Skip to content

“ඔබ ඔහු මරා නොදැමිය යුතුයි. එසේ ඔබ ඔහු මරා දැමුවේ නම්, සැබැවින්ම ඔහු, ඔබ මරා දැමීමට පෙර ඔබ සිටි තත්ත්වයේ ඔහු වන්නේය. එමෙන්ම ඔබ, ඔහු ප්‍රකාශ කළ වදන ඔහු ප්‍රකාශ කිරීමට පෙර ඔහු සිටි තත්ත්වයේ ඔබ වන්නෙහිය.” යැයි පැවසූහ

අල්-මික්දාද් ඉබ්නු අම්ර් අල්-කින්දී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

හෙතෙම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "දේවත්වය ප්‍රතික්ෂේප කළ ප්‍රචණ්ඩකාරී මිනිසෙකු මා හමු වී අපි එකිනෙකා සටන් වැද මගේ අත් දෙකින් එක් අතකට ඔහු කඩුවෙන් පහර දී එය කපා වෙන් කළේය. පසුව ඔහු මගෙන් පළා ගොස් ගසකට මුවා වී පසුව 'මම අල්ලාහ්ට යටත් වෙමි' යැයි පවසයි. අල්ලාහ්ගේ දූතයාණනි! එසේ ඔහු පැවසූ පසුව ඔහුව මා මරා දැමීම ගැන ඔබේ අදහස කුමක් ද?" යැයි විමසුවේය. එවිට එතුමා “ඔබ ඔහු මරා නොදැමිය යුතුය” යැයි පැවසූහ. පසුව මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහු මගේ අත් දෙකින් එකක් කපා ඇත. ඔහු එසේ එය පවසා සිටියේ කපා දැමුවායින් පසුවය? යැයි පවසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): “ඔබ ඔහු මරා නොදැමිය යුතුයි. එසේ ඔබ ඔහු මරා දැමුවේ නම්, සැබැවින්ම ඔහු, ඔබ මරා දැමීමට පෙර ඔබ සිටි තත්ත්වයේ ඔහු වන්නේය. එමෙන්ම ඔබ, ඔහු ප්‍රකාශ කළ වදන ඔහු ප්‍රකාශ කිරීමට පෙර ඔහු සිටි තත්ත්වයේ ඔබ වන්නෙහිය.” යැයි පැවසූහ.

أَنَّهُ قَالَ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: أَرَأَيْتَ إِنْ لَقِيتُ رَجُلًا مِنَ الكُفَّارِ فَاقْتَتَلْنَا، فَضَرَبَ إِحْدَى يَدَيَّ بِالسَّيْفِ فَقَطَعَهَا، ثُمَّ لاَذَ مِنِّي بِشَجَرَةٍ، فَقَالَ: أَسْلَمْتُ لِلَّهِ، أَأَقْتُلُهُ يَا رَسُولَ اللَّهِ بَعْدَ أَنْ قَالَهَا؟ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لاَ تَقْتُلْهُ» فَقَالَ: يَا رَسُولَ اللَّهِ إِنَّهُ قَطَعَ إِحْدَى يَدَيَّ، ثُمَّ قَالَ ذَلِكَ بَعْدَ مَا قَطَعَهَا؟ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لاَ تَقْتُلْهُ، فَإِنْ قَتَلْتَهُ فَإِنَّهُ بِمَنْزِلَتِكَ قَبْلَ أَنْ تَقْتُلَهُ، وَإِنَّكَ بِمَنْزِلَتِهِ قَبْلَ أَنْ يَقُولَ كَلِمَتَهُ الَّتِي قَالَ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අල්-මික්දාද් ඉබ්නුල් අස්වද් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් මෙසේ විමසා සිටියේය. හෙතෙම දේවත්වය ප්‍රතික්ෂේප කළ ප්‍රචණ්ඩකාරී මිනිසෙකු යුද පිටියේ හමු වී තමන් එකිනෙකා සටන් වැද අවසානයේ දේවත්වය ප්‍රතික්ෂේප කළ අය තම අතකට කඩුවෙන් පහර දී එය කපා වෙන් කළේය. පසුව ඔහු පළා ගොස් ගසකට මුවා වී ආරක්ෂාව සළසා ගෙන අවසානයේ ඔහු 'ලා ඉලාහ ඉල්ලල්ලාහු (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත)' යැයි පවසා සිටියේය. ඔහු මගේ අත කපා දැමීමෙන් පසු මා විසින් ඔහු මරා දැමීමට මට අවසර ඇත්දැ?යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: “ඔබ ඔහු මරා නොදැමිය යුතු යැ"යි ඔහුට පවසා සිටියහ. එවිට ඔහු: "අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ඔහු මගේ අතක් කපා දමා ඇත. එසේ තිබිය දී මා ඔහු මරා දැමීමට මට නොහැකි ද?" යැයි වමසුවේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ, "ඔබ ඔහු මරා නොදමනු යැයි" පවසා "දැන් ඔහුගේ ජීවිතය නැතිකරන්නට තහනම් තත්ත්වයක ඔහු පසුවන්නේය. එහෙයින් ඔහු ඉස්ලාමයට පැමිණි පසු ඔබ ඔහුව මරා දැමුවෙහි නම්, දැන් ඔහු ඔබේ නිලයෙහි පසුවන බවත් ඔහු ඉස්ලාමයට පැමිණීමත් සමග ඔහුගේ ජීවිතයට ආරක්ෂාව ලැබුණු බවත් දැනගත යුතුය. එමෙන්ම ඔබ සිටින්නේ ඔහුගේ නිලයෙහිය. ඔබට ඔහු මරා දැමීමට අවසරය ඇත්තේ සමප්‍රතිචාර දැක්වීමක් වශයෙන් පමණ ය." යැයි පැවසුහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

ප්‍රකාශයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කිසියම් කෙනෙකු ඉස්ලාමයට පිවිසුණු බවට යම් සළකුණක් ඔහුගෙන් මතු වන්නේ නම් ඔහුට ආරක්ෂාව සැලසිය යුතු ය.

යුද්ධයක් අතරවාරයේ දේවත්වය ප්‍රතික්ෂේප කළ අයකු ඉස්ලාමය වැළඳගත් විට, ඔහුගේ ජීවතයට ඔහු රැකවරණය සළසා ගත්තේය. ඊට පටහැනි දෙයක් ඔහුගෙන් මතු වූයේ නම් හැර, ඔහුව මරා දැමීමෙන් වැළකී සිටිය යුතු ය.

මුස්ලිම්වරයෙකු ෂරියා නීතියට අනුව ඔහුගේ අභිප්‍රායන් අනුගමනය කළ යුතු අතර මුරණ්ඩුකමින් හා පළිගැනීමෙන් එය විය යුතු නොවේ.

ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "ව්‍යසනයන් හට ගැනීමට පෙර සිදු නොවනු සිද්ධියක් පැහැදිලි කර ගැනීම සඳහා ඒ ගැන විමසා සිටීමට අවසර ඇත. ඇතැම් පෙරගමන්කරුවන් විසින් පිළිකුල් සහගත කරුණක් සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති දෑ සම්බන්ධයෙන් නම්, එය කලාතුරකින් සිදුවන දෙයක් බව සැළකේ. එමෙන්ම සාමාන්‍යයෙන් සිදුවිය හැකි දෙයක් සම්බන්ධයෙන් නම්, දැන ගැනීම සඳහා ඒ ගැන විමසීමට අවසර ඇත."

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (5/ 85) (4019).

සහීහ් මුස්ලිම් (1/ 95) (95).

(2/ 815).

තවත් බලන්න (7)

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 359).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 461).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (6/ 345).

المعجم الوسيط.