Skip to content

අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ක්‍රියාවන් අතරින් ජිහාද් කිරීම ශ්‍රේෂ්ඨතම ක්‍රියාව ලෙස අපි දකිමු. එහෙයින් අපි ජිහාද් කළ යූතු නොවේ ද?" යැයි විමසුවාය. එතුමාණෝ: "එනමුත් ශ්‍රේෂ්ඨතම ජිහාද් වනුයේ පිළිගනු ලබන අයුරින් ඉටු කරනු ලබන හජ් වන්දනාවය" යැයි පැවසූහ

දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.

"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ක්‍රියාවන් අතරින් ජිහාද් කිරීම ශ්‍රේෂ්ඨතම ක්‍රියාව ලෙස අපි දකිමු. එහෙයින් අපි ජිහාද් කළ යූතු නොවේ ද?" යැයි විමසුවාය. එතුමාණෝ: "එනමුත් ශ්‍රේෂ්ඨතම ජිහාද් වනුයේ පිළිගනු ලබන අයුරින් ඉටු කරනු ලබන හජ් වන්දනාවය" යැයි පැවසූහ.

يَا رَسُولَ اللَّهِ، نَرَى الجِهَادَ أَفْضَلَ العَمَلِ، أَفَلاَ نُجَاهِدُ؟ قَالَ: «لَا، لَكُنَّ أَفْضَلُ الجِهَادِ: حَجٌّ مَبْرُورٌ».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම හා සතුරන් සමග සටන් කිරීම උතුම් ක්‍රියාවන් අතරින් වේ යැයි නබිතුමාගේ අනුගාමිකයෝ (රළියල්ලාහු අන්හුම්) සිතූහ. එහෙයින් තමන් ජිහාද් කිරීම ගැන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා සිටියා ය. ඔවුන්ගේ වගකීම තුළ උතුම්ම ජිහාදය වනුයේ අල් කුර්ආනයට හා සුන්නාවට අනුගත වෙමින් පාපයෙන් හා ප්‍රදර්ශනය කිරීමෙන් තොරව පිළිගනු ලබන අයුරින් හජ් ඉටු කිරීම යැයි එතුමාණෝ ඔවුනට මඟ පෙන්වූහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

ජිහාද් කිරීම යනු පිරිමින් සඳහා වන ‌උතුම්ම ක්‍රියාව වේ.

කාන්තාවන් සඳහා උතුම් වනුයේ හජ් වන්දනාවය. එය ඔවුන් සඳහා වන උතුම්ම ක්‍රියාව ය.

කටයුතු කරන්නා අනුව ක්‍රියාවන්හි මහිමය හා තරාතිරම වෙනස් වනු ඇත.

හජ් වන්දනාවට 'ජිහාද් කිරීම' යනුවෙන් නම් කෙරී ඇත. ඊට හේතුව එහි ආත්මය සමග කරන ජිහාදයක් වන අතරම එහි මුදල් හා ශරීර ශක්තිය වැය කිරීමක් ඇත. එය අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කරන්නාක් මෙන් ශාරීරික වශයෙන් හා මූල්‍යමය වශයෙන් සිදු කරන නැමදුමකි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (2/ 133) (1520).

තවත් බලන්න (6)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 402).

نزهة المتقين شرح رياض الصالحين.

لمصطفى الخِن وغيره (2/ 902).

شرح رياض الصالحين.

لابن عثيمين (5/ 321).