Skip to content

මෙලොව දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයට සිරගෙයකි. දෙවියන් ප්‍රතික්ෂේප කළ අයට ස්වර්ගයකි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

"මෙලොව දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයට සිරගෙයකි. දෙවියන් ප්‍රතික්ෂේප කළ අයට ස්වර්ගයකි."

«الدُّنْيَا سِجْنُ الْمُؤْمِنِ وَجَنَّةُ الْكَافِرِ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නියෝග කරන ලද දෑ පිළිපැදීමෙන් හා තහනම් කරන ලද දෑ අත්හැර දැමීමෙන් දේවත්වය විශ්වාස කරන්නා ආගමික වගකීම්වලට බැඳී ඇති බැවින් ඔහුට මෙලොව ජීවිතය සිරගෙයක් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා ඇත. ඔහු මිය ගිය විට ඉන් නිදහස් වී, සර්වබලධාරී අල්ලාහ් ඔහුට සූදානම් කර ඇති සදාතනික සැපත වෙත හැරී යනු ඇත. නමුත් එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාට ස්වර්ගයන් මෙන් යැයි උපමා කර ඇත. මක්නිසාදයත් ඔහු තමන් කැමති පරිදි එහි කටයුතු කරන බැවින් ද, තමන් ආශා කරන දෑ නියෝග කරන බැවින් ද වේ. ඔහු මිය ගිය විටෙක මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහු වෙනුවෙන් සූදානම් කර ඇති සදාතනික දඬුවම වෙත හැරී යනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

නවවි තුමා මෙසේ පවසයි: දේවත්වය විශ්වාස කළ සෑම කෙනෙකුම තහනම් කරන ලද ආශාවන්ගෙන් හා පිළිකුල් සහගත දැයින් මෙලොවෙහි සිරගත කරනු ලැබ ඇත. වළක්වනු ලැබ ඇත. දුෂ්කර ක්‍රියාවන් කිරීමට ඔවුනට පැවරී ඇත. ඔහු මිය ගිය විටෙක ඔහු එයින් මිදී සර්වබලධාරී අල්ලාහ් ඔහු වෙනුවෙන් සූදානම් කර ඇති සදා සැපත වෙත හැරී යනු ඇත. එය කිසිදු අඩුවක් නැති ශුද්ධ සැපතකි. නමුත් ඒ සම්බන්ධයෙන් දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයා වනාහි, ඔහු මෙලොවෙහි ලබන්නේ සුළු සැපතක් පමණි. එසේ වුව ද ඔහු එය ලබන්නේ කරදර හා බාධාවන් සමගය. නමුත් ඔහු මිය ගිය විට සදා දඬුවම වෙත හා සදා අභාග්‍යය වෙත ඔහු යොමු වනු ඇත.

සින්දී තුමා මෙසේ පවසයි: 'සිජ්නුල් මුඃමින්' (මුඃමින්වරයාගේ සිරගෙය) යන ප්‍රකාශය වනාහි, ඔහු සැපතෙහි වී නම්, ස්වර්ගය ඔහුට එයට වඩා ශ්‍රේෂ්ඨ වනු ඇත. 'වජන්නතුල් කාෆිරි' (දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයාගේ ස්වර්ගය) යන ප්‍රකාශය වනාහි, ඔහු දුෂ්කරතාවෙන් පෙළෙන්නේ නම්, අපා ගින්න ඔහුට ඊට වඩා දරුණු වනු ඇත.

සර්වබලධාරී අල්ලාහ් අබියස මෙලොව වැදගත් නොවීම.

මෙලොව දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් හට විභාගයේ හා පරීක්ෂණයේ නිවහනයි.

දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයා ඔහුගේ මෙලොව ජීවිතය තුළ ඔහුගේ ස්වර්ගය ඉක්මන් කරගනු ඇත. නමුත් මතුලොව ස්වර්ගය හා එහි ඇති සැප පහසුකම් තහනම් කිරීම තුළින් ඔහු දඬුවමට ලක්වනු ඇත.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 2272) (2956).

තවත් බලන්න (10)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 535).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 419).

شرح رياض الصالحين.

لابن عثيمين (3/ 367).

موسوعة فقه القلوب.

لمحمد التويجري (4/ 3471).

كتاب العلم.

لابن عثيمين (ص37).