Skip to content

පිරිමියා ‍ෙපිරිමියාගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය. කාන්තාව කාන්තාවගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"පිරිමියා ‍ෙපිරිමියාගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය. කාන්තාව කාන්තාවගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය. පිරිමියා පිරිමියා සමග එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය. එමෙන්ම කාන්තාව කාන්තාව සමග එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය."

«لَا يَنْظُرُ الرَّجُلُ إِلَى عَوْرَةِ الرَّجُلِ، وَلَا الْمَرْأَةُ إِلَى عَوْرَةِ الْمَرْأَةِ، وَلَا يُفْضِي الرَّجُلُ إِلَى الرَّجُلِ فِي ثَوْبٍ وَاحِدٍ، وَلَا تُفْضِي الْمَرْأَةُ إِلَى الْمَرْأَةِ فِي الثَّوْبِ الْوَاحِدِ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

පිරිමියා පිරිමියාගේ රහස්‍ය පෙදෙස් දෙස බැලීම හෝ කාන්තාව කාන්තාවගේ රහස්‍ය පෙදෙස් දෙස බැලීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. අව්රා හෙවත් රහස්‍ය පෙදෙස් යනු: එය හෙළි වූ විට ලැජ්ජාවට පත්වන කොටසය. පිරිමියාගේ අව්රතය ඔහුගේ ඉණ හා දණහිස් දෙක අතර කොටසයි. කාන්තාවට පිටස්තර පිරිමියා හමුවේ ඇගේ මුළු ශරීරයම අව්රා වේ. නමුත් කාන්තාවන් හා ඇගේ මහ්රම් ඥාතීන් හමුවේ ඇය නිවසේදී වැඩ කරන අවස්ථාවේ පුරුදු පරිදි ප්‍රදර්ශණය වන දෑ ප්‍රදර්ශනය කරනු ඇත. පිරිමියා තවත් පිරිමියකු සමග එකම ඇඳුමක හෝ එකම පොරෝණයක තනිවී වෙන්ව සිටීමත්, කාන්තාව තවත් කාන්තාවකු සමග එකම ඇඳුමක හෝ එකම පොරෝණයක තනිවී වෙන්ව සිටීමත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. සැබැවින්ම එය සෑම කෙනෙකුම අනෙකාගේ රහස්‍ය පෙදස් ස්පර්ශ කිරීමේ තත්ත්වයට ගෙන යන බැවිනි. ඇයව බැලීම තහනම් මෙන්ම ස්පර්ශ කිරීම ද තහනම් කරන ලද්දකි. එය මහත් දූෂිත ක්‍රියාවන් වෙත යොමු කරන බැවින් එහි තහනම වඩාත් බරපතලය.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

අඹු සැමියන් හැර පිටස්තරයන් රහස්‍ය පෙදෙස් බැලීමේ තහනම.

සමාජය පිවිතුරු කිරීමටත්, අශීලචාර දෑ වෙත යොමු කරන මාර්ග වසා දැමීමටත් ඉස්ලාමය උනන්දු වෙයි.

ප්‍රතිකාර හා වෙනත් අවශ්‍යතා සඳහා එම පෙදෙස් බලන්නට සිදු වූ විට, කාමාශාවෙන් තොරව රහස්‍ය පෙදෙස් බැලීමට අවසරය ඇත.

මුස්ලිම්වරයා තම රහස්‍ය පෙදෙස් ආවරණය කිරීමටත්, අන් අයගේ රහස්‍ය පෙදෙස් දෙස බැලීමෙන් තම බැල්ම පහත හෙළීමටත් නියෝග කරනු ලැබ ඇත.

පිරිමින් පිරිමන් සමග ද කාන්තාවන් කාන්තාවන් සමග ද වීමේ තහනම විශේෂයෙන් පවසා ඇත. හේතුව එය බැලීමට හා රහස්‍ය පෙදෙස් නිරාවරණය කිරීමට යොමු කරන බැවිනි.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 266) (338).

තවත් බලන්න (10)

نزهة المتقين.

مجموعة من الباحثين (2/ 1118).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (19/ 288).

بهجة الناظرين.

لسليم الهلالي (3/ 146).

إكمال المعلم بفوائد مسلم.

لعياض بن عياض (2/ 186).

شرح رياض الصالحين.

لابن عثيمين (6/ 363).