Skip to content

“අපරාධය ගැන බියවන්න. සැබැවින්ම සැබෑ අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අඳුරු වේ. එමෙන්ම මසුරු වීම ගැන බියවන්න. සැබැවින්ම මසුරුකම නුඹලාට පෙර සිටියවුන් විනාශ කර දැමීය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී:

“අපරාධය ගැන බියවන්න. සැබැවින්ම සැබෑ අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අඳුරු වේ. එමෙන්ම මසුරු වීම ගැන බියවන්න. සැබැවින්ම මසුරුකම නුඹලාට පෙර සිටියවුන් විනාශ කර දැමීය. ඔවුන්ගේ ජීවිත නැසීමටත් එමෙන්ම ඔවුනට තහනම් කරනු ලැබූ දෑ අනුමත කර ගැනීමටත් එය තුඩු දිය.”

«اتَّقُوا الظُّلْمَ، فَإِنَّ الظُّلْمَ ظُلُمَاتٌ يَوْمَ الْقِيَامَةِ، وَاتَّقُوا الشُّحَّ، فَإِنَّ الشُّحَّ أَهْلَكَ مَنْ كَانَ قَبْلَكُمْ، حَمَلَهُمْ عَلَى أَنْ سَفَكُوا دِمَاءَهُمْ وَاسْتَحَلُّوا مَحَارِمَهُمْ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අපරාධය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. මිනිසුනට අපරාධ කිරීම, තමන්ටම අපරාධ කර ගැනීම හා උත්තරීතර අල්ලාහ්ගේ අයිතිය තුළ අපරාධ කිරීම ඉන් කිහිපයකි. එනම් ඔහුගේ අයිතිය තුළ පිරිනැමිය යුතු සෑම අයිතියක්ම පැහැර හැරීමය. සැබැවින්ම සැබෑ අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අදාළ පුද්ගලයාට ඇතිවන බියකරු හා දැඩි සිදුවීම් අතරින් අත්වන අපරාධ වේ. තවද මසුරුකමින් ද එතුමාණෝ වැළැක්වූහ. එය තණ්හාවෙන් යුතු දැඩි ලෝභකමය. මූල්‍යමය වගකීම් ඉටු කිරීමෙහි සිදු කරන අඩුපාඩු හා මෙලොවෙ කටයුතු සදහා වන දැඩි ආශාව ඒ අතරින් වෙති. මෙම වර්ගයේ අපරාධ අපට පෙර විසූ සමූහයන් විනාශ කර දැමීය. ඔවුන්ගේ ජීවිත නැසීමටත් එමෙන්ම ඔවුනට තහනම් කරනු ලැබූ දෑ අනුමත කර ගැනීමටත් එය තුඩු දිය.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

මුදල් වැය කිරීම සහ සහෝදරත්වය රැකීම එකිනෙකා අතර ආදරය හා සම්බන්ධතාවය ගොඩ නැගීමට හේතු වේ.

ලෝභකම හා මසුරුකම නිසා, අශීලාචාරය හා පාපකම සිදුවීමට හේතු වන්නේය.

පෙර සිටි සමූහයන්ගේ තත්ත්වයන් ගැන සැළකිලිමත් වීම.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 1996) (2578).

තවත් බලන්න (4)

نزهة المتقين شرح رياض الصالحين.

مجموعة من الباحثين (1/ 484).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 614).