“කවරෙකු අපට එරෙහි ව අවි එසෙව්වේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“කවරෙකු අපට එරෙහි ව අවි එසෙව්වේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය."
«مَنْ حَمَلَ عَلَيْنَا السِّلَاحَ فَلَيْسَ مِنَّا».
මුස්ලිම්වරුන් බිය වැද්දීමට හෝ ඔවුන් කොල්ලකන්නට හෝ ඔවුනට එරෙහිව අවි ආයුධ එසවීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. කිසිදු යුක්තියකින් තොරව කවරෙකු එසේ සිදු කළේ ද සැබැවින්ම ඔහු මහා පාපයන් අතරින් බරපතල වරදක් සිදු කළේය. මෙම දැඩි අවවාදයට ඔහු නියම වන්නේය.
من حمل علينا السلاح: المقصود به من حمل السلاح؛ لقتال المسلمين أو لإرهاربهم.
මුස්ලිම්වරයකු තම සහෝදර මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් කෙරෙන දැඩි අවවාදය.
මහපොළොවේ සිදු කෙරෙන බරපතලම දුෂ්ට ක්‍රියාව හා වඩාත් පිළිකුල් සහගත කරුණ වනුයේ මුස්ලිම්වරුන්ට එරෙහිව අවි ආයුධ ගැනීම හා ඔවුන් ඝාතනය කරමින් දූෂ්ටකම පැතිරීමය.
ඉහත සඳහන් කරන ලද අවවාදය, අපරාධකරුවන් හා දූෂිතයන්ට එරෙහිව සටන් කිරීම වැනි යුක්ති සහගතව හා සාධාරණ ලෙස සටන් කරන අයට අදාල වන්නේ නැත.
විහිළුවට හෝ වේවා අවි ආයුධ පෙන්වා හෝ වෙනත් අයුරකින් මුස්ලිම්වරුන් බිය වැද්දීමේ තහනම.
සහීහුුල් බුහාරි (9/ 49) (7071).
සහීහ් මුස්ලිම් (1/ 98) (100).
තවත් බලන්න (8)
خلاصة الكلام شرح عمدة الأحكام.
لفيصل آل مبارك (ص406).
الإفهام في شرح عمدة الأحكام.
لابن باز (ص815).
الإلمام بشرح عمدة الأحكام.
لإسماعيل الأنصاري (2/ 195).
تيسير العلام شرح عمدة الأحكام.
لعبد الله البسام (ص752).