Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 17 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"රන් සඳහා රන්, රිදී සඳහා රිදී, තිරිඟු සඳහා තිරිඟු, බාර්ලි සඳහා බාර්ලි, රටඉඳි සඳහා රටඉඳි, ලුණු සඳහා ලුණු වැනි එකට එක සමානව, අතට අත (අත්පිට මුදලට ගනුදෙනු) සිදු විය යුතුයි. මෙම වර්ග වෙනස් වී නම්, එය අතට අත අත්පිට මුදලට නම්, ඔබ කැමති පරිදි විකුණා ගන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"භාරයක් සඳහා වන ප්‍රතිකර්මය දිවුරුමක් සඳහා වන ප්‍රතිකර්මයට සමානය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ භාරහාර තැබීමෙන් වැළැක්වූහ. එමෙන්ම මෙසේ ද පැවසූහ: “සැබැවින්ම එය යහපතක් ගෙන දෙන්නේ නැත. එය සිදු වන්නේ මසුරෙකුගෙනි”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉබ්නු අල්-ලුත්බියා නම් මිනිසෙකු සුලෙයිම් ගෝත්‍රයේ සකාත් එකතු කරන්නෙකු ලෙස සේවයේ යෙදවීය. ඔහු ගණන් හිලව් කිරීමට ආපසු පැමිණි කල්හි, මෙසේ පැවසීය: "මෙය ඔබලා සතුය. මෙය මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී." එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: “ඔබ සත්‍යවාදී නම්, ඔබේ තෑග්ග ඔබ වෙත පැමිණෙන තෙක් ඔබ ඔබේ පියාගේ සහ මවගේ නිවසේ රැඳී නො සිටියේ මන්ද?” පසුව එතුමාණෝ අප වෙත දේශනාවක් කළහ. අල්ලාහ්ට ප්‍රශංසා කිරීමෙන් හා පැසසුම් කිරීමෙන් පසු, මෙසේ පැවසූහ: "අල්ලාහ් මට පවරා ඇති අධිකාරියේ කොටසක් ලෙස, සේවය කිරීම සඳහා මම ඔබ අතරින් මිනිසෙකු යොදවා ගත්තෙමි. ඔහු පැමිණ මෙසේ කියයි: 'මෙය ඔබලා සතුයි. මෙය මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී. ඔහුට තෑගි ලැබේදැයි බැලීමට ඔහු තම පියාගේ හෝ මවගේ නිවසේ රැඳී නොසිටියේ ඇයි? අල්ලාහ් මත දිවුරමින්! ඔබගෙන් කෙනෙකු අයුතු ලෙස යමක් ගන්නේ නම්, ඔහු නියත වශයෙන්ම විනිශ්චය දිනයේදී එය දරාගෙන සර්වබලධාරී අල්ලාහ් හමුවනු ඇත. එසේ ඔබ අතරින් කෙනෙකු අල්ලාහ් හමුවන්නේ, කෑ ගසන ඔටුවෙකු හෝ කෑ ගසන එළදෙනක් හෝ කෑ ගසන බැටළුවෙකු රැගෙන බව මම නිසැකවම දනිමි. ඉන්පසු, එතුමාණන්ගේ කිහිලිවල සුදු පැහැය අපට පෙනෙන තෙක් දෑත් ඔසවා “අහෝ දෙවිඳුනි! මම (ඔබේ පණිවිඩය) ප්‍රකාශ කර තිබේ ද? මාගේ දෑසේ බැල්ම හා මාගේ දෙකන්හි ශ්‍රවණය සහතිකය." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සැබැවින්ම අසල්වැසියා උරුමක්කරුවකු වේ යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මට අසල්වැසියා සම්බන්ධයෙන් උපදෙස් දෙමින්ම සිටියහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මිනිසා මිය ගිය විටෙක, කරුණු තුනක් හැර ඔහුගේ සෙසු ක්‍රියාවන් ඔහුගෙන් විසන්ධි වී යනු ඇත. එනම්, සදාතනිකභාවයක් ඇති දානය, ප්‍රයෝජනය ලබන දැනුම, ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දැහැමි දරුවා."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කවරෙකු දිවුරා හිදිමින් මුස්ලිම් පුද්ගලයකුගේ උරුමය කපා හැරියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට අපා ගින්න අනිවාර්යය කළේය. එමෙන්ම ස්වර්ගය ඔහුට තහනම් කළේය.” එවිට පුද්ගලයෙක්: "අල්ලාහ්ගේ දූතයාණනි! එය සුළු දෙයක් වූවත් එසේදැ?"යි එතුමාණන්ගෙන් විමසීය. එවිට "අරාක් (මිස්වාක්) දැහැටියක් වුව ද එලෙසමය" යැයි එතුමාණන් පැවසූහ
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"යම් දිවුරුමක් මත දිවුරා එමගින් ඔහු මුස්ලිම්වරයකුගේ ධනය දුෂ්ට ලෙස පැහැර ගනු පිණිස කටයුතු කරන්නේ ද අල්ලාහ් ඔහු කෙරෙහි දැඩි කෝපයෙන් යුතුව ඔහුව මුණ ගැසෙයි." වාර්තාකරු තවදුරටත්: අෂ්අස් තුමා මෙසේ පැවසීය: "මා සම්බන්ධයෙන් නම්, අල්ලාහ් මත දිවුරා පවසමි, එය සිදු විය. මා අතර හා යුදෙව් මිනිසෙකු අතර භූමි භාගයක් විය. ඔහු මට බලපෑම් කළේය. පසුව මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ඔහුව ඉදිරිපත් කළෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් : ඔබට සාක්ෂි තිබේදැ?යි විමසා සිටියහ. මම නැතැයි පිළිතුරු දුන්නෙමි. එතුමාණෝ යුදෙව්වාට ඔබ දිවුරා සිටින්නැයි කියා සිටියහ. මම: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එසේ නම්, ඔහු දිවුරා මාගේ ධනයත් රැගෙන යනු ඇත' යැයි පැවසුවෙමි . එවිට උත්තරීතර අල්ලාහ් මෙය පහළ කළේය. "සැබැවින්ම අල්ලාහ්ගේ ගිවිසුම හා ඔවුන්ගේ දිවුරුම් සුළු මිලකට විකුණනන්නන් වනාහි.." පාඨයේ අවසානය දක්වා පහළ විය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.