Skip to content

ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථාන මුස්ලිම් දේවස්ථාන වන අතර ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම පිළිකුල් සහගත ස්ථාන වෙළඳපොළවල් වේ

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථාන මුස්ලිම් දේවස්ථාන වන අතර ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම පිළිකුල් සහගත ස්ථාන වෙළඳපොළවල් වේ."

«أَحَبُّ الْبِلَادِ إِلَى اللهِ مَسَاجِدُهَا، وَأَبْغَضُ الْبِلَادِ إِلَى اللهِ أَسْوَاقُهَا».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ප්‍රදේශයක අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථානය මස්ජිද් වේ. මක්නිසාදයත් ඒවා නැමදුම් කිරීමේ නිවෙස් වන බැවිනි. ඒවා ස්ථාපනය කර ඇත්තේ භක්තියෙන් යුතුව ය. එමෙන්ම ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත් පිළිකුල් සහගත ස්ථාන එහි ඇති කඩසාප්පු වේ. මක්නිසාදයත් බොහෝ වේලාවට එම ස්ථානවල වංචාව, දූෂණය, පොලිය, බොරු දිවුරුම්, ප්‍රතිඥා කඩ කිරීම් හා අල්ලාහ්ව මෙනෙහි කිරීමට බාධා පමුණුවන අවස්ථාවන් විය හැකි බැවිනි.

හදීසයෙන් උගත හැකි පාඩම්

මස්ජිද් හා ඒවා පිහිටා ඇති ස්ථානවල ගෞරවය. මක්නිසාද යත් ඒවා අල්ලාහ්ගේ නාමය අධික ලෙස මෙනෙහි කරනු ලබන නිවෙස් වන බැවිනි.

උත්තරීතර අල්ලාහ්ගේ ආදරය හා ඔහු තෘප්තිය සොයමින් මස්ජිද් වෙත අධික ලෙස නිතර පියනගා ඒ හා බැඳී සිටින්නට උනන්දු කිරීම. එමෙන්ම කෝපයට තුඩු දෙන කරුණුවලින් වැළකෙනු වස් අවශ්‍යතාවයකින් තොරව කඩසාප්පු වෙත නිතර යෑම අඩු කර ගැනීමට ද උනන්දු කිරීම.

නවවි තුමා මෙසේ පවසයි: මස්ජිද් වනාහි ආශිර්වාද පහළවන ස්ථාන වන අතර. කඩ සාප්පු වනාහි එයට විරුද්ධව පිහිටන ස්ථාන වේ.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 464) (671).

තවත් බලන්න (8)

نزهة المتقين.

لمجموعة من الباحثين (2/ 1250).

بهجة الناظرين.

لسليم الهلالي (3/ 305).

شرح رياض الصالحين.

لابن عثيمين (6/ 655).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (21/ 526).