Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 110 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (48)
“දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය ඔහු හෝ ඇය මත, පාපයක් නොපිහිටන තත්ත්වයක අල්ලාහ්ව මුණ ගැසෙන තෙක්, තමන් තුළ ද තම දරුවන් තුළ ද තම සම්පත් තුළ ද පරීක්ෂාවට ලක්වෙමින්ම සිටියි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"උත්තරීතර අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් කිසිදු හෙවණක් නැති දිනයේ ඔහුගේ හෙවණ තුළ ඔහු හෙවණ ලබා දෙන හත් දෙනෙකු සිටිති. යුක්ති ගරුක නායකයා, අල්ලාහ්ගේ නැමදුම තුළ වැඩුණු තරුණයා, දේවස්ථාන සමග ඔහුගේ හදවත බැඳුණු මිනිසා, අල්ලාහ් විෂයයෙහි එකිනෙකා ආදරය කරන මිනිසුන් දෙදෙනා, ඔවුන් දෙදෙනා ඔහු වෙනුවෙන් රැස්වෙති. ඔහු වෙනුවෙන් වෙන්ව යති. නිලය හා අලංකාරය ඇති කාන්තාවක් ඔහුට (කාමයේ වරදවා හැසිරීමට) ඇරයුම් කළ විට, "සැබැවින්ම මම අල්ලාහ්ට බිය වෙමි" යැයි පවසන මිනිසා, ඔහුගේ දකුණත වියදම් කළ දෑ ඔහුගේ වමතට නොදැනෙන තරමට එය සඟවාගෙන දන් දෙන මිනිසා, හුදෙකලාවේ අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔහුගේ ඇස්වලින් කඳුළු සළන මිනිසා."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මහා පාපකර්මයන්: අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම, ආත්මයක් ඝාතනය කිරීම, බොරු දිවුරුම් දීම."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“සැබැවින්ම (හලාල් හෙවත්) අනුමත කරුණු පැහැදිලිය. එමෙන්ම (හරාම් හෙවත්) තහනම් කරුණු ද පැහැදිලිය. මේ දෙක අතර සැක උපදවන කරුණු ද ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒවා නොදනිති. එහෙයින් කවරෙකු සැක උපදවන දැයින් වැළකී සිටියේ ද සැබැවින්ම ඔහු ඔහුගේ දහමට හා ඔහුගේ මාන්‍යයට ආරක්ෂාව සළසා ගත්තේය. කවරෙකු සැක උපදවන දෑහි වැටුනේ ද ඔහු තහනම් කරුණු අතරට වැටුණි. එය, වැට අවට එහි ඇතුළු වීමට බලන සතුන් පාලනය කරන එඩේරකු මෙනි. දැනගන්න! සෑම රජකුටම වැටක් ඇත. දැනගන්න! සැබැවින් අල්ලාහ්ගේ වැට වනුයේ ඔහු තහනම් කළ දෑය. දැන ගන්න! ශරීරයේ මස් කැබැල්ලක් ඇත. එය විධිමත් වූ විටෙක මුළු ශරීරයම විධිමත් වෙයි. එමෙන්ම එය නරක් වූ විටෙක මුළු ශරීරයම නරක් වෙයි. දැන ගන්න! එයයි හදවත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
“නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත; සැබැවින්ම මුහම්මද් තුමා ඔහුගේ ගැත්තකු හා දූතයකි; ඊසා නොහොත් ජේසු තුමා අල්ලාහ්ගේ ගැත්තෙකි. ඔහුගේ දූතයෙකි. එතුමා මර්යම් වෙත හෙළූ ඔහුගේ වදනය. ඔහුගෙන් වූ ප්‍රාණයය; ස්වර්ගය සැබෑවකි; නිරය සැබෑවකි යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්‍රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පුද්ගලයකු ගෙන එනු ලැබ, නිරා ගින්නට හෙළනු ලැබේ. ඔහුගේ බඩවැල් වැගිරෙයි. තෙල් හිඳින සෙක්කුව වටා බූරුවෙක් යන්නාක් මෙන් ඒවා සමග ඔහු එය වටා ගමන් කරයි. පසුව ඔහු වෙත නිරාවාසීහු එක්රැස් වී මෙසේ විමසති. ‘අහෝ පුද්ගලය! ඔබට කුමක් සිදුවීද? ඔබ යහපත විධානය කරමින් හා අයහපත වළක්වමින් සිටියා නොවේද?' එවිට ඔහු, "එසේය, මම යහපත නියෝග කරමින් සිටියෙමි. නමුත් මම එය ක්‍රියාවට ගෙන ආවේ නැත. එමෙන්ම මම අයහපත වළක්වමින් සිටියෙමි. නමුත් මම එය සිදු කළෙමි." යැයි කියයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.