Skip to content

ඔවුන්ගේ සලාතයේ දී ඔවුන්ගේ බැල්ම ඔවුන් ඉහළට යොමු කරන ජන පිරිස්වල තත්ත්වය කුමක් ද?" එහි දී එතුමාණන්ගේ ප්‍රකාශය ඉතා දැඩි විය. එය කෙතරම් ද යත්, එතුමාණෝ මෙසේ පැවසූහ: "ඉන් ඔවුන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් ඔවුන්ගේ බැල්ම පැහැරගනු ලබනු ඇත

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"ඔවුන්ගේ සලාතයේ දී ඔවුන්ගේ බැල්ම ඔවුන් ඉහළට යොමු කරන ජන පිරිස්වල තත්ත්වය කුමක් ද?" එහි දී එතුමාණන්ගේ ප්‍රකාශය ඉතා දැඩි විය. එය කෙතරම් ද යත්, එතුමාණෝ මෙසේ පැවසූහ: "ඉන් ඔවුන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් ඔවුන්ගේ බැල්ම පැහැරගනු ලබනු ඇත."

«مَا بَالُ أَقْوَامٍ يَرْفَعُونَ أَبْصَارَهُمْ إِلَى السَّمَاءِ فِي صَلاَتِهِمْ»، فَاشْتَدَّ قَوْلُهُ فِي ذَلِكَ، حَتَّى قَالَ: «لَيَنْتَهُنَّ عَنْ ذَلِكَ أَوْ لَتُخْطَفَنَّ أَبْصَارُهُمْ».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සලාතයේ දී ප්‍රාර්ථනා කරන අවස්ථාවේ හෝ වෙනත් අවස්ථාවක හෝ තම බැල්ම ඉහළට ඔසවා අහස දෙසට යොමු කරන්නන් හට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අනතුරු ඇඟවූහ. පසුව එසේ සිදු කරන්නන්ට එරෙහිව එතුමාණන්ගේ එම හෙළා දැකීම හා අවවාදය ඉතා දැඩි විය. සැබැවින්ම එතුමාණන් ඔවුන්ගේ බැල්ම ඔවුන්ගෙන් පැහැර ගනු ලබනු ඇතැයි හා ඔවුන් නොසිතන අයුරින් ඉතා ඉක්මණින් එය ගනු ඇතැයි එතුමාණෝ අවවාද කළහ. සැබැවින්ම ඔවුන් බැල්මෙහි ආශිර්වාදය අහිමි කර ගත්තෝ ය.

හදීසයෙන් උගත හැකි පාඩම්

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ අලංකාර ඇරයුම හා සත්‍යය පැහැදිලි කිරීම. සැබැවින්ම එතුමාණන් කිසි විටෙකත් විරුද්ධව කටයුතු කරන්නන් ගැන ප්‍රකාශ නොකළහ. මක්නිසාදයත් එහි අරමුණ සත්‍යය පැහැදිලි කිරීම වන බැවිනි. තවද එතුමාණෝ එය සාක්ෂාත් කර ගත්හ. මක්නිසාදයත් සත්‍යට විරුද්ධව කටයුතු කරන්නාට ආවරණය කර හා සත්‍ය පිළිගැනීමට ඇරයුම් කරන බැවිනි.

සලාතයේ දී තම බැල්ම අහස දෙසට ඔසවන්නන් කෙරෙහි වූ දැඩි තහනම හා දැඩි අවවාදය.

අව්න් අල් මඃමූද් හි මෙසේ පවසා ඇත: හේතුවනම්, ඔහුගේ බැල්ම අහස දෙසට ඔසවන විට, ඔහු කිබ්ලා දිසාවෙන් බැහැර වන බැවින් හා සලාතයේ ක්‍රමවේදයට ද පිටුපාන බැවින් එය හෙළා දකිණ ලදී.

බැල්ම ඉහළට එසවීම සලාතයේ භක්තිමත් භාවයට පටහැනිය.

සලාතයේ වැදගත්කම. අල්ලාහ් සමග පූර්ණ විනයකින් යුතුව කටයුතු කිරීම සලාත් ඉටු කරන්නාගේ වගකීමය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 150) (750).

තවත් බලන්න (8)

كشاف القناع عن متن الإقناع.

لمنصور بن يونس البهوتي (2/ 404).

توضيح الأحكام شرح بلوغ المرام.

لعبد الله البسام (2/ 101).

فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.

لابن عثيمين (1/ 587).

منار القاري شرح مختصر صحيح البخاري.

لحمزة قاسم (2/ 159).