Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 110 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (48)
“කවරෙකු අල්ලාහ්ගෙන් සැබෑ ලෙස දිවි පිදීම පතන්නේ ද ඔහු ඔහුගේ නිදියහනේ මියැදුණ ද දිවි පිදූවන්ගේ නිලයන් අල්ලාහ් ඔහුට ලඟා තර දෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඒවා මොනවාද?" යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: "අල්ලාහ්ට ආදේශ තැබීම, මන්ත්‍ර ගුරුකම්වල නිරත වීම, යුක්තියෙන් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීම, පොළිය අනුභව කිරීම, අනාථයින්ගේ වස්තුව අනුභව කිරීම, යුදමය දිනයක යුද පිටියෙන් පලා යෑම, නිර්මල දේව විශ්වාසී නිහතමානී කාන්තාවන්ට අවලාද නැගීම ය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“(ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට) නිවේදකයෙක් "සැබැවින්ම නුඹලාට සුව සැපවත් ජීවිතයක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක රෝගාතුර නොවනු ඇත. තවද සැබැවින්ම නුඹලාට ජීවත්වීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක මරණයට පත් නොවනු ඇත. නුඹලාට තරුණකම ඇත. එහෙයින් නුඹලා කිසිවිටෙක මහලු නොවනු ඇත. නුඹලාට භුක්ති විඳීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක බලාපොරොත්තු සුන්කර නොගනු ඇත. එය සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශයට අනුවය. එනම්: "නුඹලාගේ එම ස්වර්ගය නුඹලා උරුම කරගෙන ඇත්තේ නුඹලා සිදුකරමින් සිටි දෑ හේතුවෙනි යැයි ඔවුන් අමතනු ලබති." (අල්-අඃරාෆ්: 43)
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“(අල්ලාහ්ගේ අභිමතයෙන් තොරව) ආසාදනය වීමක් නැත. පක්ෂීන් මුල් කරගත් අසුභවාදය ද නැත. බස්සන් මුල් කරගත් අසුභවාදය ද නැත. සෆර් මාසය මුල් කරගත් අසුභවාදය ද නැත. ඔබ සිංහයෙකුගෙන් පලා යන්නාක් මෙන් ලාදුරු රෝගියාගෙන් පලා යන්න"
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කවරෙකු ඉස්ලාමය වැළඳගෙන, ප්‍රමාණවත් ලෙස පෝෂණය ලබා, අල්ලාහ් ඔහුට පිරිනමා ඇති දෑ ගැන සෑහීමට පත් කරන්නේ ද ඔහු ජය ලැබීය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මට හා මෙලොවට කිසිවක් නැත. මා මෙලොවෙහි ගසක් යට හෙවණ සොයා, පසුව විවේකය ලබා, එය අත්හැර දමා යන මගියෙකු මෙන් මිස නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
“දැහැමි සභිකයාට හා නපුරු සභිකයාට උපමාව කස්තූරි උසුලන්නෙකු හා යකඩ කම්මලේ උඳුන පිඹින්නෙකු මෙනි. කස්තූරි උසුලන්නා වනාහි, ඔහු ඔබට යමක් දෙයි. එසේ නැතහොත් ඔබ ඔහුගෙන් මිලදී ගනී. එසේත් නැතහොත් ඔහුගෙන් ඔබ සුගන්ධය ලබයි. නමුත් යකඩ කම්මලේ උඳන පිඹින්නා වනාහි, ඔහු ඔබේ ඇඳුම පුළුස්සා දමයි. එසේ නැතහොත් ඔහුගෙන් ඔබ දුර්ගන්ධය ලබයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඇත්ත වශයෙන්ම, සර්ව බලධාරී, කීර්තිය හිමි අල්ලාහ් නිදන්නේ නැත. නිදා ගැනීමේ අවශ්‍යතාව ද ඔහුට නැත. හිමිවන කොටස ඔහු (ඇතැමුන්ට) පහත් කරයි; (ඇතැමුන්ට) උසස් කරයි. රාත්‍රියේ ක්‍රියාව දහවලේ ක්‍රියාවට පෙර ද දහවලේ ක්‍රියාව රාත්‍රියේ ක්‍රියාවට පෙර ද ඔහු වෙත ආරෝහණය කරනු ලැබේ. ඔහුගේ ආවරණය ආලෝකයයි. - තවත් වාර්තාවක් අනුව, ගින්නයි - ඔහු එය නිරාවරණය කළේ නම්, ඔහුගේ මුහුණේ තේජස ඔහුගේ බැල්ම කවර මැවීමක් වෙත ළඟා වන්නේ ද ඒ සියල්ල පුළුස්සා දමනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.