Skip to content

ඔබ අතරින් ශ්‍රේෂ්ඨ වනුයේ අල් කුර්ආනය හදාරා එය උගන්වන්නාය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"ඔබ අතරින් ශ්‍රේෂ්ඨ වනුයේ අල් කුර්ආනය හදාරා එය උගන්වන්නාය."

«خَيْرُكُمْ مَنْ تَعَلَّمَ الْقُرْآنَ وَعَلَّمَهُ».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මුස්ලිම්වරුන් අතර අල්ලාහ් අබියස නිලයෙන් වඩාත් උසස් හා උතුම් අය වනුයේ අල් කුර්ආනය කියවීමෙන්, කටපාඩම් කිරිමෙන්, ඒ ගැන අවබෝධය ලැබීමෙන් හා එහි අර්ථකතනය පරිශීලනය කිරීමෙන් එය හදාරා, ඒ අනුව කටයුතු කරමින් ඔහු සතුව ඇති අල් කුර්ආනීය දැනුම අන් අයට උගන්වන්නා බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.

හදීසයෙන් උගත හැකි පාඩම්

අල් කුර්ආනයේ මහිමය විස්තර කිරීම, සැබැවින් එය අල්ලාහ්ගේ ප්‍රකාශය වන බැවින් ප්‍රකාශ අතරින් එය උතුම්ම ප්‍රකාශය වේ.

දැනුම හදාරන ශ්‍රේෂ්ඨ අය වනුයේ තමන් තුළ පමණක් එය සීමා නොකර අන් අයට ද එය උගන්වන්නාය.

අල් කුර්ආනය ඉගෙන, අන් අයට ඉගැන්වීම යන්නෙහි එය කියවීම, තේරුම් ගැනීම හා නීති හැදෑරීම ඇතුළත් වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (6/ 192) (5027).

තවත් බලන්න (8)

فتح الباري شرح صحيح البخاري.

لابن حجر العسقلاني (1/ 374).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 226).

نزهة المتقين شرح رياض الصالحين.

لمصطفى الخن وغيره (1/ 740).

شرح رياض الصالحين.

لابن عثيمين (4/ 638).