Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 97 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (49)
“ඔබ අතරින් කවරෙකු ජුමුආ සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්නානය කළ යුතුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අන්ධ මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ අල්ලාහ්ගේ දූතයාණෙනි! මාව මස්ජිදය වෙත කැටුවාගෙන යන්නට කිසිදු මෙහෙකරුවකු නැත යැයි පවසා තම නිවසේ සලාතය ඉටු කිරීමට අවසරය ඉල්ලා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට අවසරය දුන්හ. පසුව ඔහු හැරුණු විට නැවත ඔහුව අමතා: ‘සලාතයේ ඇරයුම ඔබට ඇසෙන්නේද? යැයි විමසා සිටියහ. ඔහු: ‘ඔව්’ යැයි පිළිතුරු දුනි. එතුමාණෝ: ‘එසේනම් පිළිතුරු දෙනු.’” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සිකුරාදා දිනක 'දාරුල්-කළා' දෙසට මුහුණලා ඇති දොරටුවෙන් පුද්ගලයෙකු මස්ජිදයට ඇතුළු විය. එම අවස්ථාවේ දී අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කුත්බා (දේශනය) පවත්වමින් සිටියේය. එම මිනිසා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දෙසට මුහුණලා මෙසේ පැවසීය: 'අල්ලාහ්ගේ දූතයාණනි! (පශු) සම්පත් විනාශ වෙමින් පවතින අතර (ආදායම්) මාර්ග නැවතී ඇත. අපට වැසි වස්සන මෙන් ඉල්ලා අල්ලාහ්ට යාච්ඤා කරන්න. එවිට 'අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දෑත් ඔසවා, අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව' යැයි ප්‍රාර්ථනා කළහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ නාමයෙන්, අහසේ වලාකුළු කිසිවක් දකින්නට තිබුණේ නැත. අප සහ සල්උ කන්ද අතර නිවසක් හෝ ගොඩනැගිල්ලක් හෝ නොවීය. එවිට පලිහක් වැනි විශාල වලාකුළක් එහි (සල්උ කන්ද) පිටුපසින් දිස් වූ අතර එය අහස මැදට පැමිණි විට එය පැතිරී, වැසි ඇද හැළුණි. අල්ලාහ්ගේ නාමයෙන්! දින හයක් අපි හිරු නොදුටුවෙමු. ඊළඟ සිකුරාදා, එම දොරටුවෙන් පුද්ගලයෙකු ඇතුළු වූ අතර එවිට ද අල්ලාහ්ගේ දූතයණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සිකුරාදා කුත්බා දේශනාව පවත්වමින් සිටියහ. එවිට එම මිනිසා එතුමාණන් වෙත මුහුණලා සිටගෙන, 'අල්ලාහ්ගේ දූතයාණනි,! පශු සම්පත් මිය යමින් පවතින අතර (ආදායම්) මාර්ග නතර වී ඇත; අපගෙන් වර්ෂාව වළක්වා ගැනීමට අල්ලාහ්ට යාච්ඤා කරන්න.' යැයි කීවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත් දෙකම ඔසවා 'අල්ලාහ්! අප මත නොව අප වටා වැසි වස්සනු මැනව, අහෝ අල්ලාහ්, කඳු මත, නිම්න මධ්‍යයේ සහ ගස් වැවෙන ස්ථානවල වැසි වස්සනු මැනව' යැයි කීහ. එතුමා තවදුරටත් මෙසේ පැවසීය. 'වැස්ස නැවතින. අපි පිටතට පැමිණ හිරු එළියේ ඇවිද ගියෙමු. මම අනස් (රළියල්ලාහු අන්හු) තුමාගෙන්: "ඔහු පළමු වාරයේ පැමිණ පුද්ගලයා දැ?"යි විමසා සිටියෙමි. එවිට එතුමා "ඒ ගැන මම නොදනිමි" යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සලාතය ආරම්භ කරන විට ද රුකූඋ සඳහා අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට ද තම දෑත් තම උරහිස ට සමාන්තර ව ඔසවන්නෙකු වූහ. රුකූඋවෙහි සිට තම හිස ඔස වන විට ද එලෙසම එතුමා තම දෑත් ඔසවා සමිඅල්ලාහු ලිමන් හමිදා රබ්බනා වලකල් හම්දු යැයි පැවසූහ." එතුමා සුජූද්හි එලෙස සිදු නො කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සැබැවින්ම අප හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදී, අන් නසාඊ, ඉබ්නු මාජා සහ අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ආහාර ඉදිරියේ හෝ මල මූත්‍රා දරා සිටින්නාට හෝ සලාතය නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අපට ෆජ්ර් සලාතය මෙහෙයවා "මේ පුද්ගලයා සහභාගී වූයේ ද? යැයි විමසූහ. ඔවුහු 'නැත' යැයි පිළිතුරු දුන්නෝය. නැවතත් මේ පුද්ගලයා සහභාගී වූයේ ද? යැයි විමසූහ. ඔවුහු 'නැත' යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ මෙසේ පැවසූහ. "ඇත්තෙන්ම අනෙකුත් සලාත් ඉටු කිරීමට වඩා මෙම සලාත් දෙක ඉටු කිරීම කුහකයන් හට මහත් බරකි. ඒ දෙකෙහි අඩංගු (කුසල්) ඔබ දන්නේ නම්, ඔබට දණින් වැටී බඩගා යාමට සිදු වුවද, ඔබ ඒ දෙක වෙත පැමිණෙනු ඇත. නියතවශයෙන්ම පළමු පේළිය එය මලක්වරුන්ගේ පේළිය මෙන් වන අතර, එහි මහිමය ඔබ දන්නේ නම්, ඒ සඳහා යුහුසුළු වනු ඇත. නියත වශයෙන්ම මිනිසෙකු තවත් මිනිසෙකු සමඟ කරන සලාතය ඔහු තනිව ඉටු කරන සලාතයට වඩා පිරිසිදු ය. තවද මිනිසුන් දෙදෙනෙකු සමඟ ඔහු ඉටු කරන සලාතය මිනිසෙකු සමග ඉටු කරන සලාතයට වඩා පිරිසිදුය. මිනිසුන් වැඩි වන තරමට එය සර්ව බලධාරී අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වේ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, නසාඊ හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රුකූඋහි සිට එතුමාණන්ගේ පිට ඔසවා ගත් විට "සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පවසා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු මිල්අස් සමාවාති වමිල්අල් අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.