Skip to content

පහසු කරන්න අපහසු නොකරන්න, ශුභාරංචි දන්වන්න පලවා නොහරින්න

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"පහසු කරන්න අපහසු නොකරන්න, ශුභාරංචි දන්වන්න පලවා නොහරින්න."

«يَسِّرُوا وَلَا تُعَسِّرُوا، وَبَشِّرُوا وَلَا تُنَفِّرُوا».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ආගමික හා ලෞකික සියලුම කටයුතුවලදී මිනිසුන්ට අපහසුතා ඇති නොකර, ඔවුනට සහන සලසමින් හා පහසුව ගෙන දෙමින් කටයුතු කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. යහපත ගැන ඔවුනට ශුභාරංචි දැන්වීමටත් ඔවුන් එයින් නෙරපා නො හැරීමටත් එතුමාණෝ දිරි ගැන්වූහ.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

අල්ලාහ් පිළිබඳව ජනයා තුළ කැමැත්ත ඇති කිරීමත් යහපත් කටයුතුවල දී ඔවුනට ආශාව ඇති කිරීමත් දේවත්වය විශ්වාස කරන්නාගේ යුතුකමයි.

මිනිසුන් වෙත ඉස්ලාමීය ඇරයුම ඉදිරිපත් කළ යුත්තේ කෙසේදැ?යි ප්‍රඥාවෙන් යුතුව අධීක්ෂණය කර බැලීම අල්ලාහ් වෙත ඇරයුම් කරන ඇරයුම් කරුවකුට අවශ්‍ය වේ.

ශුභාරංචි දන්වා සිටීම, ඇරයුම් කරන්නාට හා මිනිසුන්ට ඉදිරිපත් කරන දෑට සතුට, පිළිගැනීම හා සැනසුම ජනනය කරයි.

දුෂ්කරතාවය, අපහසුතාවය දේශකයාගේ වචන කෙරෙහි පිළිකුල, අපගමනය සහ සැකයන් ඇති කරයි.

තම ගැත්තන් කෙරෙහි වූ අල්ලාහ්ගේ කරුණාවේ විශාලත්වය. සැබැවින්ම ඔවුන් වෙනුවෙන් ඉවසන සුළු දහමක් හා සැහැල්ලු පිළිවෙතක් ඔහු පිළිගත්තේය.

නියම කරන ලද පහසු කිරීම යනු ෂරීආ පිළිවෙත ගෙන ආ දෑ වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 25) (69).

සහීහ් මුස්ලිම් (3/ 1358) (1732).

තවත් බලන්න (6)

شرح صحيح البخاري.

لابن بطال (1/ 153).

إرشاد الساري لشرح صحيح البخاري.

لأبو العباس القسطلاني (1/ 169).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 687).