Skip to content

“ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට අති උත්කෘෂ්ඨ, උත්තරීතර අල්ලාහ්: “මම නුඹලාට යමක් අමතරව දීම නුඹලා ප්‍රිය කරන්නෙහු ද?”යැයි විමසයි

නබ් (සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම්) තුමාණන් මෙසේ පැවසු බව සුහෙයිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

“ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට අති උත්කෘෂ්ඨ, උත්තරීතර අල්ලාහ්: “මම නුඹලාට යමක් අමතරව දීම නුඹලා ප්‍රිය කරන්නෙහු ද?”යැයි විමසයි. එවිට, ඔවුහු: “අපගේ මුහුණු ඔබ සුදුවන් නොකළෙහි ද? අපව ස්වර්ගයට ඇතුළත් නොකළෙහි ද? අපව අපා ගින්නෙන් මුදවා නොගත්තෙහි ද?" යැයි පවසති. පසුව ඔහු තිරය ඉවත් කරයි. ඔවුනට දෙනු ලැබූ කිසිවක්, ඔවුන්ගේ පරමාධිපති දෙස බැලීමට වඩා ඔවුනට ප්‍රිය මනාප නොවනු ඇත.”

«إِذَا دَخَلَ أَهْلُ الْجَنَّةِ الْجَنَّةَ، قَالَ: يَقُولُ اللهُ تَبَارَكَ وَتَعَالَى: تُرِيدُونَ شَيْئًا أَزِيدُكُمْ؟ فَيَقُولُونَ: أَلَمْ تُبَيِّضْ وُجُوهَنَا؟ أَلَمْ تُدْخِلْنَا الْجَنَّةَ، وَتُنَجِّنَا مِنَ النَّارِ؟ قَالَ: فَيَكْشِفُ الْحِجَابَ، فَمَا أُعْطُوا شَيْئًا أَحَبَّ إِلَيْهِمْ مِنَ النَّظَرِ إِلَى رَبِّهِمْ عَزَّ وَجَلَّ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට අති උත්කෘෂ්ඨ, උත්තරීතර අල්ලාහ් ඔවුනට මෙසේ පවසන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කර සිටියහ. එනම්: මම නුඹලාට යමක් අමතරව පිරිනැමීම නුඹලා ප්‍රිය කරන්නෙහු ද? එවිට, සමස්ත ස්වර්ගවාසීහු, “අපගේ මුහුණු ඔබ සුදුවන් නොකළෙහි ද? අපව ස්වර්ගයට ඔබ ඇතුළත් නොකළෙහි ද? අපව අපා ගින්නෙන් මුදවා නොගත්තෙහි ද?" යැයි පවසති. පසුව ඔහු බාධකය ඔසවා ඉවත් කරයි. ඔහුගේ ආවරණය ආලෝකයයි. ඔවුනට දෙනු ලැබූ කිසිවක් හෝ වේවා ඔවුන්ගේ පරමාධිපති දෙස බැලීමට වඩා ඔවුනට එය ප්‍රිය මනාප නොවනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

ස්වර්ගවාසීන්ගෙන් තිරය ඉවත් කරනු ලැබේ. එවිට ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිව දකිනු ඇත. දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර්වරුන්හට එය තහනම් කරන ලදී.

ස්වර්ගයේ ඇති අතිමහත් වින්දනය වනුයේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරු ඔවුන්ගේ පරමාධිපතිව දැකීමය.

ස්වර්ගවාසීන්ගේ තරාතිරම් වෙනස් වුව ද ඔවුන් සියල්ලෝම උත්තරීතර ඔවුන්ගේ පරමාධිපතිව දකිනු ඇත.

දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් ස්වර්ගයට ප්‍රවේශ කිරීමෙන් අල්ලාහ් ඔවුනට පිරිනමා ඇති භාග්‍යය.

දැහැමි ක්‍රියාවන් තුළින් හා උත්තරීතර අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්හට අවනත වීමෙන් ස්වර්ගය වෙත යුහුසුළු වීමේ වැදගත්කම.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 163) (181).

තවත් බලන්න (8)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (3/ 349).

شرح رياض الصالحين.

لابن عثيمين (6/ 734).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين.

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (2/ 1294).