උත්තරීතර අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් කිසිදු හෙවණක් නැති දිනයේ ඔහුගේ හෙවණ තුළ ඔහු හෙවණ ලබා දෙන හත් දෙනෙකු සිටිති
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"උත්තරීතර අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් කිසිදු හෙවණක් නැති දිනයේ ඔහුගේ හෙවණ තුළ ඔහු හෙවණ ලබා දෙන හත් දෙනෙකු සිටිති. යුක්ති ගරුක නායකයා, අල්ලාහ්ගේ නැමදුම තුළ වැඩුණු තරුණයා, දේවස්ථාන සමග ඔහුගේ හදවත බැඳුණු මිනිසා, අල්ලාහ් විෂයයෙහි එකිනෙකා ආදරය කරන මිනිසුන් දෙදෙනා, ඔවුන් දෙදෙනා ඔහු වෙනුවෙන් රැස්වෙති. ඔහු වෙනුවෙන් වෙන්ව යති. නිලය හා අලංකාරය ඇති කාන්තාවක් ඔහුට (කාමයේ වරදවා හැසිරීමට) ඇරයුම් කළ විට, "සැබැවින්ම මම අල්ලාහ්ට බිය වෙමි" යැයි පවසන මිනිසා, ඔහුගේ දකුණත වියදම් කළ දෑ ඔහුගේ වමතට නොදැනෙන තරමට එය සඟවාගෙන දන් දෙන මිනිසා, හුදෙකලාවේ අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔහුගේ ඇස්වලින් කඳුළු සළන මිනිසා."
«سَبْعَةٌ يُظِلُّهُمُ اللَّهُ تَعَالَى فِي ظِلِّهِ يَوْمَ لاَ ظِلَّ إِلَّا ظِلُّهُ: إِمَامٌ عَدْلٌ، وَشَابٌّ نَشَأَ فِي عِبَادَةِ اللَّهِ، وَرَجُلٌ قَلْبُهُ مُعَلَّقٌ فِي المَسَاجِدِ، وَرَجُلاَنِ تَحَابَّا فِي اللَّهِ، اجْتَمَعَا عَلَيْهِ وَتَفَرَّقَا عَلَيْهِ، وَرَجُلٌ دَعَتْهُ امْرَأَةٌ ذَاتُ مَنْصِبٍ وَجَمَالٍ فَقَالَ: إِنِّي أَخَافُ اللَّهَ، وَرَجُلٌ تَصَدَّقَ بِصَدَقَةٍ فَأَخْفَاهَا حَتَّى لاَ تَعْلَمَ شِمَالُهُ مَا تُنْفِقُ يَمِينُهُ، وَرَجُلٌ ذَكَرَ اللَّهَ خَالِيًا، فَفَاضَتْ عَيْنَاهُ».
උත්තරීතර අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් කිසිදු හෙවණක් නැති දිනයේ ඔහුගේ හෙවණ තුළ ඔහු හෙවණ ලබා දෙන මුඃමින්වරුන් අතරින් කණ්ඩායම් හතකට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ශුභාරංචි දන්වා සිටියහ. පළමුවැන්නා: දූෂිත නැති තමන් තුළ යුක්ති ගරුක වූ නායකයා. ඔහුගේ යටතේ සිටින්නන් අතර කිසිදු අපාධයක් සිදු නො කරන පාලකයා. ඔහු කටයුතු භාරව ක්‍රියා කරන තැනැත්තාය. මුස්ලිම්වරුන්ගේ කටයුතු අතරින් කිසිවක් භාරගෙන එහි යුක්ති සහගත ලෙස කටයුතු කරන සෑම කෙනෙකුම මෙහි ඇතුළත් වේ. දෙවැන්නා: අල්ලාහ්ගේ නැමදුම තුළ වැඩුණු තරුණයා, ඔහු එය පූර්ණ කරන තෙක් ඔහුගේ යෞවනය හා ඔහුගේ උත්සාහය එහි ගත කරයි. තුන්වැන්නා: දේවස්ථානය සමග තම හදවත නිතර බැඳුණු මිනිසා. ඔහු ඉන් පිටව ගිය විටත් ඒ ගැන තිබෙන දැඩි ආශාව හේතුවෙන් නැවතත් ඒ වෙත පිය නගයි. දේවස්ථානයෙන් පිටත ඔහු සිටිය ද යම් කිසි බාධකයක් ශරීරයට ඇති වුව ද හදවතින් ඔහු එහි දිගටම බොහෝ සෙයින් රැඳී සිටියි. සිව්වැන්නා: අල්ලාහ් විෂයයෙහි එකිනෙකා සැබෑ ලෙස ආදරය කරන මිනිසුන් දෙදෙනා, ඔවුන් දෙදෙනා ආගමික විෂයයෙහි අඛණ්ඩව රැඳී සිටිති. ලෞකික කටයුත්තක් හේතුවෙන් එය කපා නොහරිති. මරණය ඔවුන් දෙදෙනා අතර වෙන් කරන තෙක්ම සැබෑ ලෙස හෝ එසේ නොවූව ද එක් රැස් වෙති. පස්වැන්නා: අශිලාචාර කටයුත්තක් සඳහා තමන් ඇසුරට පැමිණෙන මෙන් අලංකාරමත් උසස් නිලයේ කීර්තිය ධනය හා අලංකාරය ඇති කාන්තාවක් ඔහුට ඇරයුම් කළ විට ඔහු එය ප්‍රතික්ෂේප කොට ඇයට: "සැබැවින්ම මම අල්ලාහ්ට බිය වෙමි" යැයි පවසන මිනිසා. සයවැන්නා: සුළු පරිමාණයේ හෝ මහා පරිමාණයේ දන්දීමක් වුව ද එය ප්‍රදර්ශනය නොකර ඔහුගේ දකුණත වියදම් කළ දෑ ඔහුගේ වමතට නො දැනෙන තරමට සඟවාගෙන දන් දෙන මිනිසා. සත්වැන්නා: මිනිසුන්ගෙන් දුරස්ව හුදෙකලාවේ සිටිය දී උත්තරීතර අල්ලාහ් වෙත ඇති බිය හා මහිමය නිසාවෙන් ඔහු ගැන තම හදවතින් සිහි ගන්වා, දිවෙන් මෙනෙහි කර, ඔහුගේ ඇස්වලින් කඳුළු සළන මිනිසා.
සඳහන් කරන ලද කණ්ඩායම් හතෙහි මහිමය. ඔවුන් පිළිපදින ලෙස දිරි ගැන්වීම.
"ඔහුගේ හෙවණ තුළ" යන එතුමාණන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: එහි අදහස වනුයේ: ඔහුගේ අර්ෂ් හෙවත් රාජධානියේ හෙවණය. සඊද් ඉබ්නු මන්සූර් විසින් හසන් වර්ගයේ වාර්තා සම්බන්ධතාවයකින් යුතුව වාර්තා කරන ලද සල්මාන් තුමා දන්වා සිටි "තම අර්ෂ්හි හෙවණෙහි අල්ලාහ් හෙවණ ලබා දෙන සත් දෙනෙකි." යන හදීසය එය පෙන්වා දෙයි.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: යුක්තිගරුක තැනැත්තා ගැන විස්තර කිරීමට වඩාත් හොදම ක්‍රමය වනුයේ සැබැවින්ම ඔහු අතිරික්තයෙන් හෝ නොසැළකිලිමත්භාවයෙන් තොරව සෑම දෙයක්ම ඊට අදාළ ස්ථානයේ තබමින් අල්ලාහ්ගේ නියෝගය පිළිපදින්නාය. ඔහු ගැන පළමුව සඳහන් කර ඇත්තේ ඔහු තුළින් පොදු යහපත ලබන බැවිනි.
සලාතයෙන් පසු සලාතය බලපොරොත්තු වෙමින් සිටීමේ මහිමය.
නවවි තුමා මෙසේ පවසයි: අල්ලාහ් සම්බන්ධයෙන් එකිනෙකා ආදරය කිරීම ගැන මෙහි දිරිගන්වා ඇත. එමෙන්ම එහි මහිමය ද විස්තර කර ඇත.
උසස් නිලය හා අලංකාරය ඇති කාන්තාව මෙහි විශේෂයෙන් සඳහන් කර ඇත්තේ, මිනිසුන් ඒ ගුණාංග කෙරෙහි වැඩි ඇල්මක් දක්වන බැවින් හා ඒ කෙරෙහි උනන්දුව දක්වන බැවිනි. එමෙන්ම ඒ ගුණාංග දෙක ඇති කාන්තාවන් ලබා ගැනීමට අසීරු වන බැවිනි.
සදකා හෙවත් පරිත්‍යාග කිරීම තුළ වඩාත් උතුම් වනුයේ ප්‍රදර්ශණය කිරීමෙන් දුරස් වී එය රහසිගත ව සිදු කිරීමයි. සදකාව හා සකාත් ප්‍රසිද්ධ කිරීමට ෂරීආව අවසරය දී ඇත්තේ මුහුණිච්ඡාවෙන් තොරව එය භාරදුන් විටෙකය. එමෙන්ම එමගින් වියදම් කිරීම සඳහා අන් අය දිරිමත් කිරීම, අන් අය විසින් ඔහුව පිළිපැදීම හා ඉස්ලාමිය චාරිත්‍ර නිරූපණය කිරීම පිණිස ය.
එම ආශිර්වාදය මෙම පාර්ශව හත ලබනුයේ උත්තරීතර අල්ලාහ්ට අවංක වීම තුළින් හා ආශාවන්ට විරුද්ධව කටයුතු කිරීම තුළිනි.
"අල්ලාහ් හත් දෙනෙකුට හෙවණ සළසන්නේය" යන ප්‍රකාශය වනාහි, මෙම සංඛ්‍යාව මගින් ඔවුන් සීමා කිරීම මින් අදහස් වන්නේ නැත. මෙම හදීසයේ සඳහන් නොකරන ලද අල්ලාහ්ගේ අර්ෂ් හෙවත් රාජධානියේ සෙවණ ලබන තවත් පිරිස් ද වෙති.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: මෙම හදීසයේ පිරිමින් පමණක් සඳහන් කර තිබීම මෙවා පිරිමියාට පමණක් සීමා වූවක් බව වටහා නොගත යුතුය. ඔවුන් සමග කාන්තාවන් ද හවුල් වෙති. එනම් ඉහත සඳහන් කරන ලද කරුණු ක්‍රියා කරන පිරිමින් සමග ඔවුන් ද හවුල් වෙති. නමුත් යුක්තිගරුක නායකයා යන කරුණ පාලක නායිකාව අදහස් කරන්නේ නම් හැර. එසේ නොවන්නේ නම් ඇය දරුපවුල් කාන්තාවක් නම් ඒ අතරට ඇය ද ඇතුළත් වන්නීය. එවිට ඇය ඔවුන් අතර යුක්තිගරුකව කටයුතු කළ යුතුය. එමෙන්ම මස්ජිදය සමග බැඳී කටයුතු කිරීමේ කරුණෙන් ද ඇය ඉවත් වන්නීය. හේතුව කාන්තාවකගේ සලාතය ඇගේ නිවසේ ඉටු කිරීම මස්ජිදයේ ඉටු කිරීමට වඩා උතුම් වන බැවිනි. ඒ හැර අනෙකුත් කරුණුවල දී ඇය ද හවුල්කාරිනියක් වන්නීය. කාන්තාවක් කාමයේ වරදවා හැසිරෙන්නට ඇරයුම් කරනු ලබන පිරිමියා යන කරුණ අතරට පවා ඇය හවුල් කාරිනියක් වන්නීය. උදාහරණයක් ලෙස රූමත් රජකු කාමයේ වරදවා හැසිරෙන්නට ඇයට ඇරයුම් කරයි. එවිට ඇයට අවශ්‍යතාව තිබිය දී උත්තරීතර අල්ලාහ්ට බියෙන් ඇය ඔහුගෙන් වැළකී සිටින්නාක් මෙනි.
සහීහුුල් බුහාරි (2/ 111) (1423).
සහීහ් මුස්ලිම් (2/ 715) (1031).
තවත් බලන්න (1)
إرشاد الساري لشرح صحيح البخاري (3/ 24).
පොත්වල උපුටා දක්වා ඇත
9 පොත්තවත් බලන්න (9)
- الخطب المنبرية موسوعة الخطب المنبرية (القسم الثاني)«سَبْعَةٌ يُظِلُّهُمُ اللَّهُ فِي ظِلِّهِ يَوْمَ لَا ظِلَّ إِلَّا ظِلُّهُ»،
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«سَبْعَةٌ يُظِلُّهُمُ اللَّهُ تَعَالَى فِي ظِلِّهِ يَوْمَ لاَ ظِلَّ إِلَّا ظِلُّهُ: إِمَامٌ عَدْلٌ، وَشَابٌّ نَشَأَ فِي عِبَادَةِ اللَّهِ، وَرَجُلٌ قَلْبُهُ مُعَلَّقٌ فِي المَسَاجِدِ، وَرَجُلاَنِ تَحَابَّا فِي اللَّهِ، اجْتَمَعَا عَلَيْهِ و
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«سَبْعَةٌ يُظِلُّهُمُ اللَّهُ تَعَالَى فِي ظِلِّهِ يَوْمَ لَا ظِلَّ إِلَّا ظِلُّهُ: إِمَامٌ عَدْلٌ، وَشَابٌّ نَشَأَ فِي عِبَادَةِ اللَّهِ، وَرَجُلٌ قَلْبُهُ مُعَلَّقٌ فِي المَسَاجِدِ، وَرَجُلَانِ تَحَابَّا فِي اللَّهِ، اجْتَمَعَا عَلَيْهِ و
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“سبعة يظلهم الله تعالى في ظله يوم لا ظل إلا ظله: إمام عدل، وشاب نشأ في عبادة الله، ورجل قلبه معلق في المساجد...”.
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“سبعة يظلهم الله في ظله يوم لا ظل إلا ظله” وذكر منهم: “ورجل تصدق بصدقة فأخفاها حتى لا تعلم شماله ما تنفق يمينه”.
- مادة العقيدة الإسلامية(سبعة يظلهم الله في ظله يوم لا ظل إلا ظله، إمام عادل، وشاب نشأ في عبادة الله، ورجل قلبه معلق في المساجد، ورجلان تحابا في الله اجتمعا عليه وافترقا عليه، ورجل دعته امرأة ذات منصب وجمال فقال: إني أخاف الله، ورجل تصدق بصدقةٍ فأخفاها حتى لا تعلم
- مشروع منهاج زادكزادك 1 طالب«سَبْعَةٌ يُظِلُّهُمُ اللهُ فِي ظِلِّهِ يَوْمَ لَا ظِلَّ إِلَّا ظِلُّهُ: الْإِمَامُ الْعَادِلُ، وَشَابٌّ نَشَأَ بِعِبَادَةِ اللهِ، وَرَجُلٌ قَلْبُهُ مُعَلَّقٌ فِي الْمَسَاجِدِ، وَرَجُلَانِ تَحَابَّا فِي اللهِ اجْتَمَعَا عَلَيْهِ وَتَفَرَّقَ
- مشروع منهاج زادكزادك 1 طالب«رَجُلٌ تَصَدَّقَ بِصَدَقَةٍ فَأَخْفَاهَا حَتَّى لَا تَعْلَمَ شِمَالُهُ مَا تُنْفِقُ يَمِينُهُ».
- نبراس طالب (2)نبراس طالب (2) «سبعةٌ يُظِلُّهم اللهُ في ظِلِّه يومَ لا ظلَّ إلَّا ظلُّه: ... ورجُلٌ تصَدَّقَ بصَدَقةٍ فأَخفاها حتى لا تعلَمَ شِمالُه ما تُنفِقُ يَمينُه»