Skip to content

හිරු බටහිරින් උදාවන තෙක් අවසන් හෝරාව උදා වන්නේ නැත. එසේ උදා වූ විට සියලු දෙනාම (දේවත්වය) විශ්වාස කරන මිනිසුන් දකිනු ඇත

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"හිරු බටහිරින් උදාවන තෙක් අවසන් හෝරාව උදා වන්නේ නැත. එසේ උදා වූ විට සියලු දෙනාම (දේවත්වය) විශ්වාස කරන මිනිසුන් දකිනු ඇත. එම මොහොත, "කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්‍රයෝජනවත් නොවේ. මීට පෙර එය විශ්වාස කර සිටියේ නැත. එමෙන්ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත." (අල්-අන්ආම්: 158) පුද්ගලයන් දෙදෙනෙකු ඇඳුමක් දිගු හැරිය ද එය ගනු දෙනු කිරීමට හෝ ඔවුන් එය නැවීමට හෝ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිත ව) ක්‍රියාත්මක වනු ඇත. මිනිසෙක් තම ඔටුවාගෙන් කිරි දොවා රැගෙන ගිය ද එය පරිභෝජනය කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිතව) ක්‍රියාත්මක වනු ඇත. තම තටාකයට වතුර පිරෙව්ව ද එහි ජලය සැපයීමට නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව සිදුවනු ඇත. ඔබ අතරින් කිසිවකු හෝ තම ආහාර මිටක් ඔසවා ඒවා අනුභව කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව උදා වනු ඇත."

«لاَ تَقُومُ السَّاعَةُ حَتَّى تَطْلُعَ الشَّمْسُ مِنْ مَغْرِبِهَا، فَإِذَا طَلَعَتْ فَرَآهَا النَّاسُ آمَنُوا أَجْمَعُونَ، فَذَلِكَ حِينَ: {لاَ يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلُ، أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا} [الأنعام: 158] وَلَتَقُومَنَّ السَّاعَةُ وَقَدْ نَشَرَ الرَّجُلاَنِ ثَوْبَهُمَا بَيْنَهُمَا فَلاَ يَتَبَايَعَانِهِ، وَلاَ يَطْوِيَانِهِ، وَلَتَقُومَنَّ السَّاعَةُ وَقَدِ انْصَرَفَ الرَّجُلُ بِلَبَنِ لِقْحَتِهِ فَلاَ يَطْعَمُهُ، وَلَتَقُومَنَّ السَّاعَةُ وَهُوَ يَلِيطُ حَوْضَهُ فَلاَ يَسْقِي فِيهِ، وَلَتَقُومَنَّ السَّاعَةُ وَقَدْ رَفَعَ أَحَدُكُمْ أُكْلَتَهُ إِلَى فِيهِ فَلاَ يَطْعَمُهَا».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

හිරු නැගෙනහිරෙන් උදාවීම වෙනුවට බටහිරින් උදාවීම අවසන් දිනයේ මහා සළකුණු අතරින් එකක් බව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දන්වා සිටියහ. මිනිසුන් එය දකින අවස්ථාවේ සියලු දෙනාම දේවත්වය විශ්වාස කරති. එම අවස්ථාවේ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාගේ විශ්වාසය ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. එමෙන්ම ඔහුගේ දැහැමි ක්‍රියාවන් හෝ ඔහුගේ පශ්චාත්තාපය හෝ ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. පසු ව, අවසන් හෝරාව ක්ෂණික ව සිදුවන බව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ දන්වා සිටියහ. ජනයා කවර තත්ත්වයන් මත සිටින්නේ ද ඒ ඒ තත්ත්වයන් හි ඔවුන්ගේ ජීවන කටයුතුවල යොමු වී සිටිය දී එය ක්‍රියාත්මක වනු ඇත. ව්‍යාපාරිකයා හා පාරිභෝගිකයා අතර වෙළඳාම් කිරීමට ඇඳුමක් දිගු හරිමින් සිටිය දී අවසන් හෝරාව ක්‍රියාත්මක වනු ඇත. එහි ගනු දෙනු කිරීමට හෝ එය නවා දැමීමට හෝ ඔවුන් දෙදෙනාට නොහැකි වනු ඇත. මිනිසකු තම ඔටුවාගේ කිරි දොවමින් සිටිය දී අවසන් හෝරාව ක්‍රියාත්මක වනු ඇත. ඔහුට එය පානය කිරීමට නොහැකි වනු ඇත. මිනිසෙකු තම තටාකය සකසා එය සුමට කරමින් සිටිය දී අවසන් හෝරාව උදා වනු ඇත. එයට ජලය සැපයීමට පවා ඔහුට නොහැකි වනු ඇත. මිනිසෙකු ආහාර මිටක් තම කටට ඔසවන තත්ත්වයේ අවසන් හෝරාව උදා වනු ඇත. ඔහුට එය අනුභව කිරීමට පවා නොහැකි වනු ඇත.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

ඉස්ලාමය වැළඳ ගැනීම හා පාපෝච්ඡාරණය පිළිගනු ලබන්නේ, හිරු බටහිරින් උදා නොවන කල්තාක් ය.

විශ්වාසය හා දැහැමි ක්‍රියාවන් තුළින් අවසන් හෝරාව සඳහා සූදානම් වීමට උනන්දු කරවීම. හේතුව සැබැවින්ම අවසන් හෝරාව ක්ෂණිකව පැමිණෙන බැවිනි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 106) (6506).

සහීහ් මුස්ලිම් (1/ 137) (157).

තවත් බලන්න (1)

عمدة القاري شرح صحيح البخاري (23/ 92).