Skip to content

අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ ආදම්ගේ පුතුනි! ඔබ වියදම් කරන්න. ඔබ වෙනුවෙන් වියදම් කරනු ලැබේ

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ ආදම්ගේ පුතුනි! ඔබ වියදම් කරන්න. ඔබ වෙනුවෙන් වියදම් කරනු ලැබේ."

«قَالَ اللهُ: أَنْفِقْ يَا ابْنَ آدَمَ أُنْفِقْ عَلَيْكَ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියි. එනම්, ඔහු: "අහෝ ආදම්ගේ පුතුනි! -ඔබ අනිවාර්යය මෙන්ම සතුටුදායක වියහියදම්- වියදම් කරන්න. ඔබට සමෘද්ධිය ඇති කරනු ලබන අතර ඒ වෙනුවට ඔබට අධිකව පිරිනමනු ලැබේ. එමෙන්ම ඔබට එහි අභීවෘද්ධිය ද ඇති කරනු ලැබේ."

වචනාර්ථ

....:

හදීසයෙන් උගත හැකි පාඩම්

දානමාන කටයුතු සහ අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම සඳහා උනන්දු කරවීම.

යහපත් කටයුතු සඳහා වියදම් කිරීම, පෝෂණ සම්පත්වල අභිවෘද්ධියට හා එහි ආශිර්වාදයට හේතුවකි. ගැත්තා තමන් වෙනුවෙන් වියදම් කරන දෑට අල්ලාහ් පසුවට ප්‍රතිචාර දැක්වීම.

මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන දන්වා සිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ "..ඉලාහී" (දිව්‍ය ප්‍රකාශය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හා අදහස් අල්ලාහ්ගෙන් වූවකි. නමුත් එය කියවීම නැමදුමක් බවට පත් කර ගැනීම, ඒ සඳහා පිරිසිදුභාවයේ අවශ්‍යතාව, අභියෝග කිරීම, ප්‍රාතිහාර්යය වැනි සෙසු දැයින් වෙන් කර හඳුනාගත හැකි අල් කුර්ආනයේ ලක්ෂණ එහි නැත.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (7/ 62) (5352).

සහීහ් මුස්ලිම් (2/ 690) (993).

තවත් බලන්න (3)

شرح النووي على مسلم (7/ 79).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 603).