Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“නියත වශයෙන්ම එතුමා හජර් අල් අස්වද් (හෙවත් කඃබාවෙහි තැන්පත් කොට ඇති ගල) වෙත පැමිණ එය සිප ගෙන ‘නියත වශයෙන්ම ඔබ ගලක් බව මම මැනවින් දනිමි. හිංසාවක් කිරීමට හෝ යහපතක් ගෙන දෙන්නට හෝ ඔබට නොහැකි ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔබ ව සිප ගනු මා නොදුටුවේ නම් මම ඔබ සිප නොගනිමි." යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අන්සාර් වරුන් විෂයයෙහි මෙසේ පැවසූහ. "දේවත්වය විශ්වාස කළ අයකු හැර වෙනත් කිසිවෙක් ඔවුනට ආදරය කරන්නේ නැත. කුහකයකු හැර වෙනත් කිසිවෙක් ඔවුන් සමග උරණ වන්නේ නැත. කවරෙකු ඔවුනට ආදරය කරන්නේ ද අල්ලාහ් ඔහුට ආදරය කරනු ඇත. කවරෙකු ඔවුන් සමග උරණ වන්නේ ද අල්ලාහ් ද ඔහු සමග උරණ වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සාබිත් ඉබ්නු කය්ස් (රළියල්ලාහු අන්හු) තුමාව දුටුවේ නැත. එවිට මිනිසකු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහු ගැන තොරතුරු මම ඔබට දන්වන්නම් යැයි පවසා ඔහු වෙත ගියේය. එවිට ඔහු තම නිවසේ හිස නමමින් වාඩි වී සිටිනු දුටුවේය. එවිට ඔහු: "ඔබේ කරුණ කුමක් දැ?"යි විමසා සිටියේය. ඔහු 'නපුරකි' නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ හඬට වඩා ඉහළින් තම හඬ පැවතුනු බවත් එහෙයින් තම ක්‍රියාව නිෂ්ඵල වී ඇති බවත්, තමන් අපාගින්නේ වාසීන් අතරින් කෙනෙකු වී ඇති බවත් පවසා සිටියේය. පසුව එම මිනිසා පැමිණ සැබැවින්ම ඔහුගේ තත්ත්වය මෙසේ මෙසේ යැයි ැන්වීය. පසුව ඔහු නැවතත් හැරී ගියේ අතිමහත් ශුභාරංචියක් සමගය. එනම් එතුමාණෝ: ඔබ ඔහු වෙත ගොස් සැබැවින්ම තමුන් අපා ගින්නේ වැසියන් අතරින් කෙනෙකු නොවන බවත් ස්වර්ගයේ වැසියන් අතරින් කෙනෙකු බවත් ඔහුට පවසන්න යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අතරින් වඩාත් ශ්‍රේෂ්ටතම උදවිය මාගේ යුගයේ උදවියයි. අනතුරුව ඔවුනට පරව සිටින්නෝ වෙති. පසුව ඔවුනට පරව සිටින්නෝ වෙති" ඉම්රාන් තුමා මෙසේ පවසයි: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉන්පසු පවසා සිටියේ යුග දෙකක් ද තුනක් ද යන්න ගැන තමන්ට මතක නැති බව ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: සැබැවින්ම ඔබ අතරින් වඩාත් දුරස්ත පිරිසක් ද වෙති. ඔවුහු වංචා කරති; ඔවුන්ව විශ්වාස කළ නොහැක. සාක්ෂි දරති; ඔවුන්ගෙන් සාක්ෂි දෙන මෙන් ඉල්ලා නැත. ඔවුන් භාර වෙති; එය ඉටු කරන්නේ නැත. ඔවුන් අතර තරබාරුකම දිස්වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.