عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (72)
"අල්ලාහ් ස්වර්ගය හා අපා ගින්න මැවූ කල්හි ජිබ්රීල් අලයිහිස් සලාම් ස්වර්ගයට යැවීය. පසුව ඔහු: "ඔබ ඒ දෙස හා එහි වාසීන් හට මා සූදානම් කර ඇති දෑ දෙස බලනු." යැයි පැවසීය. එවිට ඔහු ඒ දෙස බලා නැවත පැමිණ මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන්, මේ ගැන සවන් වැකෙන කිසිවකු හෝ වේවා, ඔහු එහි පිවිසෙන්නේමය." පසු ව ඔහු එයට නියෝග කළේය. එය දුෂ්කර දැයින් වෙළුණේය. එවිට ඔහු: "ඔබ ඒ වෙත ගොස් ඒ දෙස හා එහි වැසියන් හට මා සූදානම් කර ඇති දෑ දෙස බලනු" යැයි පැවසීය. පසු ව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය දුෂ්කර දැයින් වෙළී තිබිණ. එවිට ඔහු: "ඔබේ ගෞරවයේ නාමයෙන්, කිසිවෙකු හෝ එහි ඇතුලු නොවනු ඇතැයි සැබැවින්ම මම බියවෙමි" යැයි පැවසීය. ඔහු: "ඔබ ගොස් අපාය දෙස හා එහි වැසියන් හට එහි මා සූදානම් කර ඇති දෑ දෙස බලනු" යැයි පැවසීය. පසුව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය ඒවා එකිනෙක මත ගොඩ ගැසී තිබුණි. පසුව නැවත හැරී පැමිණ මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන් කිසිවකු එහි නො පිවිසෙනු ඇත." පසුව ඔහු එයට නියෝග කළේය. පසුව එය ආශාවන්ගෙන් වෙළුණේය. පසු ව ඔහු: "ඔබ ගොස් ඒ දෙස බලනු" යැයි පැවසීය. පසු ව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය ආශාවන්ගෙන් වෙළී තිබුණි. නැවත හැරී ඇවිත් මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන් කිසිවකු එයට නො පිවිස එයින් ගැල වී නොයනු ඇතැයි මම බිය වෙමි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්රියක්, හොදින් නිදා ගන්න’ යැයි පවසමින් ෂෙයිතාන් සෑම ගැටයක් මතම ගැට ගසනු ඇත. නමුත් ඔහු අවදි වී උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කරන විට ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු වුළූ ධෝවනය කළ විට තවත් ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු සලාත් ඉටු කළ විට ඔහුගේ සියලු ගැට ලිහෙනු ඇත. පසුව ඔහු මනා මානසික සුවයෙන් යුතුව ධෛර්යමත්ව අවදිවනු ඇත. එසේ නොවේ නම් විකෘති අයහපත් මනසකින් යුතුව මැලිකමින් අවදිවනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ඔබ අතරින් යමෙකු වෙත ෂෙයිතාන් පැමිණ: "මෙසේ මැව්වේ කවු ද? එසේ මැව්වේ කවු ද? අවසානයේ ඔබේ පරමාධිපති ව මැව්වේ කවු ද? යැයි විමසා සිටියි. එය ඔහුට ළඟා වූ විටෙක, ඔහු අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඉන් වැළකී සිටිය යුතුය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“දිවට පහසු, තුළාවෙහි බරැති, මහා කාරුණිකයාණන්හට ප්රිය මනාප වදන් දෙකකි. සුබ්හානල්ලාහි වබිහම්දිහි, -අල්ලාහ් ඔහුගේ ප්රශංසාව තුළින් සුවිශුද්ධය.- සුබ්හානල්ලාහිල් අළීම් - සර්වබලධාරී අල්ලාහ් සුවිශුද්ධය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්රියාත්මක නොවේ. "
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ සුජූද්හි: اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී කුල්ලහූ, දික්කහූ වජිල්ලහු වඅව්වලහු වආකිරහු වඅලානියතහු වසිර්රහූ’ යනුවෙන් ප්රාර්ථනා කරන්නෙකු වූහ. තේරුම: (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද එහි ප්රසිද්ධියේ හා රහසිගතව වූ ද යන පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!)
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මහලු මිනිසෙකුගේ හදවත පැති දෙකකින් තරුණ බව පවතී. එනම්: ලෝකයට ඇති ආදරයෙහි සහ නොනවතින දිගු බලාපොරොත්තුවෙහි ය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"ඔබ සතු ගින්න අපා ගින්නෙන් හැත්තෑවෙන් එක් කොටසකි." එවිට "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එයම ප්රමාණවත් ය" යැයි ප්රකාශ කරන ලදී. එතුමා: "එය ඒවාට වඩා කොටස් හැට නවයකින් වැඩි කර ඇත. ඒවා සියල්ල එහි උෂ්ණත්වය හා සමාන වේ." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.