අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් යමෙකුගේ බිරිය සම්බන්ධයෙන් ඔහු මත පැවරෙන වගකීම කුමක් ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ, "ඔබ ආහාර ගත් විටෙක ඇයට ද ආහාර පිරිනැමිය යුතුය. ඔබ අඳින විටෙක හෝ උපයන විටෙක ඇයට ද අඳින්නට සැළැස්විය යුතුය. මුහුණට පහර නොදිය යුතුය. පිළිකුල් නො කළ යුතුය. නිවසේදී හැර (වෙනත් තැන්වල) ඇයව හෙළා නොදැකිය යුතුය
මුආවිය්යා අල්-කුෂයිරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් යමෙකුගේ බිරිය සම්බන්ධයෙන් ඔහු මත පැවරෙන වගකීම කුමක් ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ, "ඔබ ආහාර ගත් විටෙක ඇයට ද ආහාර පිරිනැමිය යුතුය. ඔබ අඳින විටෙක හෝ උපයන විටෙක ඇයට ද අඳින්නට සැළැස්විය යුතුය. මුහුණට පහර නොදිය යුතුය. පිළිකුල් නො කළ යුතුය. නිවසේදී හැර (වෙනත් තැන්වල) ඇයව හෙළා නොදැකිය යුතුය."
قُلْتُ: يَا رَسُولَ اللَّهِ، مَا حَقُّ زَوْجَةِ أَحَدِنَا عَلَيْهِ؟، قَالَ: «أَنْ تُطْعِمَهَا إِذَا طَعِمْتَ، وَتَكْسُوَهَا إِذَا اكْتَسَيْتَ، أَوِ اكْتَسَبْتَ، وَلَا تَضْرِبِ الْوَجْهَ، وَلَا تُقَبِّحْ، وَلَا تَهْجُرْ إِلَّا فِي الْبَيْتِ»
සැමියා වෙත පැවරෙන බිරියට හිමිවිය යුතු වගකීම් මොනවාදැ?යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණන් කරුණු කිහිපයක් මතක් කර දුන්හ. ඒවා නම්: පළමුවැන්න: ඇය හැර දමා ඔබ පමණක් ආහාර නො ගත යුතුය. ඔබ ආහාර ගන්නා විටෙක හා රස විඳින විටෙක ඇයට ද ඔබ ආහාර සැපයිය යුතුය. දෙවැන්න: ඔබ පමණක් ඇඳ පැළඳ නො ගත යුතුය. ඔබ අඳින්නේ නම්, ඔබ උපයන්නෙහි නම් හා හැකියාව දරන්නේ නම් ඇයටත් ඇඳුම් සැපයිය යුතුය. තුන්වැන්න: යම් හේතුවක් හෝ අවශ්‍යතාවක් වෙනුවෙන් හැර ඔබ පහර නොදිය යුතුය. ඇයට ඉගැන්වීම පිණිස හෝ ඇතැම් අනිවාර්යය කටයුතු ඇය පැහැර හැරීම පිණිස ඇයට පහර දීමට අවශ්‍යතාවක් ඇති වූ විටෙක, එය තුවාල නොවන පහරක් විය යුතුය. මුහුණට දමා නො ගැසිය යුතුය. මක්නිසාද යත් මුහුණ යනු වඩාත් වැදගත්ම සහ වඩාත්ම පෙනෙන කොටස වන අතර උතුම් කොටස් සහ සියුම් ශරීර අවයව එහි අන්තරගතව ඇත. සිව්වැන්න: 'ඔබේ මුහුණ අල්ලාහ් අප්‍රසන්න කරත්වා' යනාදී ලෙස පවසා බැණ නොවැදිය යුතුය. ඇගේ ශරීරයේ කොටසක් එහි අලංකාරයට පටහැනිව අප්‍රසන්න දෙයක් වෙත ඈඳමින් කතා නොකළ යුතුය. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මිනිසාගේ මුහුණ හා ඔහුගේ ශරීර කොටස් නිසි අයුරින් සකසා ඇති බැවිනි. ඔහු මැවූ සෑම දෙයක්ම වඩාත් අලංකාර ලෙස මවා ඇත. මැවීමක් හෑල්ලුවට ලක් කිරීම මැවුම් කරු හෑල්ලුවට ලක් කරන දක්වා ඔහුව ගෙන යනු ඇත. අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා! පස්වැන්න: නිදියහනේ හැර වෙනත් තැන්වල ඇයව හෙළා නො නොදැමිය යුතුය. ඇගෙන් වෙන් නොවිය යුතුය. වෙනත් නිවසකට ඇයව යොමු නො කළ යුතුය. ඇතැම් විට එසේ කිරීම ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර හැරයාම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වන්නට ඉඩ ඇත.
අන් අය වෙනුවෙන් ඉටු කිරීමට නියම වූ අයිතීන් දැන හඳුනා ගැනීමටත් තමන් වෙත පැවරුණු රාජකාරීන් දැන හඳුනා ගැනීමටත් සහාබාවරුන් අතර තිබූ උනන්දුව.
කාන්තාව වෙනුවෙන් වියදම් කිරීම, ඇඳුම් පැළඳුම් සැපයීම, නවාතැන් පහසුකම් සැළසීම ඇගේ ස්වාමිපුරුෂයා සතු වගකීමකි.
ශාරීරික වශයෙන් හා මානසික වශයෙන් හෑල්ලුවට ලක් කිරීම තහනම් වේ.
'නුඹ නරක ගෝත්‍රයක කෙනෙකි' හෝ 'නුඹ නපුරු පවුලකින් පැවත එන්නෙකි' හෝ එවැනි දෑ පවසා සිටීම තහනම් කරන ලද පිළිකුල් සහගත කරුණුවලින් එකකි.
සුනන් අබූ දාවූද් (3/ 476) (2142).
සුනන් ඉබ්නු මාජහ් (3/ 56) (1850).
මුස්නද් අහ්මද් (33/ 213) (20011).
තවත් බලන්න (12)
فتح ذي الجلال والاكرام بشرح بلوغ المرام.
لابن عثيمين (5/ 184).
سبل السلام.
للصنعاني (2/ 322).
توضِيحُ الأحكَامِ مِن بُلوُغ المَرَام.
للبسام (6/ 44).
تطريز رياض الصالحين.
لفيصل آل مبارك (ص204).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (8/ 169).
التَّنويرُ شَرْحُ الجَامِع الصَّغِيرِ.
للأمير الصنعاني (5/ 369).