Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 9 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අප අතර නැගිට හදවත් සසල කළ, ඇස්වලින් කඳුළු වැගිරවූ චතුරාර්ය උපදෙසක් අපට දේශනා කළහ. එවිට 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සමුගන්නෙකු විසින් කරන උපදෙසක් අපට දේශනා කළෙහිය. එබැවින් ඔබ අපට ප්‍රතිඥාවක් දෙන්නැයි' පවසනු ලැබීය. එවිට එතුමාණෝ "ඔබ සැම අල්ලාහ්ට භක්තිමත් ව (ඔහු පිළිබඳ සිහියෙන්) කටයුතු කළ යුතුය. (කළු ජාතික) ඉතියෝපියානු වහලෙකු වුව ද ඔහුට සවන් දිය යුතුය. අවනත විය යුතුය. මගෙන් පසු ඔබ දරුණු ලෙස ගැටුම් දකිනු ඇත. එහෙයින් ඔබ මාගේ සුන්නාව හා යහමඟ ලැබූ 'අල්-කුලෆාඋර් රාෂිදූන් හෙවත් (ප්‍රධාන) පාලකයින්ගේ සුන්නාව පිළිපදිනු. ඒවා පුරස්චාර්වක දත්වලින් අල්ලා ගනු. අලුතින් ඇති කරන සෑම කරුණක්ම නොමඟය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
“අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්‍රිය කරන මිනිසෙකුට මෙම ධජ පතාකය සැබැවින්ම පිරිනමනු ලැබේ. ඔහුගේ දෑතින් අල්ලාහ් ජයග්‍රහණය ඇති කරයි.” යනුවෙන් පැවසූහ. උමර් ඉබ්නු කත්තාබ් තුමා: 'එදින හැර වෙනත් කිසිදිනෙක නායකත්වයට මම ප්‍රිය නොකළෙමි. එබැවින් ඒ සඳහා මා ඇරයුම් කරනු ලබනු ඇතැයි යන අපේක්ෂාවෙන් සිටියෙමි' යැයි පැවසීය. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාණන් කැඳවා එය ඔහුට පිරිනමා “ඔබ ගමනේ යනු. අල්ලාහ් ඔබට ජයග්‍රහණය පිරිනමන තෙක් නො හැරෙනු” යැයි පැවසූහ. අලී ඉදිරියට ගමන් කොට හැරී නො බලාම නැවතී ‘අල්ලාහ්ගේ දූතයාණනි! මම ජනයා සමග සටන් කළ යුත්තේ කුමක් සඳහා ද?' යැයි හඬ නගා විමසීය. එතුමා “සැබැවින්ම නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවටත්, මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් ඔවුන් සාක්ෂි දරන තුරු නුඹ ඔවුන් සමග සටන් කරනු. එසේ ඔවුන් ඉටු කළේ නම් ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ වස්තුව ඔබගෙන් ඔවුන් වළක්වා ගත්තෝය. නමුත් ඒවායෙහි නීත්‍යානුකූල හේතුවක් නිසාවෙන් මිස. ඔවුන්ගේ විනිශ්චය අල්ලාහ් මත වන්නේය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් ද, වහලෙක් ඔබ කෙරෙහි නායකත්වය දැරුව ද ඔහුට සවන් දී අවනත වන මෙන් ද, මම ඔබ සැමට උපදෙස් දෙමි. මගෙන් පසුව කවරෙකු ඔබ අතරින් ජීවත් වන්නේ ද ඔහු බොහෝ මතභේද දකිනු ඇත. එබැවින් මාගේ පිළිවෙත හා ඍජු ලැබූ යහමග පෙන්වන ප්‍රධාන පාලකයින්ගේ පිළිවෙත ද පිළිපදින්න. චාර්වක දත්වලින් ඒවා තදින් අල්ලා ගන්න. කරුණු අතරින් නිර්මාණ කරන ලද නවක දැයින් වැළකී සිටින්න. නිර්මාණ කරන ලද සෑම නවෝත්පාදනයක්ම මුලාවකි."
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ තිර්මිදි එය වාර්තා කර ඇත.
“නියත වශයෙන්ම එතුමා හජර් අල් අස්වද් (හෙවත් කඃබාවෙහි තැන්පත් කොට ඇති ගල) වෙත පැමිණ එය සිප ගෙන ‘නියත වශයෙන්ම ඔබ ගලක් බව මම මැනවින් දනිමි. හිංසාවක් කිරීමට හෝ යහපතක් ගෙන දෙන්නට හෝ ඔබට නොහැකි ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔබ ව සිප ගනු මා නොදුටුවේ නම් මම ඔබ සිප නොගනිමි." යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත්වීමට දින පහකට පෙර කළ ප්‍රකාශයකට මම සවන් දුන්නෙමි. එතුමාණෝ මෙසේ පවසා සිටියහ: "ඔබ අතරින් කිසිවෙකු සමීප මිතුරෙකු වීමෙන් අල්ලාහ් වෙත මම නිදොස් වූයෙමි. හේතුව සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමාව සමීප මිතුරෙකු ‌ලෙස තෝරාගත් සේම මාව ද සමීප මිතුරෙකු බවට ඔහු තෝරා ගෙන ඇත. මාගේ සමූහයා අතරින් මා සමීප මිතුරෙකු තෝරා ගන්නේ නම්, අබූ බක්ර් තුමාව මා සමීප මිතුරෙකු ලෙස තෝරා ගන්නට තිබුණි. දැනගන්න. නුඹලාට පෙර සිටියවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ හා ඔවුන්ගේ දැහැමියන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කර ගනිමින් සිටියෝය. දැනගන්න! නුඹලා මිනිවලවල් දේවස්ථාන බට පත් ‌කර නොගන්න. සැබැවින්ම මම නුඹලා එයින් වළක්වමි.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අන්සාර් වරුන් විෂයයෙහි මෙසේ පැවසූහ. "දේවත්වය විශ්වාස කළ අයකු හැර වෙනත් කිසිවෙක් ඔවුනට ආදරය කරන්නේ නැත. කුහකයකු හැර වෙනත් කිසිවෙක් ඔවුන් සමග උරණ වන්නේ නැත. කවරෙකු ඔවුනට ආදරය කරන්නේ ද අල්ලාහ් ඔහුට ආදරය කරනු ඇත. කවරෙකු ඔවුන් සමග උරණ වන්නේ ද අල්ලාහ් ද ඔහු සමග උරණ වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සාබිත් ඉබ්නු කය්ස් (රළියල්ලාහු අන්හු) තුමාව දුටුවේ නැත. එවිට මිනිසකු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහු ගැන තොරතුරු මම ඔබට දන්වන්නම් යැයි පවසා ඔහු වෙත ගියේය. එවිට ඔහු තම නිවසේ හිස නමමින් වාඩි වී සිටිනු දුටුවේය. එවිට ඔහු: "ඔබේ කරුණ කුමක් දැ?"යි විමසා සිටියේය. ඔහු 'නපුරකි' නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ හඬට වඩා ඉහළින් තම හඬ පැවතුනු බවත් එහෙයින් තම ක්‍රියාව නිෂ්ඵල වී ඇති බවත්, තමන් අපාගින්නේ වාසීන් අතරින් කෙනෙකු වී ඇති බවත් පවසා සිටියේය. පසුව එම මිනිසා පැමිණ සැබැවින්ම ඔහුගේ තත්ත්වය මෙසේ මෙසේ යැයි ැන්වීය. පසුව ඔහු නැවතත් හැරී ගියේ අතිමහත් ශුභාරංචියක් සමගය. එනම් එතුමාණෝ: ඔබ ඔහු වෙත ගොස් සැබැවින්ම තමුන් අපා ගින්නේ වැසියන් අතරින් කෙනෙකු නොවන බවත් ස්වර්ගයේ වැසියන් අතරින් කෙනෙකු බවත් ඔහුට පවසන්න යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අතරින් වඩාත් ශ්‍රේෂ්ටතම උදවිය මාගේ යුගයේ උදවියයි. අනතුරුව ඔවුනට පරව සිටින්නෝ වෙති. පසුව ඔවුනට පරව සිටින්නෝ වෙති" ඉම්රාන් තුමා මෙසේ පවසයි: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉන්පසු පවසා සිටියේ යුග දෙකක් ද තුනක් ද යන්න ගැන තමන්ට මතක නැති බව ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: සැබැවින්ම ඔබ අතරින් වඩාත් දුරස්ත පිරිසක් ද වෙති. ඔවුහු වංචා කරති; ඔවුන්ව විශ්වාස කළ නොහැක. සාක්ෂි දරති; ඔවුන්ගෙන් සාක්ෂි දෙන මෙන් ඉල්ලා නැත. ඔවුන් භාර වෙති; එය ඉටු කරන්නේ නැත. ඔවුන් අතර තරබාරුකම දිස්වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.