Skip to content

පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම, ධෛර්‍යමත් හා වෙහෙසකාරී අවස්ථාවන්හි, අප මත යම් බලපෑමක් ඇති වුව ද සවන් දීමටත් අවනත වීමටත් අපි අල්ලාහ්ගේ දූතයාණන් හට ප්‍රතිඥා දුන්නෙමු

උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම, ධෛර්‍යමත් හා වෙහෙසකාරී අවස්ථාවන්හි, අප මත යම් බලපෑමක් ඇති වුව ද සවන් දීමටත් අවනත වීමටත් අපි අල්ලාහ්ගේ දූතයාණන් හට ප්‍රතිඥා දුන්නෙමු. අදාළ කටයුත්ත විෂය භාර උදවියගෙන් ඉවත් නොකරන බවටත් අප කොතැනක සිටියත් සත්‍යය ප්‍රකාශ කරන බවටත් අල්ලාහ් විෂයයෙහි දොස් නගන කිසිවකුගේ දොසකට බිය නොවන බවටත් (අපි එතුමාණන්ට ප්‍රතිඥා දුන්නෙමු.)

بَايَعْنَا رسولَ اللهِ صلى الله عليه وسلم على السَّمْعِ وَالطَّاعَةِ فِي الْعُسْرِ وَالْيُسْرِ، وَالْمَنْشَطِ وَالْمَكْرَهِ، وعلى أَثَرَةٍ علينا، وعلى أَلَّا نُنَازِعَ الْأَمْرَ أهلَه، وعلى أَنْ نَقُولَ بِالْحَقِّ أينما كُنَّا، لا نَخَافُ في الله لَوْمَةَ لَائِمٍ.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම පෙහොසත් හා දිළිඳු අවස්ථාවන්හි කටයුතු භාර අයගේ හා පාලකයින්ගේ නියෝග තමන්ට කැමති හෝ අකමැති වුව ද ඔවුනට අවනත වීම විෂයයෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සහාබාවරුන්ගෙන් ප්‍රතිඥා ගත්හ. එය කෙතරම් දුරට ද යත්, පොදු අරමුදල්, නිලතල මෙන්ම වෙනත් දෑ භාරකරුවන් විසින් අවභාවිතා කළ ද, සැබැවින්ම යහපත් කටයුතුවලදී ඔවුනට සවන් දීම හා අවනත වීම අනිවාර්යය කර ඇත්තාහ. ඔවුනට එරෙහිව බැහැර නොවිය යුතුය. හේතුව ඔවුන් සමග සටන් කිරීමේදී ඇතිවන අර් බූදය හා කලහකාරිත්වය ඔවුන්ගේ අපරාධ හේතුවෙන් ඇතිවන අර් බුද හා කලහකාරීත්වයට වඩා බරපතල වන බැවිනි. තමන් සමග ගිවිසගත් දෑ සම්බන්ධයෙන් අල්ලාහ් වෙනුවෙන් එහි දී අවංකයින් ලෙස සෑම තැනකම සත්‍යය පැවසීමට බැඳී ඇත. දොස් නගන්නන්ගේ දොසට ඔවුන් බිය වන්නේ නැත.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

කටයුතු භාර උදවියට සවන් දීමේ හා අවනත වීමේ ප්‍රයෝජනය වනුයේ මුස්ලිම්වරුන්ගේ ප්‍රකාශයේ එක්සත්කම හා බෙදීමෙන් දුරස්වීමයි.

අල්ලාහ්ට පිටුපාන කටයතුවලදී හැර පහසුකම් මෙන්ම දුෂ්කර අවස්ථාවන්හි ද කැමති මෙන්ම අකමැති අවස්ථාවන්හි ද කටයුතු භාර බලධාරීන් ට සවන් දීමේ හා අවනත වීමේ අනිවාර්යය භාවය. එයින් ඵලදායීවන බලපෑම.

දෝෂාරෝපණය කරන කිසිවකුගේ දෝශාරෝපණයට බිය නොවී අප කොහි සිටියත් අල්ලාහ් වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කළ යුතුය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (9/ 47) (7055-7056).

(9/ 77) (7199.

7200).

සහීහ් මුස්ලිම් (3/ 1470) (1709).

තවත් බලන්න (8)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 277).

رياض الصالحين.

للنووي (ص83) (186).

شرح رياض الصالحين.

لابن عثيمين (2/ 419).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 202).