Skip to content

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), ජනයා අතර වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. රමළාන් මාසයේ ජිබ්රීල් තුමා එතුමාණන්ව හමුවන අවස්ථාවේ වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා)තුමා විසින් ප්‍රකාශ කරන ලදී.

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), ජනයා අතර වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. රමළාන් මාසයේ ජිබ්රීල් තුමා එතුමාණන්ව හමුවන අවස්ථාවේ වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. එතුමා රමළාන් මාසයේ සෑම රාත්‍රියකම එතුමාණන්ව මුණ ගැසී එතුමාණන්ට අල් කුර්ආනය උගන්වමින් පසුවූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හමන සුළඟට වඩා යහපත කිරීමෙහි ඉමහත් පරිත්‍යාගශීලී අයකු වූහ.”

كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَجْوَدَ النَّاسِ، وَكَانَ أَجْوَدُ مَا يَكُونُ فِي رَمَضَانَ حِينَ يَلْقَاهُ جِبْرِيلُ، وَكَانَ يَلْقَاهُ فِي كُلِّ لَيْلَةٍ مِنْ رَمَضَانَ فَيُدَارِسُهُ القُرْآنَ، فَلَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَجْوَدُ بِالخَيْرِ مِنَ الرِّيحِ المُرْسَلَةِ.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජනයා අතරින් වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. එතුමාණන් අවශ්‍ය අයට අවශ්‍ය දේ ලබා දෙමින් අධික ලෙස පරිත්‍යාගශීලී ලෙස කටයුතු කළේ රමළාන් මාසයේ ය. එසේ අධික ලෙස පරිත්‍යාගශීලී අයකු වීමට හේතු දෙකක් පාදක විය. පළමුවැන්න: එතුමාණන් ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ව හමුවීමය. දෙවන කරුණ: අල්-කුර්ආනය ඉගැන්වීම. එනම් කටපාඩම් කිරීම සඳහා කියවා පෙන්වීම. අල් කුර්ආනයෙන් පහළ වූ සියලු දෑ ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා එතුමාණන්ට උගන්වමින් සිටියේය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ අධික ලෙස පරිත්‍යාග කරන, යහපත සිදු කරන වඩාත් පරිත්‍යාගශීලී තත්ත්වයට පත් වූහ. එමෙන්ම එතුමාණෝ වර්ෂාව හා ආශිර්වාදය සමග අල්ලාහ් විසින් එවනු ලබන සුබවාදී සුළගට වඩා වේගතවත්ව මිනිසුන් වෙනුවෙන් යහපත ඉටු කළහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පරිත්‍යාගශීලීභාවය, විශේෂයෙන්ම රමළාන් මාසයේ එතුමාණන් තුළ පැවති උපකාරයේ විශාලත්වය පැහැදිලි කිරීම. සැබැවින්ම එය අවනතවීමේ මාසයයි. යහපත් දෑ සිදු කිරීමේ කාලයයි.

සෑම වේලාවකම පරිත්‍යාගශීලීව කටයුතු කිරීම සඳහා දිරිගැන්වීම. රමළාන් මාසයේ එය අධිකව ඉටු කිරීම වඩාත් යෝග්‍ය වන්නේය.

රමළාන් මාසයේ අධික ලෙස විය පැහැදම් කිරීම, පරිත්‍යාග කිරීම, උපකාර කිරීම හා අල් කුර්ආනය කියවීම.

දැනුම ආරක්ෂා කිරීමේ එක් සාධකයක් නම්, දැනුම හදාරන දරුවන් හා විද්වතුන් සමග එය අධ්‍යයනය කිරීමය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 8) (6).

සහීහ් මුස්ලිම් (4/ 1803) (2308).

තවත් බලන්න (8)

شرح رياض الصالحين.

لابن عثيمين (5/ 275).

نزهة المتقين شرح رياض الصالحين.

مجموعة من الباحثين (2/ 870).

بهجة الناظرين.

لسليم الهلالي (2/ 364).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين.