Skip to content

දත් මැදීම කට පිරිසිදු කරන්නකි. පරමාධිපතිගේ තෘප්තිය ගෙන දෙන්නකි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.

"දත් මැදීම කට පිරිසිදු කරන්නකි. පරමාධිපතිගේ තෘප්තිය ගෙන දෙන්නකි."

«السِّوَاكُ مَطْهَرَةٌ لِلْفَمِ، مَرْضَاةٌ لِلرَّبِّ».

මෙය අන් නසාඊ සහ අහ්මද් යන ඉමාම්වරුන් වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අරාක් නම් ගසේ දැහැටියෙන් හෝ එවැනි වෙනත් යමකින් දත් පිරිසිදු කරන ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අපට දැනුම් දුන්හ. එය කට තුළ ඇති අපවිත්‍ර දෑ හා පිළිකුල් සහගත ගන්ධය පිරිසිදු කරනු ඇත. සැබැවින්ම එය ගැත්තා ගැන අල්ලාහ් තෘප්තිමත් වීමට හේතුවක් ද වන්නේය. සැබැවින්ම එහි අල්ලාහ්ට අවනත වීමක් හා ඔහුගේ නියෝගය ප්‍රිය කිරීමක් ඇත. එමෙන්ම උත්තරීතර අල්ලාහ් ප්‍රිය කරන පරිදි පිරිසිදු කම ද එහි පවතී.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

දත් පිරිසිදු කිරීමේ මහිමය. එය අධිකව සිදු කර ගන්නා ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමූහයා උනන්දු කරවා ඇත.

දත් මැදීමේ දී වඩාත් යෝග්‍යය වනුයේ අරාක් නම් ගහේ දැහැටියක් භාවිත කිරීමය. එමෙන්ම දත් බුරුසුවක් හා ආලේපයක් භාවිත කිරීමද එම ස්ථානයට අදාළ වේ.

මූලාශ්‍ර

සුනන් අන් නසාඊ (1/ 10) (5).

මුස්නද් අහ්මද් (40/ 240) (24203).

තවත් බලන්න (6)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 342).

نزهة المتقين شرح رياض الصالحين.

لمصطفى الخِن وغيره (2/ 852).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص675).