“ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.”
«لَا يَزَالُ النَّاسُ بِخَيْرٍ مَا عَجَّلُوا الْفِطْرَ».
හිරු අවරට යෑම තහවුරු වූ පසු ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටින බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එය සුන්නාව හෙවත් නබ චරිතය පිළිපැදීමකි. එහි සීමාව තුළ රැඳෙන්නකි.
නවවි තුමා මෙසේ පවසයි: හිරු අවරට යෑම තහවුරු වීමෙන් පසු එය ඉක්මන් කිරීම මෙහි දී උනන්දු කරවා ඇත. මින් අදහස් කරනුයේ මෙම සුන්නාව පිළිපදින තාක්කල් ඔවුන් යහපත මත සිටිමින් ප්‍රජාවේ කටයුතු දිගටම පිළිවෙලට පවතින බවය. නමුත් ඔවුන් එය ප්‍රමාද කළහොත්, එය ඔවුන් දූෂණයේ වැටීමේ සලකුණක් වනු ඇත.
මිනිසුන් අතර යහපත පවතිනුයේ ඔවුන් සුන්නාව හෙවත් නබි පිළිවෙත පිළිපැදීම තුළිනි. කටයුතු දූෂිත වනුයේ සුන්නාවට පටහැනිව කටයුතු කිරීමය.
ආගම් ලත් ජනයා හා ආගම තුළ නව කරුණු එකතු කරන උදවියට වෙනස්ව කටයුතු කිරීම සැබැවින්ම ඔවුහු උපවාසය අත්හැරීම ප්‍රමාද කරති.
ඉබ්නු හජර් තුමා, මෙහි ඒ ගැන හේතු සාධකය පැහැදිලි කර ඇති බව පවසයි. මුහල්ලිබ් තුමා පවසනුයේ: මෙහි ඇති ප්‍රඥාව නම් රාත්‍රියට වඩා දහවල අධික නොකිරීමය. සැබැවින්ම එය උපවාසකරුට සහනයක් වන අතරම නැමදුමෙහි ඔහුට වඩාත් ශක්තියක් ගෙන දෙනු ඇත. විද්වතුන් එකඟතාව ඵල කර ඇත්තේ සැබැවින්ම එහි නියම ස්ථානය වනුයේ, හිරු අවරට යෑම දෑසින් දැක හෝ යුක්තිගරුක දෙදෙනෙකුගේ තොරතුරු මත තහවුරු වූ විටෙකය. එමෙන්ම වඩාත් යෝග්‍යය ප්‍රකාශය වනුයේ යුක්තිගරුක එක් අයකු වුව ද ප්‍රමාණවත් වන බවය.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: මෙය වර්තමානයේ සිදුවන පිළිකුල් සහගත නව කරුණු පිළිබඳ ඇඟවීමකි. එනම් ෆජ්ර් සලාතයට පෙර පවසන දෙවන අදානය රමළාන් මාසයේ දී හෝරාවෙන් තුනෙන් එකක කාලයක් ඉතිරිව තිබිය දී කල් ඇතිව පැවසීම. නැමදුමෙහි පූර්වාරක්ෂාව සඳහා යැයි පවසමින් උපවාසය නිරත වීමට අපේක්ෂා කරන අයට ආහාර පාන ගැනීම තහනම් කරනු වස් එහි සළකුණක් වශයෙන් පහන් නිවා දැමීම. මේවා ගැන ඇතැම් අය පමණක් දනී. උපාවසයෙන් මිදීමට තවත් කාලය ඇතැයි සිතා හිරු බැස යාමෙන් පසුව මිස අදාන් නොකියන තරමට ඔවුන් පත් ව ඇත. ඒ අනුව ඔවුන් උපවාසයෙන් මිදීම ප්‍රමාද කරති, සහර් ඉක්මන් කරති, සුන්නාවට පටහැනිව කටයුතු කරති. ඒ අනුව ඔවුන්ගෙන් යහපත අඩු වී යන අතර අයහපත ඔවුන් අතර වැඩි වී යනු ඇත. උදව්කරු අල්ලාහ්මය.
සහීහුුල් බුහාරි (3/ 36) (1957).
සහීහ් මුස්ලිම් (2/ 771) (1098).
තවත් බලන්න (6)
تيسير العلام.
لعبد الله البسام (ص335).
تنبيه الأفهام شرح عمدة الإحكام.
لابن عثيمين (3/ 442).
خلاصة الكلام على عمدة الأحكام.
لفيصل آل مبارك (ص155).
පොත්වල උපුටා දක්වා ඇත
9 පොත්තවත් බලන්න (9)
- أسئلة وأجوبة عن شهر رمضان للصغار، ولا يستغني عنها الكبار«لَا يَزَالُ النَّاسُ بِخَيْرٍ مَا عَجَّلُوا الْفِطْرَ»
- الصيام ومجموعة أسئلة في أحكامه«لَا يَزَالُ النَّاسُ بِخَيْرٍ مَا عَجَّلُوا الفِطْرَ»[48].
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“لا يزال الناس بخير ما عجلوا الفطر”.
- تطبيق القرآن والأذكارسنن الصيام (لا يزال الناس بخير ما عجَّلوا الفطر)[3].
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 6«لا يزالُ النَّاسُ بخيرٍ مَا عَجَّلُوا الفطرَ».
- سنن الصيام - من كتاب الفقه الميسرسنن الصيام(لا يزال الناس بخير ما عجَّلوا الفطر)[3].
- مجموعة زاد الفقه (3)الفقه 3«لا يزالُ الناسُ بخيرٍ ما عَجَّلوا الفِطْرَ».
- مشروع المنهج التعليميمادة الفقه مستوى 3«لاَ يَزَالُ النَّاسُ بِخَيْرٍ مَا عَجَّلُوا الفِطْرَ»
- نصوص مختارة للرمضانلا يزال الناس بخير ما عَجَّلُوا الفطر