“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දිල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”
«بُنِيَ الْإِسْلَامُ عَلَى خَمْسٍ: شَهَادَةِ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ، وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ، وَإِقَامِ الصَّلَاةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَحَجِّ الْبَيْتِ، وَصَوْمِ رَمَضَانَ».
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඉස්ලාම් දහමේ මූලිකාංග පහ සමාන කළේ ගොඩනැගිල්ලකට ආධාරක ලෙස පිහිටා ඇති කුළුණු පහකටය. ඉස්ලාමයේ ඉතිරි කරුණු ගොඩනැගිල්ල සම්පූර්ණ කරන්නක් වැනි ය. පළමු මූලිකාංගය වනුයේ: සාක්ෂියේ ප්‍රකාශ දෙකයි; එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බවට සාක්ෂි දැරීම හා සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවට සාක්ෂි දැරීමය. ඒ දෙකින් එකක් අනෙකෙන් වෙන් කළ නොහැකි ය. අල්ලාහ්ගේ ඒකීයත්වය හා නැමදුමට සුදුස්සා ඔහු පමණක් හැර වෙනත් කිසිවෙකු නැති බව පිළිගනිමින්, එය අපේක්ෂා කරන කරුණු ක්‍රියාවට නංවමින්, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පණිවිඩය විශ්වාස කරමින් හා ඔහුව අනුගමනය කරමින් ගැත්තෙකු මෙම වදන් දෙක ප්‍රකාශ කරයි. දෙවන මූලිකාංගය: සලාතය විධිමත්ව ස්ථාපිත කිරීමය. එනම් රාත්‍රියේ සහ දහවල් කාලයේ අනිවාර්යය කරන ලද ෆජ්ර්, ළුහර්, අසර්, මග්රිබ් සහ ඉෂා යන සලාත් වාර පහ ඒවායෙහි රීති, මූලිකාංග හා අනිවාර්යය දෑ පිළිපදිමින් ඉටු කිරීමය. තුන්වන මූලිකාංගය: නියම කරන ලද සකාත් නිකුත් කිරීමය. ආගමික නීතිය තුළ නියම කරන ලද නියමිත ප්‍රමාණය ලබා ඇති සෑම ධනයකම අනිවාර්යය කරන ලද මූල්‍යමය වශයෙන් ඉටු කරන නැමදුමකි. ඒවා නියමිත අය වෙත පිරිනමනු ලැබේ. සිව්වැනි මූලිකාංගය: හජ්, එනම් සර්ව බලධාරී අල්ලාහ්ට නැමදුම් වශයෙන් කෙරෙන වන්දනා කටයුතු ඉටු කිරීම සඳහා මක්කාව දෙසට පිය නැගීමය. පස්වන මූලිකාංගය: රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම, එනම් අල්ලාහ් වෙනුවෙන් සිදු කරන නැමදුමක් බවට අදිටන් කරමින්, අළුයම් කාලයේ සිට හිරු අවරට යන තෙක් කෑමෙන් බීමෙන් හා උපවාසය කඩ කරන අනෙකුත් ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමය.
සාක්ෂියේ ප්‍රකාශ දෙක වෙන් කළ නොහැකි බැවින්, එකක් අනෙකක් නොමැතිව වලංගු වන්නේ නැත. එබැවින් ඒ දෙක එක් මූලිකාංගයක් ලෙස නියම කර ඇත.
සාක්ෂියේ මෙම ප්‍රකාශ දෙක දහමේ මූලික පදනමයි. මේ දෙකින් තොරව කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් හෝ පිළිගනු නො ලැබේ.
සහීහුුල් බුහාරි (1/ 11) (8).
සහීහ් මුස්ලිම් (1/ 45) (16).
තවත් බලන්න (8)
و(1/ 88) (82).
فتح الباري لابن رجب (1/ 22).
جامع العلوم والحكم (1/147).
شرح الأربعين لابن العطّار (ص 62).
شرح الأربعين النووية لعبد الكريم الخضير (ص 87).
فتح القوي المتين في شرح الأربعين للعباد (ص 29).
شرح الأربعين النووية لصالح آل الشيخ (ص 91 - 95).
التحفة الربانية لإسماعيل الأنصاري (ص 12).
පොත්වල උපුටා දක්වා ඇත
5 පොත්තවත් බලන්න (5)
- المناهج التعليمية - الصف السادسالمناهج الدراسية - الفقه - الصف السادس «بُنِيَ الإِسْلَامُ عَلَى خَمْسٍ: شَهَادَةِ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ، وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ، وَإِقَامِ الصَّلَاةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَصَوْمِ رَمَضَانَ، وَحَجِّ الْبَيْتِ»[16].
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولى«بُنِيَ الإِسْلَامُ عَلَى خَمْسٍ: شَهَادَةِ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، وَإِقَامِ الصَّلَاةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَحَجِّ البَيْتِ، وَصَوْمِ رَمَضَانَ» [55].
- قاموس الكبائر«بُنِيَ الإِسْلَامُ عَلَى خَمْسٍ: شَهَادَةِ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، وَإِقَامِ الصَّلَاةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَحَجِّ البَيْتِ، وَصَوْمِ رَمَضَانَ» [55].
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الرابعة«بُنِيَ الإِسْلامُ عَلَى خَمْسٍ: شَهَادَةِ أَنْ لا إِلَهَ إِلا اللَّهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، وَإِقَامِ الصَّلاةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَحَجِّ البَيْتِ، وَصَوْمِ رَمَضَانَ»[43].
- ما لا يسع المسلم جهله«بُنِيَ الإِسْلَامُ عَلَى خَمْسٍ: شَهَادَةِ أَنْ لَا إِلٰهَ إِلَّا اللَّـهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّـهِ، وَإِقَامِ الصَّلَاةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَحَجِّ الْبَيْتِ، وَصَوْمِ رَمَضَانَ» [42].