්) හා අල් මුතෆයිහිකූන් වෙති. ඔවුහු අහෝ අල්ලාහ්ගේ දූතයාණනි‍!, අපි අස් සාර්සාරූන් හා මුතෂද්දිකූන් කවුරුන්දැයි අපි හඳුනමු. නමුත් "මුතෆයිහිකූන්" යනු කවුරුන් දැයි විමසා සිටියෝය. එතුමාණෝ: ‘උඩඟුවූවෝ වෙති’ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
“මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ගුණදම්වලට වඩා බරැති කිසිවක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අසභ්‍ය දෑ කතා කරන, අශීලාචාර ක්‍රියා කරන අය කෙරෙහි කෝප වේ."
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ තිර්මිදි එය වාර්තා කර ඇත.
එතුමාණන් අසභ්‍ය ලෙස කතා කරන්නෙකු හෝ අසභ්‍ය ලෙස හැසිරෙන්නෙකු හෝ වෙළඳ වීදිවල උස් හඬින් කතා කරන්නෙකු හෝ නපුරට නපුරින් ප්‍රතිචාර දක්වන්නෙකු ලෙස නොසිටියහ. නමුත් එතුමාණන් (එය) නොසලකා හැර සමාව දෙන්නෙකු ලෙස සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ඔබ අතරින් හොඳම තැනැත්තා සහ ඔබේ නරකම තැනැත්තා ගැන මම ඔබට දැනුම් දෙන්නද?" ඔහු මෙසේ පැවසීය: "එවිට ඔවුන් නිහඬ වූහ." එතුමාණන් තුන් වරක් එසේ විමසා සිටියහ. එවිට මිනිසෙක්: 'එසේය, අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් හොඳම තැනැත්තා සහ අපගේ නරකම තැනැත්තා ගැන අපට දන්වන්න.' යැයි කිවේය. එතුමාණෝ මෙසේ පැවසූහ.: 'ඔබ අතරින් හොඳම තැනැත්තා යහපත බලාපොරොත්තු වන තැනැත්තා වන අතර, මිනිසුන් ඔහුගේ නපුරෙන් ආරක්ෂා වේ. ඔබ අතරින් නරකම තැනැත්තා යහපත බලාපොරොත්තු නොවන තැනැත්තා වන අතර මිනිසුන් ඔහුගේ නපුරෙන් ආරක්ෂා නොවේ.'"
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"දේවත්වය විශ්වාස කරන්නන් අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා ඔවුන් අතර සදාචාරයෙන් වඩාත් යහපත් තැනැත්තාය. නුඹලා අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ තැනැත්තා නුඹලා අතර තම බිරියන් හට ශ්‍රේෂ්ඨ තැනැත්තාය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.