මහා පාපකර්මයන්: අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම, ආත්මයක් ඝාතනය කිරීම, බොරු දිවුරුම් දීම
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මහා පාපකර්මයන්: අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම, ආත්මයක් ඝාතනය කිරීම, බොරු දිවුරුම් දීම."
«الْكَبَائِرُ: الْإِشْرَاكُ بِاللهِ، وَعُقُوقُ الْوَالِدَيْنِ، وَقَتْلُ النَّفْسِ، وَالْيَمِينُ الْغَمُوسُ».
මහා පාපයන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙහි දී පැහැදිලි කරයි. එනම්, එය සිදු කරන්නා මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි දැඩි සේ අවවාදයට ලක්වන පාපකම්ය. ඒවායින් පළමුවැන්න අල්ලාහ්ට ආදේශ තැබීමයි: එනම්, කිසියම් හෝ නැමදුම් ක්‍රමයක් අල්ලාහ් හැර වෙනත් කෙනෙකුට යොමු කිරීම. අල්ලාහ්ගේ දේවත්වය, ඔහුගේ පරිපාලනය, ඔහුගේ නාම හා ගුණාංග යනාදියෙහි අල්ලාහ් නොවන වෙනත් අය අල්ලාහ් සමග සමාන කිරීම. දෙවැන්න "දෙමව්පියන්ට හිංසා කිරීම" එනම් වචනයකින් හෝ ක්‍රියාවකින් හෝ දෙමව්පියන්ට හිංසා පීඩා ඇති කරන සෑම කරුණක්ම හා ඔවුන් දෙදෙනාට ඇප උපස්ථාන කිරීම අත්හැර දැමීමය. ඒවායින් තුන්වැන්න, අපරාධකාරී ලෙස හා සතුරුකමින් මිනිසෙකු ඝාතනය කිරීම වැනි කිසිදු යුක්තියකින් තොරව "ආත්මයක් ඝාතනය කිරීම" සිව්වැන්න: "බොරු දිවුරුම් දීම" එනම්, බොරු කියන බව දැන දැනම බොරුවට දිවුරා සිටීම. එලෙස නම්කිරීමට හේතුව එය අදාළ පුද්ගලයාව පාපයේ හෝ අපා ගින්නේ ගිල්වන බැවිනි.
...:
බොරුවට දිවුරා සිටීම ඉතා බරපතල භයානක වරදක් වන බැවින් ඒ සඳහා ගැලවීමේ ප්‍රතිකර්මයක් නැත. සැබැවින්ම එහි ඇත්තේ තව්බා නොහොත් පශ්චාත්තාප වී සමාව අයැදීම පමණි.
මෙම හදීසයේ මෙම බරපතල පාපකම් කෙටියෙන් සඳහන් කර ඇත්තේ ඒවායෙහි පාපය අතිමහත් වන බැවිනි. නමුත් ඒවාට පමණක් සීමා වන්නේ නැත.
පාපකම් මහා හා කුඩා යනාදි ලෙස බෙදී ඇත. මහා පාපකම් යනු, දණ්ඩ නීතියට හා ශාපයට ලක්වන ආකාරයේ ලෞකික වශයෙන් දඬුවම් ලැබීමට සුදුසුකම් ලබන හා අපා ගින්නට පිවිසීමේ අනතුරු අඟවා ඇති පරිදි, මතුලොව අනතුරු අඟවා ඇති, මතුලොව දඬුවම් ලැබීමට සුදුසුකම් ලබන සෑම පාපයක්ම වේ. මහා පාපයන් බරපතලය. තහනම් කිරීමේ දී ඇතැම් පාපකම් ඇතැම් දෑට වඩා දරුණුය. මෙම මහා පාපකම් හැර සෙසු දෑ සුළු පාපයන් ලෙස සැළකේ.
සහීහුුල් බුහාරි (8/ 137) (6675).
තවත් බලන්න (7)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 408).
رياض الصالحين للنووي (ص125) (337).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (5/ 610).
تطريز رياض الصالحين.
لفيصل آل مبارك (ص964).
පොත්වල උපුටා දක්වා ඇත
7 පොත්තවත් බලන්න (7)
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 2«الكَبَائِرُ: الإشْرَاكُ بِالله، وَعُقُوقُ الْوَالِدَيْنِ، وَقَتْلُ النَّفْسِ، وَالْيَمِينُ الْغَموسُ».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 8«الْكَبَائِرُ: الإشْرَاكُ بِالله، وَعُقُوقُ الْوَالِدَيْنِ، وَقَتْلُ النَّفْسِ، وَالْيَمِينُ الْغَمُوسُ».
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولى«الإِشْرَاكُ بِاللَّهِ، وَعُقُوقُ الوَالِدَيْنِ، وَقَتْلُ النَّفْسِ، وَشَهَادَةُ الزُّورِ» [118].
- قاموس الكبائر«الإِشْرَاكُ بِاللَّهِ، وَعُقُوقُ الوَالِدَيْنِ، وَقَتْلُ النَّفْسِ، وَشَهَادَةُ الزُّورِ» [118].
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الخامسة«الْإِشْرَاكُ بِاللَّهِ، وَعُقُوقُ الْوَالِدَيْنِ، وَقَتْلُ النَّفْسِ، وَشَهَادَةُ الزُّورِ»
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الخامسة«الْكَبَائِرُ: الْإِشْرَاكُ بِاللَّهِ، وَعُقُوقُ الْوَالِدَيْنِ، وَقَتْلُ النَّفْسِ، وَالْيَمِينُ الْغَمُوسُ»
- نبراس طالب (5)1«الكَبَائِرُ: الإِشْرَاكُ بِاللهِ، وَعُقُوقُ الوَالِدَيْنِ، وَقَتْلُ النَّفْسِ، وَاليَمِينُ الغَمُوسُ»