ඔබ අල් කුර්ආනය කියවන්න. මක්නිසාදයත් සැබැවින්ම එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අදාළ තැනැත්තන් හට මැදිහත්කරුවෙක් ලෙස පැමිණෙනු ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ උමාමා අල්-බාහිලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ඔබ අල් කුර්ආනය කියවන්න. මක්නිසාදයත් සැබැවින්ම එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අදාළ තැනැත්තන් හට මැදිහත්කරුවෙක් ලෙස පැමිණෙනු ඇත. දීප්තිමත් සූරා අල් බකරා හා සූරා ආලු ඉම්රාන් දෙක කියවන්න. මන්ද ඔවුන් මළවුන් කෙරෙන් නැවත නැඟිටුවනු ලබන දිනයේදී වලාකුළු දෙකක් මෙන් හෝ වියන් දෙකක් මෙන් හෝ පියාසර කරන පක්ෂි රංචු දෙකක් මෙන් හෝ ඒ දෙක පාරායනය කරන්නන් වෙනුවෙන් මැදිහත් වී වාද කරනු ඇත. සූරා අල්-බකරා පාරායනය කරන්න, මන්ද එය පිළිපැදීම සමෘද්ධියකි. එය අත්හැරීම පසුතැවිල්ලට හේතුවකි. ව්‍යාජ දෑට එය ජය ගත නොහැක."
«اقرؤوا القرآنَ فإنَّه يأتي يوم القيامة شَفِيعًا لأصحابه، اقرؤوا الزَّهرَاوَين البقرةَ وسورةَ آل عِمران، فإنهما تأتِيان يوم القيامة كأنهما غَمَامَتان، أو كأنهما غَيَايَتانِ، أو كأنهما فِرْقانِ من طَيْر صَوافٍّ، تُحاجَّان عن أصحابهما، اقرؤوا سورة البقرة، فإن أخذها بَرَكة، وتركها حَسْرة، ولا تستطيعها البَطَلَة».
අල් කුර්ආනය නිරතුරුව කියවන්නට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අප දිරිමත් කර ඇත. මක්නිසාදයත් සැබැවින්ම එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය කියවා ඒ අනුව කටයුතු කරන්නන් වෙනුවෙන් මැදිහත් වන බැවිනි. පසුව සූරා අල් බකරා හා සූරා ආලු ඉම්රාන් යන සූරා දෙක පාරායනය කරන මෙන් සහතික කර ප්‍රකාශ කළහ. ඒ දෙක 'අස් සහ්රවෙයින් අල් මුනීරතයින්' (දීප්තිමත් ආලෝක දෙක) යනුවෙන් නම් කළහ. එය ඒ දෙකෙහි ඇති ආලෝකය හා මගපෙන්වීම හේතුවෙනි. සැබැවින්ම ඒ දෙක පාරායනය කිරීම, ඒ දෙකෙහි අර්ථය පරිශීලනය කිරීම හා ඒ දෙකෙහි ඇති දෑ අනුව කටයුතු කිරීම යනාදියෙහි ප්‍රතිඵල හා කුසල්, මළවුන් කෙරෙන් නැවත නැඟිටුවනු ලබන දිනයේදී වලාකුළු දෙකක් මෙන් හෝ එවැනි වියන් දෙකක් මෙන් හෝ තටු එකිනෙකට අමුණා පියාසර කරන පක්ෂි රංචු දෙකක් මෙන් වී ඒ දෙක පාරායනය කරන්නන් වෙනුවෙන් හෙවණ ලබා දෙනු ඇත. ඔහුව ආරක්ෂා කරනු ඇත. පසුව සූරා අල්-බකරා පාරායනය කිරීම, එහි අර්ථය පරිශීලනය කිරීම සහ එහි ඇති දෑට අනුව ක්‍රියා කිරීම යනාදියෙහි ද අඛණ්ඩව නිරත වන මෙන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ තරයේ ප්‍රකාශ කර සිටියහ. මන්ද එය පිළිපැදීමෙහි මෙලොවෙහි හා මතුලොවෙහි සමෘද්ධිය හා අතිමහත් ප්‍රයෝජන ඇති බැවිනි. එය අත්හැරීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පසුතැවිල්ලට හා පරාජයට හේතු වේ. මෙම සූරාව කියවීමෙහි මහිමය නම්, එය කියවන තැනැත්තාට හානියක් කිරීමට ගුරුකම් කරන්නන්ට පවා හැකියාවක් නොලැබීමය.
අල් කුර්ආනය පාරායනය කිරීමේ හා එය වැඩි වශයෙන් කියවීමේ නියෝගය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම එය කියවා, එහි මග පෙන්වීම් පිළිපැද, එහි නියෝග කර ඇති දෑ ක්‍රියාවට නංවා, එහි වළක්වා ඇති දෑ අත්හැර දමන්නන් වෙනුවෙන් එය මැදිහත් වී කතා කරනු ඇත.
සූරා අල් බකරා හා සූරා ආලු ඉම්රාන් පරායනය කිරීමේ මහිමය. ඒ දෙකෙහි ඇති අතිමහත් ප්‍රතිඵල.
සූරා අල් බකරා කියවීමේ මහිමය. සැබැවින්ම එය අදාළ තැනැත්තාව නපුරු ඉන්ද්‍රජාලකම් වැනි බලවේගවලින් ආරක්ෂා කරනු ඇත.
සහීහ් මුස්ලිම් (1/ 553) (804).
තවත් බලන්න (12)
مرقاة المفاتيح شرح مشكاة المصابيح.
لعلي القاري (4/ 1460).
التنوير شرح الجامع الصغير.
لمحمد الصنعاني (2/ 606).
شرح الأربعين النووية.
لابن عثيمين (ص232).
معارج القبول بشرح سلم الوصول إلى علم الأصول.
لحافظ الحكمي (2/ 846).
التَّحبير لإيضَاح مَعَاني التَّيسير.
لمحمد الصنعاني (2/ 9).
تطريز رياض الصالحين.
لفيصل المبارك (ص579).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“اقرءوا الزهراوين البقرة وسورة آل عمران؛ فإنهما تأتيان يوم القيامة كأنهما غمامتان، أو كأنهما غيايتان، أو كأنهما فرقان من طير صواف، تحاجان عن أصحابهما”.
- تحفة الأخيار تحفة الأخيار (ببيان جملة نافعة مما ورد في الكتاب والسنة من الأدعية والأذكار)«اقْرَءُوا الْقُرْآنَ فَإِنَّهُ يَأْتِي يَوْمَ الْقِيَامَةِ شَفِيعًا لَأصْحَابِهِ» [4].
- موسوعة الإيمان«اقْرَءُوا الْقُرْآنَ فَإِنَّهُ يَأْتِي يَوْمَ الْقِيَامَةِ شَفِيعًا لِأَصْحَابِهِ. اقْرَؤُوا الزَّهْرَاوَيْنِ الْبَقَرَةَ، وَسُورَةَ آلِ عِمْرَانَ، فَإِنَّهُمَا تَأْتِيَانِ يَوْمَ الْقِيَامَةِ كَأَنَّهُمَا غَمَامَتَانِ، أَوْ كَأَنَّهُمَا غ