Skip to content

“කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

“කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.”

«مَنْ قَرَأَ بِالْآيَتَيْنِ مِنْ آخِرِ سُورَةِ الْبَقَرَةِ فِي لَيْلَةٍ كَفَتَاهُ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද, සැබැවින්ම අල්ලාහ් නපුර හා පිළිකුල් සහගත දෑ ඔහුගෙන් වළක්වනු ඇත. තවත් වාර්තාවක 'රාත්‍රියේ නැමදුම් කිරීමට එය ප්‍රමාණවත් ය' යනුවෙන් ද 'සෙසු ප්‍රාර්ථනාවන්ට එය ප්‍රමාණවත් වේ' යනුවෙන් ද 'සැබැවින්ම ඒ දෙක රාත්‍රි සලාතයේ කුර්ආනය කියවීමට වඩා ප්‍රමාණවත් වේ' යනුවෙන් ද මේවා හැර වෙනත් අදහස් ද වාර්තා වී ඇත. සඳහන් කරන ලද මේ සියල්ල එම වචනය ආවරණය කර ඇත.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

සූරා අල්-බකරාවෙහි අවසාන පාඨවල ඇති මහිමය විස්තර කිරීම. එනම් "ආමනර් රසූල්..." යනුවෙන් පටන් ගෙන එම සූරාවේ අවාසනය දක්වා වූ උත්තරීතර අල්ලාහ්ගේ වදන් පෙළයි.

සූරා බකරාවෙහි අවසාන පාඨය රාත්‍රියේ පාරායනය කළ විට අදාල තැනැත්තාගෙන් නපුර, හානිය හා ෂෙයිතාන්ව එය වළක්වනු ඇත.

හිරු අවරයට යාමත් සමග රාත්‍රිය උදාවන අතර අළුයම උදාවීමෙන් එය අවසන් වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (6/ 188) (5008-5009).

සහීහ් මුස්ලිම් (1/ 554) (807).

තවත් බලන්න (10)

فتح الباري بشرح صحيح البخاري.

لابن حجر (9/ 56).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 240).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص593).

مرقاة المفاتيح شرح مشكاة المصابيح.

لملا علي القاري (4/ 1465).

نزهة المتقين شرح رياض الصالحين.

لمصطفى الخِن وغيره (2/ 757).