“මට පෙර සිටි සමූහයා අතරට තම සමූහයා අතරින් තමන්ගේ පිළිවෙත පිළිපදින තම නියෝගය අනුගමනය කරන සගයන් හා ගෝලයින් නොහිඳ අල්ලාහ් විසින් එවූ කිසිදු නබිවරයකු නොවීය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මට පෙර සිටි සමූහයා අතරට තම සමූහයා අතරින් තමන්ගේ පිළිවෙත පිළිපදින තම නියෝගය අනුගමනය කරන සගයන් හා ගෝලයින් නොහිඳ අල්ලාහ් විසින් එවූ කිසිදු නබිවරයකු නොවීය. අනතුරුව ඔවුන්ගෙන් පසු බොහෝ කඩකිරීම් සිදුවිය. ඔවුන් සිදු නොකරන දෑ ඔවුහු පවසති. ඔවුනට නියෝග නොකරන ලද දෑ ඔවුහු සිදු කරති. කවරෙකු තම අතින් ඔවුන් වළක්වන්නට පරිශ්‍රමය යෙදුවේ ද ඔහු දේවත්වය විශ්වාස කරන්නෙකි. එමෙන්ම කවරෙකු තම හදවතින් ඔවුන් වළක්වන්නට පරිශ්‍රමය යෙදුවේ ද ඔහු ද දේවත්වය විශ්වාස කරන්නෙකි. තවත් කවරෙකු තම දිවෙන් (වචනයෙන්) ඔවුන් වළක්වන්නට පරිශ්‍රමය යෙදුවේද ඔහු ද දේවත්වය විශ්වාස කරන්නෙකි. ඉන් ඔබ්බට විශ්වාසයෙන් අබ ඇටයක් (තරම්) හෝ වෙනකක් නොමැත.
«مَا مِنْ نَبِيٍّ بَعَثَهُ اللهُ فِي أُمَّةٍ قَبْلِي إِلَّا كَانَ لَهُ مِنْ أُمَّتِهِ حَوَارِيُّونَ، وَأَصْحَابٌ يَأْخُذُونَ بِسُنَّتِهِ وَيَقْتَدُونَ بِأَمْرِهِ، ثُمَّ إِنَّهَا تَخْلُفُ مِنْ بَعْدِهِمْ خُلُوفٌ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ، وَيَفْعَلُونَ مَا لَا يُؤْمَرُونَ، فَمَنْ جَاهَدَهُمْ بِيَدِهِ فَهُوَ مُؤْمِنٌ، وَمَنْ جَاهَدَهُمْ بِلِسَانِهِ فَهُوَ مُؤْمِنٌ، وَمَنْ جَاهَدَهُمْ بِقَلْبِهِ فَهُوَ مُؤْمِنٌ، وَلَيْسَ وَرَاءَ ذَلِكَ مِنَ الْإِيمَانِ حَبَّةُ خَرْدَلٍ».
'නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පෙර විසූ සමූහයා අතරින් කිසියම් හෝ නබිවරයකු හෝ වේවා, ඔහුගේ සමාජය තුළ පිවිතුරු, ඔහුට සහය ඵල කළ, කැපවීමෙන් කටයුතු කළ අවංක, ඔහුගෙන් පසු පරිපාලනය නිවැරදිව ක්‍රියාත්මක කරන, ඔහුගේ පිළිවෙත අනුගමනය කරන, ඔහුගේ නියෝග පිළිපදින පිරිසකින් තොරව අල්ලාහ් කිසිදු නබිවරයකු එව්වේ නැත,' යැයි එතුමාණෝ පැවසූහ. පසුව එම පුරෝගාමී දැහැමියන්ගෙන් පසුව යහපත නැති පිරිසක් පැමිණෙනු ඇත. තමන් සිදු නො කරන දෑ ඔවුහු පවසති. තමන්ට නියෝග නොකරන ලද දෑ ඔවුහු සිදු කරති. කවරෙකු තම අතින් ඔවුන් සමග වෙහෙස වන්නේ ද ඔහු දේවත්වය විශ්වාස කරන්නෙකි. එමෙන්ම කවරෙකු තම දිවෙන් ඔවුන් සමග වෙහෙස වන්නේ ද ඔහු ද දේවත්වය විශ්වාස කරන්නෙකි. තවත කවරෙකු තම හදවතින් (වචනයෙන්) ඔවුන් වළක්වන්නට පරිශ්‍රමය යෙදුවේද ඔහු ද දේවත්වය විශ්වාස කරන්නෙකි. ඉන් පසුව විශ්වාසයෙන් අබ ඇටයක් (තරම්) හෝ නොමැත.
حَبَّةُ خَرْدلٍ: أي زِنَة حبَّة الخردل، والخردل نبات بري يساوي وزن حبته سدس وزن حبة الشعير.
ෂරීආ පිළිවෙතට පටහැනිව කටයුතු කරන්නන් සමග තම වචනයෙන් හා තම ක්‍රියාවෙන් ඔවුන් යහමඟට ගැනීමට වෙහෙස වීම සඳහා දිරි ගැන්වීම.
පිළිකුල් සහගත දෙයක් ප්‍රතික්ෂේප නො කිරීම ඊමානයේ දුර්වල කම හෝ එය පහව ගොස් ඇති බවට සාක්ෂියකි.
සර්වබලධාරී අල්ලාහ් වක්තෘවරුන්ට ඔවුන්ගේ පණිවිඩය ඔවුන්ගෙන් පසුව ගෙනයාමට පහසු කළේය.
සාර්ථකත්වය අපේක්ෂා කරන්නා නබිවරුන්ගේ පිළිවෙත අනුගමනය කළ යුතුය. ඊට හේතුව ඔවුන්ගේ මාර්ගය හැර සෙසු සෑම මාර්ගයක්ම විනාශය කරා යොමු කරන්නක් හා නොමඟ යෑමකි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හා එතුමාණන්ගේ සහගාමීන්ගේ යුගයෙන් පසු කාලයාගේ අවෑමෙන් මිනිසුන් එතුමාණන්ගේ පිළිවෙත අත්හැර දමා ආශාවන් අනුගමනය කළ අතරම බිද්අත් හෙවත් ආගමික නව කටයුතු බිහි කළෝය.
ජිහාදයේ තරාතිරම් පැහැදිලි කිරීම. සැබැවින්ම කටයුතුභාර උදවිය, නීතිධාරීන්, නායකයන් වැනි තම අතින් වෙනස් කිරීමට හැකි උදවිය එය අතින් සිදු කළ යුතුය. එමෙන්ම සත්‍යය පහදා දෙමින් හා ඒ වෙත ඇරයුම් කරමින් එය ප්‍රකාශයෙන් ද විය යුතුය. තවද නපුර ප්‍රතික්ෂේප කරමින් ඒ ගැන කැමැත්ත හා පිළිගැනීම පළ නොකර එය හදවතින් විය යුතුය.
යහපපත අණ කළ යුතු අතර අයහපත වැළැක්විය යුතුය.
සහීහ් මුස්ලිම් (1/ 69) (50).
තවත් බලන්න (8)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 276).
تطريز رياض الصالحين.
لفيصل آل مبارك (ص148).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (4/ 16).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 209).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 2«مَا مِنْ نَبيٍّ بَعَثَهُ اللهُ فِي أمَّةٍ قَـبْـلي إلَّا كـان لَـه مِـن أُمَّتِهِ حَوارِيُّون وَأصْحابٌ يَأَخُذُون بِسُنَّتِهِ ويَقْتَدُون بِأمْرِهِ، ثُمَّ إنها تخْلُفُ مِنْ بَعْدِهِمْ خُلُوفٌ يَقُولُون مَا لاَ يَفْعَلُونَ، وَيَفْعَلُون مَ
- فهم السلف الصالح للنصوص الشرعية والرد على الشبهات حولهثم إنه تخلف من بعدهم خلوف يقولون ما لا يفعلون، ويفعلون ما لا يؤمرون"[21].
- متن اصول الإيمانمتن أصول الإيمان{ما من نبي بعثه اللَّه في أمته قبلي إلا كان له من أمته حوارِيون وأصحاب يأخذون بسنتِهِ، ويقتدون بأمْرِه، ثم إنها تخلف من بعدهم خلوفٌ يقولون ما لا يفعلون، ويفعلون ما لا يؤْمرون، فمن جاهدهم بيده فهو مؤمن، ومن جاهدهم بلسانهِ فهو مؤمن، ومن جاهده