Skip to content

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දරුණුතම දඬුවමට ලක්වන්නේ අල්ලාහ්ගේ මැවීමකට සමාන යමක් කිරීමට උත්සාහ කරන්නන් වේ

දේව විශ්වාසීන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මා වෙත පැමිණියහ. මා විසින් මගේ කුටියේ (දොරටුවට) මා සතු පින්තූර සහිත තිරයකින් ආවරණය කර තිබුණි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එය දුටු විට, එය ඉවත් කළහ. එතුමාණන්ගේ මුහුණේ වර්ණය ද වෙනස් විය. එතුමාණෝ: "අහෝ ආඉෂා! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දරුණුතම දඬුවමට ලක්වන්නේ අල්ලාහ්ගේ මැවීමකට සමාන යමක් කිරීමට උත්සාහ කරන්නන් වේ." යැයි පැවසූහ. ආඉෂා තුමිය තවදුරටත්: 'අපි එය කෑලි කර ඉන් එක් කොට්ටයක් හෝ කොට්ට දෙකක් සාදා ගත්තෙමු' යැයි පැවසුවාය.

دَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، وَقَدْ سَتَرْتُ سَهْوَةً لِي بِقِرَامٍ فِيهِ تَمَاثِيلُ، فَلَمَّا رَآهُ هَتَكَهُ وَتَلَوَّنَ وَجْهُهُ وَقَالَ: «يَا عَائِشَةُ، أَشَدُّ النَّاسِ عَذَابًا عِنْدَ اللهِ يَوْمَ الْقِيَامَةِ الَّذِينَ يُضَاهُونَ بِخَلْقِ اللهِ» قَالَتْ عَائِشَةُ: «فَقَطَعْنَاهُ فَجَعَلْنَا مِنْهُ وِسَادَةً أَوْ وِسَادَتَيْنِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දැකීමට ඔහුගේ නිවසට ඇතුළු වූහ. එවිට, ඇය බඩු බාහිරාදිය තබා ඇති කුඩා අල්මාරිය සජීවී ජීවීන්ගේ රූප සහිත රෙදි කඩකින් ආවරණය කර ඇති බව එතුමාණන්ට පෙනී ගියේය. එවිට අල්ලාහ් වෙනුවෙන් එතුමාණන් කෝපයට පත්වී එතුමාණන්ගේ මුහුණේ වර්ණය ද වෙනස් වූ අතර එතුමාණන් එය ඉවත් කර මෙසේ පැවසීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දරුණුතම දඬුවම් ලබන මිනිසුන් වනුයේ අල්ලාහ් මැවූ සජීවී හැඩරුවන්ට යමක් සමාන කිරීමට උත්සාහ කරන්නන් වෙති. ආඉෂා තුමිය තවදුරටත්: 'අපි එමගින් කොට්ටයක් හෝ කොට්ට දෙකක් සාදා ගත්තෙමු' යැයි පැවසුවාය.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

පිළිකුල් සහගත දැයක් දුටු මොහොතේම ප්‍රතික්‍ෂේප කිරීම: එසේ කිරීමෙන් විශාල අනර්ථයක් සිදු නොවන්නේ නම්, එහිදී ලිහිල් නොවිය යුතුයි.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින, පාපයේ බරපතලකම අනුව දඩුවම වෙනස් වේ.

සජීවී ජීවීන් රූපයට නැංවීම විශාල පාපයකි.

රූප ගැන්වීම තහනම් කිරීම පිළිබඳ එක් තීන්දුවක් නම්, රූප ගන්වන ශිල්පියා එය අනුකරණය කිරීමට අදහස් කළත් නැතත්, එය සර්ව බලධාරී අල්ලාහ්ගේ මැවීම අනුකරණය කිරීමයි.

එහි ඇති තහනම් දේවලින් වැළකීමෙන් පසු ප්‍රයෝජනය ලබන වස්තුව ආරක්ෂා කිරීමට ෂරීආ පිළිවෙත උනන්දු වෙයි.

සජීවී ජීවීන්ගේ රූප කවර ආකාරයකින් නිර්මාණය කළ ද, එය ඔවුන්ගේ වෘත්තීය වුව ද ඉන් වැළකී සිටිය යුතු වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (7/ 168) (5954).

සහීහ් මුස්ලිම් (3/ 1668) (2107).

තවත් බලන්න (7)

القول المفيد على كتاب التوحيد.

لابن عثيمين (2/ 442).

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص399).

الجديد في شرح كتاب التوحيد.

للقرعاوي (ص441).

كتاب التوحيد لمحمد بن عبد الوهاب (ص138).