“ඔබ කියන පරිදි වන්නෙහි නම් එය ඔබ ඔවුනට උණු අලු කන්නට දෙන්නාක් මෙනි. තවද ඔබ එසේ ක්‍රියා කරමින් සිටින තාක්කල් අල්ලාහ්ගෙන් වූ උදව්කරුවකු ඔබ සමග සිටින්නේමය.”
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
සැබැවින්ම මිනිසෙක්: ‘අල්ලාහ්ගේ දූතයාණනි! මට නෑදෑයෝ සිටිති. මම ඔවුන් සමග සම්බන්ධකම් පවත්වමි. නමුත් ඔවුන් මා කපා හරිති. මම ඔවුන් සමග උපකාරශීලීව කටයුතු කරමි. නමුත් ඔවුන් මට නපුරුකම් කරති. ඔවුන් ගැන මම ඉවසමි. නමුත් ඔවුන් මා සමග අඥාන ලෙස කටයුතු කරති. යැයි පැවසීය. එවිට එතුමාණෝ: “ඔබ කියන පරිදි වන්නෙහි නම් එය ඔබ ඔවුනට උණු අලු කන්නට දෙන්නාක් මෙනි. තවද ඔබ එසේ ක්‍රියා කරමින් සිටින තාක්කල් අල්ලාහ්ගෙන් වූ උදව්කරුවකු ඔබ සමග සිටින්නේමය.”
أَنَّ رَجُلًا قَالَ: يَا رَسُولَ اللهِ إِنَّ لِي قَرَابَةً أَصِلُهُمْ وَيَقْطَعُونِي، وَأُحْسِنُ إِلَيْهِمْ وَيُسِيئُونَ إِلَيَّ، وَأَحْلُمُ عَنْهُمْ وَيَجْهَلُونَ عَلَيَّ، فَقَالَ: «لَئِنْ كُنْتَ كَمَا قُلْتَ، فَكَأَنَّمَا تُسِفُّهُمُ الْمَلَّ وَلَا يَزَالُ مَعَكَ مِنَ اللهِ ظَهِيرٌ عَلَيْهِمْ مَا دُمْتَ عَلَى ذَلِكَ».
සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ තමන්ට නෑදෑයින් සිටින බවත්, තමා ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන නමුත් ඔවුන් ඊට විරුද්ධව කටයුතු කරන බවත් පැමිණිළි කළේය. එසේ තමාව කපා හරින තත්ත්වයේ පවා ඔහු ඔවුන් සමග සම්බන්ධකම් පවත්වා ඔවුන් සමග උපාකාරශීලීව කටයුතු කරන බවත් ඔවුන් ඔහුට නපුරුකම් කරන නමුත් ඔහු ඉවසා දරා ඔවුනට සමාව දෙන බවත් ඔවුන් පිළිකුල් සහගත ලෙස තමන් සමග කතාවෙන් හා ක්‍රියාවෙන් කටයුතු කරන බවත් දන්වා මේකී කරුණු සැලකිල්ලට ගෙන ඔවුන් සමග අඛණ්ඩව සම්බන්ධකම් පැවැත්විය හැකිදැ?යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, "ඔබ කියන පරිදි වී නම්, එනම් ඔවුන් ඔබව අපකීර්තියට පත් කර, පහත් කොට සළකන්නේ නම්, එය ඔබ ඔවුනට උණු අලු කන්නට දෙන්නාක් මෙනි. එය ඔවුන්ගේ ක්‍රියාවන් පිළිකුල් සහගත වුව ද ඔබ අධික ලෙස උපකාරශීලීව කටයුතු කළ හේතුවෙනි. ඔබ පවසන පරිදි ඔබ වෙත ඔවුන් නපුරුකම් කරමින් සිටිය ද ඔබ ඔවුන් සමග අඛණ්ඩව උපකාරශීලීව කටයුතු කරන තාක්කල් ඔවුන් විසින් සිදුවන හිංසනයන්ගෙන් අල්ලාහ් ඔබව ආරක්ෂා කරනු ඇත. ඔවුනට එරෙහිව උදව් කරන්නා ඔහුය. අල්ලාහ් ඔබ සමගම සිටියි." යැයි පැවසුහ.
උපකාරශීලීව කටයුතු කරමින් නපුරට මුහුණ දීම, නපුරා සත්‍යය වෙත යොමු කිරීමට ඉඩ සලසා දෙන මාර්ගයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "වඩාත් යහපත් දැයින් වළක්වන්න. එවිට ඔබ අතර හා ඔහු අතර සතුරකමක් තිබුණ ද ඔහු සමීප මිතුරකු මෙන් වනු ඇත."
අල්ලාහ්ගේ නියෝග පිළිපැදීමේදී හිංසනයක් ඇතිවූවද, එසේ කිරීමෙන්, දේවත්වය විශ්වාස කරන ගැත්තාට අල්ලාහ්ගේ උපකාරය ලබන්නට එය හේතුවක් වනු ඇත.
ඥාතී සම්බන්ධකම් බිඳ දැමීම මෙලොවෙහි වේදනාවකි, හිංසනයකි. එමෙන්ම මතුලොවෙහි පාපයකි, ඒ පිළිබඳ විනිශ්චය කරනු ලැබේ.
මුස්ලිම්වරයකු තම ක්‍රියාව තුළ යහපත අපේක්ෂා කළ යුතුය. මිනිසුන්ගේ හිංසනයන් හා ඔවුන්ගේ බාධා කිරීම් හේතුවෙන් ඔහු සිදු කරන යහපත ඔහු අත් නොහැරිය යුතුයි.
තමන් සමග ඥාතී සම්බන්ධකම් පවත්වන අය සමග පමණක් සම්බන්ධකම් පවත්වන්නා සැබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නෙකු නොවේ. නමුත් සැබෑ ඥාතී සම්බන්ධකම් රකින්නා වනුයේ ඔවුන් සම්බන්ධකම් බිඳ හෙළුව ද ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන්නාය.
සහීහ් මුස්ලිම් (4/ 1982) (2558).
තවත් බලන්න (8)
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (9/ 220).
بهجة الناظرين.
لسليم الهلالي (1/ 698).
نزهة المتقين.
لمجموعة من الباحثين (1/ 539).
شرح رياض الصالحين.
لابن عثيمين (3/ 188).
පොත්වල උපුටා දක්වා ඇත
4 පොත්තවත් බලන්න (4)
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالحوعن أبي هريرة رضي الله عنه أن رجلا قال: يا رسول الله إن لي قرابة أصلهم ويقطعوني، وأحسن إليهم ويسيئون إلي، وأحلم عنهم ويجهلون علي، فقال: “لئن كنت كما قلت، فكأنما تسفهم الملّ ولا يزال معك من الله ظهير عليهم ما دمت على ذلك”.
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 2«لَئِنْ كُنْتَ كَمَا قُلْتَ، فَكَأَنَّمَا تُسِفُّهُم المَلَّ، وَلا يَزالُ مَعَكَ مِنَ الله ظهِيرٌ عَلَيْهِمْ مَا دُمْتَ عَلىٰ ذَلِكَ».
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)التربية الأسلامية 1« أن رجلًا قال: يا رسُول الله، إِنّ لِي قرابةً أصِلُهُمْ ويقْطعُونِي، وأُحْسِنُ إِليْهِمْ ويُسِيئُون إِليّ، وأحْلُمُ عنْهُمْ ويجْهلُون عليّ، فقال:«لئِنْ كُنْت كما قُلْت، فكأنّما تُسِفُّهُمُ الْملّ، ولا يزالُ معك مِن الله ظهِيرٌ عليْهِمْ ما
- نبراس طالب (1)1«لَئِنْ كُنْتَ كَمَا قُلْتَ، فَكَأَنَّمَا تُسِفُّهُمُ الْمَلَّ([9]) ، وَلَا يَزَالُ مَعَكَ مِنَ اللهِ ظَهِيرٌ عَلَيْهِمْ مَا دُمْتَ عَلَى ذَلِكَ»