Skip to content

සමීප වී විධිමත්ව කටයුතු කරනු. ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු ඔහුගේ ක්‍රියාවෙන් පමණක් ජය නො ලබන බව දැන ගනු." ඔවුහු අල්ලාහ්ගේ දූතයාණනි! ඔබත් එසේ නො වන්නෙහි?" යැයි විමසුවෝය. එතුමාණෝ: "අල්ලාහ්ගේ කරුණාව හා භාග්‍යය තුළින් ඔහු මා ආවරණය කිරීමෙන් මිස මම ද එසේ නොවෙමි" යැයි පැවසූහ

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"සමීප වී විධිමත්ව කටයුතු කරනු. ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු ඔහුගේ ක්‍රියාවෙන් පමණක් ජය නො ලබන බව දැන ගනු." ඔවුහු අල්ලාහ්ගේ දූතයාණනි! ඔබත් එසේ නො වන්නෙහි?" යැයි විමසුවෝය. එතුමාණෝ: "අල්ලාහ්ගේ කරුණාව හා භාග්‍යය තුළින් ඔහු මා ආවරණය කිරීමෙන් මිස මම ද එසේ නොවෙමි" යැයි පැවසූහ.

«قَارِبُوا وَسَدِّدُوا، وَاعْلَمُوا أَنَّهُ لَنْ يَنْجُوَ أَحَدٌ مِنْكُمْ بِعَمَلِهِ» قَالُوا: يَا رَسُولَ اللهِ وَلَا أَنْتَ؟ قَالَ: «وَلَا أَنَا، إِلَّا أَنْ يَتَغَمَّدَنِيَ اللهُ بِرَحْمَةٍ مِنْهُ وَفَضْلٍ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කටයුතු විධිමත්ව ඉටු කරන මෙන් ද, අතිශයෝක්තියකින් හෝ අඩුපාට සිදු කිරීමකින් තොරව, තමන්ට හැකි පමණින් අල්ලාහ්ට බියවන මෙන් ද, තමන් කරන ක්‍රියාව අල්ලාහ් වෙනුවෙන් අවංකව පුදකිරීමේ හා නබි තුමාණන්ගේ සුන්නාව පිළිපැදීමේ අපේක්ෂාවෙන් ඉටු කරන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගන්වා ඇත. කටයුතු පිළිගනු ලබන්නේ එවිටය. එමෙන්ම ඔවුන් වෙත කරුණාව පහළ වීමටත් එය හේතුවක් බවට පත්වනු ඇත. අනතුරුව, ඔබ අතරින් කිසිවකු හෝ ක්‍රියා සිදුකළ පමණින් අපා ගින්නෙන් මිදෙන්නේ නැති බවත්, ඒ සඳහා අල්ලාහ්ගේ කරුණාව ද අවශ්‍ය බවත් එතුමාණෝ ඔවුනට දන්වා සිටියහ. ඔවුහු, "අල්ලාහ්ගේ දූතයාණනි! ඉමහත් සේ ප්‍රයත්න දරමින් ඔබ කළ ඔබේ ක්‍රියාව පවා ඔබව ආරක්ෂා නො කරන්නේ ද?" යැයි විමසුවෝය. එවිට එතුමාණෝ, "මම පවා එලෙසම ය. නමුත් අල්ලාහ්ගේ කරුණාවේ භාග්‍යයෙන් ඔහු මා ආවරණය කරන්නේ නම් මිස." යැයි පැවසුහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

නවවි තුමා මෙසේ පවසයි: "සමීපයෙන් කටයුතු කරනු. විධිමත්ව කටයුතු කරනු." එනම් විධිමත් මඟ සොයනු; ඒ පිළිබඳ දැන ගනු යන්නයි. ඒ සඳහා ඔබ අපොහොසත් වූයේ නම් ඒ වෙත සමීප වනු. එනම් එයට ළං වනු. විධිමත් යන අරුථ දෙන සදාද් නම් අරාබි පදය නිවැරදි යන අර්ථය ද ගනී. එය සීමාව ඉක්මයෑම හා නොසළකා හැරීම යන මාර්ග දෙක අතර මැද පවත්නා මැදි මාර්ගයකි. එහෙයින් අතිශයෝක්තියෙන් කටයුතු නොකරනු, එමෙන්ම අඩුපාඩු සහිතව කටයුතු නොකරනු.

ඉබ්නු බාස් තුමා මෙසේ පවසයි."දැහැමි ක්‍රියාවන් ස්වර්ගයට පිවිසීමේ හේතු සාධක වේ. එමෙන්ම දුෂ්ඨ ක්‍රියාවන් අපා ගින්නට පිවිසීමේ හේතු සාධක වේ. මෙම හදීසයේ පැහැදිලි කර සිටිනුයේ ඔවුන් ස්වර්ගයට පිවිසීමේ ක්‍රියාවලිය දැහැමි ක්‍රියාවන් කළ පමණින් සිදු නොවන බවය. නමුත් ඒ සඳහා අල්ලාහ්ගේ සමාව හා ඔහුගේ කරුණාව අවශ්‍ය වේ. ඔවුන් ඔවුන්ගේ ක්‍රියාවන් හේතුවෙන් ස්වර්ගයට පිවිසෙන නමුත් එය අනිවාර්යය කරනුයේ සුවිශුද්ධ අල්ලාහ්ගේ කරුණාව, ඔහුගේ දයාව හා සමාවය.

ගැත්තා තමන් විසින් කොතරම් අධික ලෙස යහකම් වල යෙදුන ද එමඟින් ඔහු තමාව රවටා ගැනීම ඒ පිළිබඳ උඬඟු වීම නොකළ යුතුයි. හේතුව අල්ලාහ් ඔහුගේ ක්‍රියාවට වඩා ඉමහත් වන බැවිනි. එබැවින්, බිය හා බලාපොරොත්තුව යන දෙකම ගැත්තාට අවශ්‍ය වේ.

ගැත්තන්ගේ ක්‍රියාවන්ට වඩා ඔවුන් කෙරෙහි පවතින අල්ලාහ්ගේ භාග්‍යය හා කරුණාව ඉමහත්ය.

දැහැමි ක්‍රියාවන් වනාහි, ස්වර්ගයට පිවිසීම සඳහා වන හේතු සාධක වේ. සාර්තකත්වය ඇත්තේ එමගිනි. සැබැවින්ම එය අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව තුළින් වේ.

කර්මානී තුමා මෙසේ පවසයි: සියලුම මිනිසුන් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් තොරව ස්වර්ගයට පිවිසෙන්නේ නැති නම්, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙනෙහි කළ විශේෂ කරුණ වනුයේ, ඔහු ස්වර්ගයට පිවිසීම ස්තීර වූ නමුත් අල්ලාහ්ගේ කරුණාවෙන් තොරව එයට නොපිවිසෙන බවයි.

නවවි තුමා මෙසේ පවසයි: "නුඹලා කරමින් සිටි දෑ හේතුවෙන් ස්වර්ගයට පිවිසෙනු" (අන්-නහ්ල්:32), "මෙම ස්වර්ගය ඔවුන් උරුම කර ගනුයේ ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙනි." (අස්-සුක්රුෆ්: 72) යනාදී මෙවන් පාඨ 'සැබැවින්ම ස්වර්ගයට පිවිසීමට හේතුවනුයේ කරනු ලබන ක්‍රියාවන්' බව පෙන්වා දෙයි. අල්ලාහ්ගේ මෙම පාඨවල අර්ථයට මෙම හදීසය පටහැනි වන්නේ නැත. මෙම පාඨවල අදහස සැබැවින්ම ස්වර්ගයට පිවිසීමට කරනු ලබන ක්‍රියාවන් හේතුවන බවත් අනතුරුව එම ක්‍රියාවන් සිදු කිරීමට ආශිර්වාද ලැබිය යුතු බවත් එහිදී නිහතමානීත්වය සඳහා මඟ පෙන්වීම හා ඒවා පිළිගනු ලැබීමට උත්තරීතර අල්ලාහ්ගේ කරුණාව හා භාග්‍යය අවශ්‍ය බවත්ය. ඒ අනුව ක්‍රියාවන් සිදු කළ පමණින් ස්වර්ගයට පිවිසෙන්නේ නැති බව පැවසීම නිවැරදිය. මෙම හදීසයේ අදහස එයයි. සැබැවින්ම ඔහු ක්‍රියාවන් තුළින් ස්වර්ගයට පිවිසීම යනු නිවැරදිය. එනම් ඒවා හේතු කොටගෙනය. එය සිදුවනුයේ ආශිර්වාදය හරහාය.

ඉබ්නු අල්-ජව්සී තුමා මෙසේ පවසයි: මේ ගැන පිළිතුරු හතරක් ඇත; එනම්: සැබැවින්ම ක්‍රියාවන් සඳහා වන ආශිර්වාදය අල්ලාහ්ගේ කරුණාවෙන් වූවකි. අල්ලාගේ පූර්ව කරුණාව නොමැති නම් ඊමානය හෝ සාර්ථකත්වය ලැබීමේ අවනතවීම් සිදු වන්නේ නැත. දෙවැන්න: ගැත්තාට අල්ලාහ් කොතරම් ප්‍රතිඵල පිරිනැමුව ද එය ඔහුගේ භාග්‍යය තුළිනි. තුන්වැන්න: ඇතැම් හදීස්වල සඳහන්ව ඇත්තේ ස්වර්ගයට පිවිසීමේ ක්‍රියාවලිය සිදු වන්නේ අල්ලාහ්ගේ ආශිර්වාදය හේතුවෙනි. ක්‍රියාවන් අනුව තරාතිරම් වෙන් කිරීම සිදු වේ. සිව්වැන්න: සැබැවින්ම අවනතවීමේ ක්‍රියාකාරකම් පවතිනුයේ ඉතා කෙටි කාලයක් තුළ ය. කුසල් අහිමි වන්නේ නැත. ප්‍රතිඵල ලැබීමේ දී අහිමි නොකරන ආශිර්වාදය භාග්‍යය හේතුවෙන් හෝ ක්‍රියාවන් සිදු කළ හේතුවෙන් හෝ අහිමි වී යන්නේ නැත.

රාෆී තුමා මෙසේ පවසයි: සැබැවින්ම නැමදුම් ඉටු කරන්නා සාර්ථකත්වය හා තරාතිරම් හිමි කර ගැනීමේ දී ඔහුගේ ක්‍රියාව මත පමණක් විශ්වාසය නොතැබිය යුතුය.එය අල්ලාහ්ගේ භාග්‍යයක් ද වේ. ඊට හේතුව සැබැවින්ම ක්‍රියාව අල්ලාහ්ගේ ආශිර්වාදය තුළින් සිදුවන්නක් බැවිනි. සැබැවින්ම ඔහු පාපය අත්හරින්නේ ද අල්ලාහ්ගේ රැකවරණය හේතුවෙනි. ඒ සියලු දෑ අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව තුළින් සිදු වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (7/ 121) (5673).

සහීහ් මුස්ලිම් (4/ 2170) (2816).

තවත් බලන්න (8)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 165).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (2/ 321).

شرح رياض الصالحين.

لابن عثيمين (1/ 573).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 130).