Skip to content

හිරු උදාවන සෑම දිනකම මිනිසාගේ සෑම සන්ධියක් සඳහාම දානයක් විය යුතුය.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

හිරු උදාවන සෑම දිනකම මිනිසාගේ සෑම සන්ධියක් සඳහාම දානයක් විය යුතුය. දෙදෙනකු අතර සමතයට පත් කිරීම දානයකි. මිනිසෙක් තම වාහනයේ නංවාගෙන හෝ ඔහුගේ බඩු බාහිරාදිය ඒ මත පටවාගෙන ගොස් ඔහුට උපකාර කිරීම දානයකි. දැහැමි වචනය දානයකි. සලාතය වෙත ගමන් කරමින් එහි තබන සෑම පියවරක්ම දානයකි. මාර්ගයෙන් හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.

«كُلُّ سُلَامَى مِنَ النَّاسِ عَلَيْهِ صَدَقَةٌ، كُلَّ يَوْمٍ تَطْلُعُ فِيهِ الشَّمْسُ تَعْدِلُ بَيْنَ الِاثْنَيْنِ صَدَقَةٌ، وَتُعِينُ الرَّجُلَ فِي دَابَّتِهِ فَتَحْمِلُهُ عَلَيْهَا أَوْ تَرْفَعُ لَهُ عَلَيْهَا مَتَاعَهُ صَدَقَةٌ، وَالكَلِمَةُ الطَّيِّبَةُ صَدَقَةٌ، وَكُلُّ خُطْوَةٍ تَمْشِيهَا إِلَى الصَّلَاةِ صَدَقَةٌ، وَتُمِيطُ الأَذَى عَنِ الطَّرِيقِ صَدَقَةٌ».

බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සෑම මුස්ලිම්වරයකුම තමන් වෙත පිරිනමා ඇති ආරෝග්‍යමත්භාවය සඳහාත් ඔහුගේ අස්ථි සන්ධි ‌මොලවීමට හා දිගු හැරීමට හැකි සේ නිර්මාණය කර තිබීම සඳහාත් අල්ලාහ්ට කෘතඥ වනු පිණිස ඔහුගේ අස්ථි සන්ධි අතරින් සෑම පුරුකක ප්‍රමාණයට උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් අමතර දානයක් පිරිනැමිය යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. සැබැවින්ම එම දානය ඉෂ්ඨ වනුයේ සියලුම ආකාරයේ දැහැමි ක්‍රියාවන් තුළිනි. මුදල් පිරිනැමීමෙන් පමණක් සිදු නොවේ. ඒ අතරින්: දෙදෙනෙකු අතර මතගැටුම් ඇතිවන විට ඔවුන් අතර ඔබ යුක්තිය ඉටු කිරීම හා ඔවුන් අතර සමතයට පත් කිරීම දානයකි. අසරණ අයකු තම වාහනයේ නංවාගෙන හෝ ඔහුගේ බඩුබාහිරාදිය ප්‍රවාහනය කරමින් ඒ සඳහා පහසුකම් සළසා දීම ද සදකාවකි. දික්ර් කිරීම, ප්‍රාර්ථනා කිරීම හා සලාම් පැවසීම වැනි යහපත් ප්‍රකාශය ද සදකා වේ. සලාතය සඳහා පය තබන සෑම පියවරක් තුළින් ද සදකාවක් ඇත. මාර්ගයේ හානිදායක දෑ ඉවත් කිරීම ද සදකාවකි.

වචනාර්ථ

سُلامى: بضم السين المهملة وتخفيف اللام مع القصر، وهي المفاصل، وقد ثبت في صحيح مسلم أنها ثلاثمائة وستون:

හදීසයෙන් උගත හැකි පාඩම්

මිනිස් අස්ථි හා සන්ධි එකිනෙකට ඇමිණී පිහිටීම උත්තරීතර අල්ලාහ්ගේ මහත් ආශිර්වාදයකි. එබැවින් ඒ සෑම අස්ථියක් සඳහා දානයක් පිරිනැමිය යුතු වේ. විශේෂයෙන්ම එම ආශීර්වාදය සඳහාම කෘතඥ පූර්වක විය යුතු ය.

එම ආශිර්වාදය කාලය පුරාවටම පවතින බැවින්, සෑම දිනකම අලුතින් කෘතඥවීම සඳහා උනන්දු කරවීම.

සෑම දිනකම අතිරේක නැමදුම් හා දානයන් නිරන්තරයෙන්ම ඉටු කිරීම සඳහා උනන්දු කිරීම.

ජනයා අතර සමතය ඇති කිරීමේ මහිමය.

මිනිසා තම සහෝදරයාට උදව් කිරීම සඳහා දිරි ගැන්වීම, සැබැවින්ම ඔහු ඔහුට උදව් කිරීම දානයක් වේ.

සාමුහික සලාතයට සහභාගී වීමටත්, ඒ වෙත පා ගමනින් යාමටත්, එමගින් මස්ජිදය ගොඩනැගීමටත් දිරි ගැන්වීම.

මිනිසුන්ට හානි දායක වන හෝ ඔවුනට පීඩා ගෙන දෙන දෑ වලින් ඉවත් වී ඔවුන්ගේ මාර්ගවලට ගරු කළ යුතුය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (4/ 56) (2989).

සහීහ් මුස්ලිම් (1/ 498) (720).

තවත් බලන්න (17)

التحفة الربانية في شرح الأربعين حديثًا النووية.

مطبعة دار نشر الثقافة.

الإسكندرية.

الطبعة: الأولى.

1380 هـ.

شرح الأربعين النووية.

للشيخ ابن عثيمين.

دار الثريا للنشر.

فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.

دار ابن القيم.

الدمام المملكة العربية السعودية.

الطبعة: الأولى.

1424هـ/2003م.

الفوائد المستنبطة من الأربعين النووية.

للشيخ عبد الرحمن البراك.

دار التوحيد للنشر.

الرياض.