Skip to content

ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන දෙයක් ද ඔබට හිමිය" යැයි පවසනු ඇත

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"ස්වර්ගයේ ඔබ අතුරින් කෙනෙකුට හිමි අවම නිලය වනුයේ: ඔබ පතනු" යැයි ඔහුට කියනු ලැබෙයි. එවිට ඔහු පතයි. නැවතත් පතයි. එවිට "ඔබ පැතුවෙහිදැ?" යි විමසයි. එවිට ඔහු: "එසේය" යැයි පවසයි. එවිට ඔහුට: "ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන දෙයක් ද ඔබට හිමිය" යැයි පවසනු ඇත.

«إِنَّ أَدْنَى مَقْعَدِ أَحَدِكُمْ مِنَ الْجَنَّةِ أَنْ يَقُولَ لَهُ: تَمَنَّ فَيَتَمَنَّى، وَيَتَمَنَّى، فَيَقُولُ لَهُ: هَلْ تَمَنَّيْتَ؟ فَيَقُولُ: نَعَمْ، فَيَقُولُ لَهُ: فَإِنَّ لَكَ مَا تَمَنَّيْتَ وَمِثْلَهُ مَعَهُ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ස්වර්ගයට පිවිසෙන්නන් හට ස්වර්ගයේ පවතින අවම නිලය අවම මට්ටම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: එය, "ඔබ පතනු"යි ඔහුට කියනු ලැබෙයි. එවිට ඔහු පතයි. නැවතත් පතයි. ඔහුට කීමට තරම් කිසිදු ආශාවක් ඉතිරිව නොපවතින තරමට පතයි. එවිට ඔහුට: "ඔබ පැතුවෙහිදැ?"යි විමසයි. එවිට ඔහු: "එසේය" යැයි පවසයි. එවිට ඔහුට:"ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන තවත් දෙයක් ද ද ඔබට හිමිය" යැයි පවසනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

ස්වර්ගවාසීන්ගේ නිලයන් තුළ පවතින විවිධත්වය.

උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ්ගේ අතිමහත් ගෞරවය පැහැදිලි කිරීම.

ස්වර්ගයේ ඇති සුවයන් නියමිත කරුණක් මත පමණක් සීමා වන්නේ නැත. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා තමන් ප්‍රිය කරන තමන් කැමති සියලු දෑ ලබන අතර ඊට අමතරව, උත්තරීතර අල්ලාහ් අභියසන් භාග්‍යයන් හා ගෞරවයන් හිමිවනු ඇත.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 167) (182).

තවත් බලන්න (8)

مرقاة المفاتيح شرح مشكاة المصابيح.

لعلي القاري (9/ 3585).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص1090).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (3/ 348).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (2/ 1292).