නැමදුම් කරන්නාට වඩා විද්වතා ශ්‍රේෂ්ඨය. එය මට පහළින් සිටින ඔබට වඩා මාගේ ශ්‍රේෂ්ඨත්වය මෙනි
අබූ උමාමා අල්-බාහිලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මිනිසුන් දෙදෙනෙකු පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මෙනෙහි කරන ලදී: එක් අයකු නැමදුම කරන්නෙකි අනෙක් අය විද්වතෙකි:"
නැමදුම් කරන්නාට වඩා විද්වතා ශ්‍රේෂ්ඨය. එය මට පහළින් සිටින ඔබට වඩා මාගේ ශ්‍රේෂ්ඨත්වය මෙනි. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "සැබැවින්ම අල්ලාහ්, ඔහු මලක්වරු, අහස්හි හා පොළෝතලයන්හි සිටින්නන් එය කෙතරම් ද යත් ගුලක සිටින කුහුඹුවා (ජලයේ සිටින) මත්සයා පවා මිනිසුනට යහපත කියාගෙන ගරුවරයාට ප්‍රාර්ථනා කරති."
«فَضْلُ العَالِمِ عَلَى العَابِدِ كَفَضْلِي عَلَى أَدْنَاكُمْ»، ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ اللَّهَ وَمَلاَئِكَتَهُ وَأَهْلَ السَّمَوَاتِ وَالأَرَضِينَ حَتَّى النَّمْلَةَ فِي جُحْرِهَا وَحَتَّى الحُوتَ لَيُصَلُّونَ عَلَى مُعَلِّمِ النَّاسِ الخَيْرَ».
මිනිසුන් දෙදෙනෙකු පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මෙනෙහි කරන ලදී. එක් අයකු නැමදුම කරන්නෙකි, අනෙක් අය විද්වතකි. වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ මේ දෙදෙනාගෙන් කවරෙකු ද? එතුමාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පවසා සිටියහ: තමන්ට අවශ්‍ය දැනුම දැනගෙන නැමදුම්වල නිරතවන නැමදුම්කරුවකුට වඩා ෂරීආ හෙවත් ආගමික දැනුම ලබා ඒ අනුව ක්‍රියා කරමින් එය අන් අයට උගන්වන විද්වතා සතු මහිමය. එය පහළ සිටින සහාබාවරුන්ට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු මහිමය මෙනි. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ ඒ සඳහා වන හේතුව ද පැහැදිළි කළහ: එනම් සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් ද, දේව රාජ්‍යය ඔසවා සිටින මලක්වරුන් ද ඔහුගේ සෙසු මලක්වරුන් ද අහස්හි හා පොළෝතලයන්හි සිටින මිනිසුන්, ජින්නුන් හා සතුන් ද එය කෙතරම් ද ගොඩබිමේ හා මුහුදේ වෙසෙන සතුන් ඇතුළත් වන පරිදි ගුහාවක සිටින කුහුබුවා හෝ (ජලයේ සිටින) මත්සයා හෝ වේවා ඔවුන් ද, යනාදී මේ සියලු දෙනා මිනිසුන්ගේ ගැලවුම හා ජයග්‍රහණය වෙත මග පෙන්වන ආගමික දැනුම උගන්වන ගුරුවරයාට ප්‍රාර්ථනා කරනු ඇත.
කැමැත්ත හා ආශාව ඇති කරමින් දිරි ගැන්වීම හා උදාහරණ ඉදිරිපත් කිරීම අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ දී පිළිපදිනු ලබන ක්‍රමවේදයකි.
දැනුම උගන්වා, ඒ අනුව ක්‍රියා කරමින්, ඒ වෙත ඇරයුම් කරමින් එහි වගකීම ඉටු කරන විද්වතුන්ගේ ඉමහත් මහිමය.
විද්වතුන්හට හා දැනුම සොයා යන දනන් හට ගරු කිරීමට හා ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමට දිරි ගැන්වීම.
මිනිසුනට යහපත කියා දීම සඳහා උනන්දු කිරීම. මක්නිසාදයත් එය ඔවුන්ගේ ජයග්‍රහණයට හා ඔවුන්ගේ සතුටට හේතුවක් වන බැවිනි.
සුනන් අත් තිර්මිදි (4/ 416) (2685).
තවත් බලන්න (12)
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (16/ 481).
مرقاة المفاتيح شرح مشكاة المصابيح.
لعلي القاري (1/ 298).
فيض القدير شرح الجامع الصغير.
للمناوي (4/ 432).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 469).
تطريز رياض الصالحين.
لفيصل آل مبارك (ص758).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (2/ 954).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 6«فضلُ العالم علىٰ العَابدِ كفضلِي علىٰ أدْنَاكم»،
- مشروع المنهج التعليميمادة الدعوة«إِنَّ اللهَ وَمَلَائِكَتَهُ وَأَهْلَ السَّمَوَاتِ وَالأَرَضِينَ حَتَّى النَّمْلَةَ فِي جُحْرِهَا وَحَتَّى الحُوتَ لَيُصَلُّونَ عَلَى مُعَلِّمِ النَّاسِ الخَيْرَ»
- مشروع المنهج التعليميمادة الدعوة«إِنَّ اللهَ وَمَلَائِكَتَهُ وَأَهْلَ السَّمَوَاتِ وَالأَرَضِينَ حَتَّى النَّمْلَةَ فِي جُحْرِهَا وَحَتَّى الحُوتَ لَيُصَلُّونَ عَلَى مُعَلِّمِ النَّاسِ الخَيْرَ».