Skip to content

“කවරෙකු ඔහුගේ පෝෂණ සම්පත්හි ඔහුට විස්තීරණය කරනු ලැබීමත්, ඔහුගේ ආයු කාලයේ ඔහුට (අමතර කාලයක්) එකතු කරනු ලැබීමත් ප්‍රිය කරන්නේ ද, ඔහු ඔහුගේ ඥාතී සම්බන්ධකම් පවත්වා ගනිත්වා!”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“කවරෙකු ඔහුගේ පෝෂණ සම්පත්හි ඔහුට විස්තීරණය කරනු ලැබීමත්, ඔහුගේ ආයු කාලයේ ඔහුට (අමතර කාලයක්) එකතු කරනු ලැබීමත් ප්‍රිය කරන්නේ ද, ඔහු ඔහුගේ ඥාතී සම්බන්ධකම් පවත්වා ගනිත්වා!”

«مَنْ أَحَبَّ أَنْ يُبْسَطَ لَهُ فِي رِزْقِهِ، وَيُنْسَأَ لَهُ فِي أَثَرِهِ، فَلْيَصِلْ رَحِمَهُ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ඥාතීන් බැහැදැකීම, ශාරීරිකව හා මූල්‍යමය වශයෙන් ඔවුනට උපකාර කිරීම හා එවන් වෙනත් කටයුතු තුළින් ඥාතී සම්බන්ධකම් රැක ගැනීම සම්බන්ධයෙන්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උනන්දු කර ඇත. සැබැවින්ම එය පෝෂණ සම්පත් හි විස්තීරණභාවය හා දිගු ආයුෂ ලබන්නට හේතුවන්නේය.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

ඥාතීන් යනු මව හා පිය පාර්ශවයෙන් වූ නෑදෑයෝ වෙති. ඔවුන් වඩාත් සමීපවන සෑම අවස්ථාවකම සම්බන්ධකම් රැකීම වඩාත් උචිත වන්නේය.

ප්‍රතිඵල අදාළ ක්‍රියා වර්ගයෙන්ම පිහිටනු ඇත. ඒ අනුව කවරෙකු යහපත සලසමින් හා උපකාර කරමින් තම ඥාතී සම්බන්ධකම් රැක ගන්නේ ද අල්ලාහ් ද ඔහුගේ ආයුෂ හා ඔහුගේ පෝෂණ සම්පත් ඔහුට ළඟා කර දෙනු ඇත.

ඥාතී සම්බන්ධකම් රැකීම, පෝෂණ සම්පත්හි අභිවෘද්ධියට හා සමෘධියට හේතුවක් වන අතරම ආයුෂ දිගු වීමට ද හේතුවක් වන්නේය. ආයු කාලය හා පෝෂණ සම්පත් සීමිත වුව ද එම ආයු කාලයේ හා පෝෂණ සම්පත්වල අභිවෘධිය පිහිටනු ඇත. ඔහුගේ ආයු කාලය තුළ අනෙකුත් අය සිදු කළ දෑට වඩා වැඩි හා ප්‍රයෝජනවත් දෑ ඔහු සිදු කරනු ඇත. පෝෂණ සම්පත් හා ආයු කාලයේ වැඩි වීම යනු එය යථාර්ථයෙන්ම වැඩි වීමක් වන බව පැවසේ. මැනවින් දන්නා අල්ලාහ් පමණය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 5) (5986).

සහීහ් මුස්ලිම් (4/ 1982) (2557).

තවත් බලන්න (10)

توضيح الأحكام من بلوغ المرام.

للبسام (7/ 320).

شرح رياض الصالحين.

لابن عثيمين (3/ 188).

فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.

لابن عثيمين (6/ 275).

تطريز رياض الصالحين.

لفيصل المبارك (ص224).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 81).