Skip to content

නියත වශයෙන්ම අල්ලාහ් වගකීම් අනිවාර්යය කර ඇත. ඒවා පැහැර නොහැරිය යුතු ය. ඔහු සීමාවන් පනවා ඇත. ඒවා ඔබ ඉක්මවා නොයා යුතුය. ඇතැම් කරුණු තහනම් කර ඇත. ඒවා උල්ලංඝනය නොකළ යුතුය. ඇතැම් කරුණු සම්බන්ධයෙන් නිහඬ වී ඇත. ඒවා අමතකවීමෙන් නොව ඔබට පිරිනමා ඇති ආශිර්වාදයක් ලෙසය. එබැවින් ඒ ගැන විමර්ශනය නොකරන්න

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළ බව අබූ සඃලබා අල්-හුෂනී ජුර්සූම් බින් නාෂිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

"නියත වශයෙන්ම අල්ලාහ් වගකීම් අනිවාර්යය කර ඇත. ඒවා පැහැර නොහැරිය යුතු ය. ඔහු සීමාවන් පනවා ඇත. ඒවා ඔබ ඉක්මවා නොයා යුතුය. ඇතැම් කරුණු තහනම් කර ඇත. ඒවා උල්ලංඝනය නොකළ යුතුය. ඇතැම් කරුණු සම්බන්ධයෙන් නිහඬ වී ඇත. ඒවා අමතකවීමෙන් නොව ඔබට පිරිනමා ඇති ආශිර්වාදයක් ලෙසය. එබැවින් ඒ ගැන විමර්ශනය නොකරන්න."

«إِنَّ اللَّهَ فَرَضَ فَرَائِضَ فَلَا تُضَيِّعُوهَا، وَحَدَّ حُدُودًا فَلَا تَعْتَدُوهَا، وَحَرَّمَ أَشْيَاءَ فَلَا تَنْتَهِكُوهَا، وَسَكَتَ عَنْ أَشْيَاءَ رَحْمَةً لَكُمْ غَيْرَ نِسْيَانٍ فَلَا تَبْحَثُوا عَنْهَا».

මෙය දාරුකුත්නි විසින් සිය සුනන් ග්‍රන්ථයෙහි සහ තවත් අය විසින් ද වාර්තා කර ඇත.
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි.
විවරණය

නියත වශයෙන්ම අල්ලාහ් ඇතැම් කරුණු අණිවාර්යය කර ඇත. එමෙන්ම ඇතැම් වගකීම් ද අනිවාර්යය කර ඇත. ඒවා පිළිපැදිය යුතුය. මග හැරීමෙන් හෝ නොසැලකිලිමත්කමින් හෝ ඒවා අතපසු නොකළ යුතුය. තවද ඔහු ඔබට බාධක සහ සීමාවන් නියම කර ඇත. එමඟින් ඔහු අනුමත නොකරන දේ කිරීමෙන් ඔබව දුරස් කරන අතර ඉන් ඔබව වළක්වයි. අල්ලාහ් කවර කරුණක් ආගමානුගත කර තිබේ ද ඊට අමතරව කිසිවක් නොකළ යුතුය. ඇතැම් කරුණු තහනම් කර ඇත. ඒවා පරිහරණය නොකළ යුතු අතර ඒ වෙත සමීප නොවිය යුතුය. ඒ හැර, කිසිවක් පවසා නැති එමෙන්ම නිහඩ ව සිටි ඇති කරුණු තම ගැත්තන් වෙත අල්ලාහ් පිරිනමා ඇති ආශිර්වාදයයි. එය මූලික වශයෙන් අනුමතව පවතින අතර ඒ ගැන විමර්ශනයක් සිදු කළ යුතු නැත.

හදීසයෙන් උගත හැකි පාඩම්

නියත වශයෙන්ම අල්ලාහ් මුෂ්රිඃ හෙවත් ආගමානුගත කරන්නා බවත්, සියලු කරුණු සුවිශුද්ධ අල්ලාහ් අතෙහි ඇති බවත් මෙම හදීසය පෙන්වා දී ඇත.

නීතිමය වශයෙන් හා අනුමත වශයෙන් ෂරීආවේ රීති මෙම හදීසය ඇතුළත් කර ගෙන ඇත. එහි දී නීතිමය වශයෙන් ෂරීආව වනාහි එක්කෝ ඒ ගැන නිහඬ ව සිට ඇත. එසේ නැතහොත් ඒ ගැන ප්‍රකාශ කර ඇත. එය ද එක්කෝ අනිවාර්යය ලෙස හෝ අතිරේකයක් ලෙස හෝ නියෝග කරනු ලැබූවක් විය හැක. එසේ නැතහොත් තහනම් කිරීමක් හෝ පිළිකුල් කිරීමක් ලෙස තහනම් කරනු ලැබූවක් විය හැක. එසේත් නැතහොත් අනුමත කරන ලද දෙයක් විය හැක.

අල්ලාහ් යමක් ගැන නියඬ වී, එය ඔහු විසින් අනිවාර්ය නො කළ, එයට සීමා මායිම් නො පැනවූ, එය නො වැළැක් වූ දෙයක් වී නම්, එය හලාල් හෙවත් අනුමත වන්නේය.

කොටස් වශයෙන් බෙදමින් පැහැදිලිව විග්‍රහ කිරීම තුළින් මෙම හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ විස්තර ක්‍රමයේ අලංකාරය.

උත්තරීතර අල්ලාහ්ගේ නියමයන් පිළිපැදීමේ අනිවාර්යය භාවය.

උත්තරීතර අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යෑමේ තහනම.

මූලාශ්‍ර

සුන්න අද් දාරකුත්නී (4396).

තවත් බලන්න (4)

المعجم الكبير للطبراني (22/221).

جامع العلوم والحكم (ص617).

شرح الأربعين النووية للعثيمين (ص309).

توضيح الأحكام من بلوغ المرام (6/ 210).